Tuesday, July 5, 2011

හැඟුමක පැහැය


තබනා හැම පියවරකම
දැනෙන හිස් බව
සුසුම් සිර කර
හද රිදන තනිකම
ගත රිදවා මදනල
දෙන සිසිලස
නෙතු අග රිද්දයි
තෙමමින් දෙකොපුල
නුඹ ලඟ වුන් කල
නොදැනුනු හැඟුමක
පැහැය
අද වර්ණවත් කරයි
මා මුළු හද මඬල....

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails