Tuesday, July 5, 2011

මතක තෙත
පුරා යත්‍ර ශ්‍රෝත, පුලින මධූනා තත්‍ර සරිතාම්
(පෙර දිනයේ යම් තැනක දිය දහරක් වී ද එතැන දැන් වැලි තලාවකි)

මතක තෙත
තවම ඇත
ගැඹුරත
රහසක් සේ
සුරැකිව

අත ගා පතුල
සිලිටි ව
සතපා
මද මත් බවක
ගලා ගිය එදවසම
සිහිවේ නිතර

දැවෙන විට දහවල
රිදෙන වියලෙන විට
නැත ද ඔබ
ඇත මට
ඔබ දුන් මතක තෙත
පිහිටට
Isuru Chamara Somaweera | ඉසුරු චාමර සෝමවීර (boondi.lk)

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails