Tuesday, July 5, 2011

ආදරය


දෙවියනි, ඔබ වැනිය
ඔවුන් පවසන ආදරය
ඉවසන සුලුය, වහා නොකිපෙන සුලුය
අප වැනි කුඩා මිනිසුන්ට
ඉසිලිය නොහැකි ලෙස
බරය, සුවිසල්ය

දෙවියනි, හරියටම ඔබ වැනිමය
ඔවුන් පවසන ආදරය
ඇති බව කියති
නමුදූ දූටුවෙක් නොමැති

අප වැනි කන,බොන
හඬන, හිනැහෙන,
කුඩා මිනිසුන්ට නොවැටහෙන තරමට
ඔබ තරමටම ගැඹුරැය,
ඔවුන් පවසන ආදරය

ඉතින් අපි කමින්, බොමින්
හඬමින්, හිනැහෙමින්
රමණයෙහි යෙදෙමින් සිටින්නෙමු
නොදකින, නොවැටහෙන බැවින්
ඔවුන් පවසන ආදරය

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails