Tuesday, July 5, 2011

නාමල් උඹ නොවෙද අපෙ ජාතික පුස්පේ?



නාමල්ට ජපුරෙන් සම්මාන ආචාර්ය උපාධි යෝජනාවක්!
-පුවතක්- රාවය. 2010.12.12


මුහුණ නොසෝදයි නොනිදයි කුමරු ඇස
අරුණ උදේ සිට රට වැසි දනන් අස!
"තරුණ කොමට හෙට" සද සද වැඩට බැස
පුරන එපින් පල දෙයි බොල මෙදිය කුස

වඳුරට ලැබුණු විට සරසවි දැලි පීය
පඳුරට එක බැගින් ආචාරියො ඒය
ඇදුරට බලාගෙන! ආරස්සා මදිය
පඳුරට හලංඩට බා-චුල්ලන් ඒය!

නැප්පිය පිටින් බබ්බුත් රට කොරන කොට
ඩප්පිය වගේ පුපුරනවා හිඟනකොම
නප්පිය ළඟට තද වෙනවා ඇහෙනකොට
පිප්පිය වැටෙන්ඩත් කලියෙං ඇදුරුකොම!

දිගත පතළ සුවඳැති සොඳ සඳුන් කඳ
වියත වියත ටික ටික හෙළි වෙයි "සුවඳ"!
අපත කමට පැන පැන කැසුවාට දද
සිඳිත හැකිද ඇදුරනි උරුලෑ දුගඳ?

"ඌරල් මුහුණු ඊරිසියාවෙන් පප්පේ
ආවල් එකාක් හින්දද මුන්ගේ හුප්පේ?"

"කාවල් කොළත් වලකනු බෑ පින පිප්පේ
නාමල් උඹ නොවෙද අපෙ ජාතික පුස්පේ?"

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails