Tuesday, July 5, 2011

යෝජිත මනාළියට

යෝජිත මනාළියට
ඔව්.....

මා ඔබට ආදරය කරනු ඇත
දවසට දෙවරක් දත් මදින ලෙස
කෑමට පෙර අත සෝදන ලෙස
කෙනෙකු ලෙස
කෙනෙකු සිනාසුන විට
පෙරළා සිනාසෙන ලෙස

ඔව් නියතයෙන්ම
අප ආදරයෙන් බැඳුනු
යුවළක් වනු ඇත
ඔව් ආදරයෙන් බැඳුනු...

එහෙත්,
නිදිකුම්බා කටුවක් වැනි
සියුම් යමක්
මා තුළ කෙවෙමින්, පාරමින්
පවතිනු ඇත
සදහට ම

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails