Tuesday, July 5, 2011

වෙසඟන වත...


ඔබ නැවත පැමිණි විට
දෙතොල් උල් කොට පාමි මම....

"ආදරයට ඕනි දෙයක්"
නැවත මම මටම මුමුණමි.

මුදල් උදෙසා
අප කරන දේ බොහෝය.

හාදුවකට ඔබ නැඹුරු වන විට
මේ මාදැයි මට විශ්වාස නැත.

දිලිහෙන පාවහන්
කඩවසම් බැල්ම
මතකද ඔබට ?
ඒ සාදයේ තරුව විය ඔබ....

ඉඟි බිඟි ඇරඹුවේ ඔබමය.
ඉන්පසු සිදුවූ දේ
මට මතක නැත.

ඔබ තමා හොඳම
ප්රියයි මා ඔබට
කණට කෙඳිරුවා ඔබ.

කලකිරුණෙමි මම
ඉනික්බිතිව....
කඳුළු අතරින් සටන් වැදුනෙමි
අවිශ්වාසය හදෙහි රජකල.

සැතපීම අසීරුය මට
මගේ පහත් වෘත්තිය
රැයේ සිතුවිලි පුරාලයි.

පිළිකුල් කරයි මා
දනිතොත් නෑ සියන්
ලේ සබඳකම් අහිමි කල
කොන්දේසි විරහිත ආදරය.

ගැලවීමක් නොමැත
ඇබ්බැහි වී ඇත
ජීවිතය.

අදත් රැය නැඟ එන විට
අඳුරු පටු මං දිගේ
වීදි මාවත් දිගේ
සැරිසරමි මම...

ඉදිරියේ වන දේ නොදැන.

මා පුරාලන්නට යමෙකු සොයමින්
පහත් ආශා සපුරමින්
රඟමඩලක් කරමින්
මා ගත...

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails