සිත් විල පිපි
අරවින්දය සේ.....
ඇහැරෙන විට පෙති
එකි නෙක රහසේ.....
මිටි කරගත්තෙමි
සෙනෙහස දෝතේ.....
වාන් දමන විට
සද දිය අහසේ.....
භවයෙන් භවයට පෙරුමන් පිරුවේ
හුස්මෙන් හුස්මට සෙනෙහස පිදුවේ
ළෙංගතු පෙම් මල් සිත තුල පිපුනේ
පියා සලන විට විහඟුන් අහසේ
මං ඇස් පියාගෙන නිදි සුව විදින කොට…
මගෙ අප්පච්චි ඇස් ඇරගෙන නිදි වැරුවා…
මං ඇස් තද කරලා එක හීනෙක පැටලෙන කොට..
මගෙ අප්පච්චි ඇස් ඇරගෙන හීන ගොඩ ගැහුවා…
මං ඇස් ඇරලා ලෝකෙ දිහා බලන කොට…
මගෙ අප්පච්චි ඇස් නොපියා මං දිහා බලා ඉන්නවා…
ඩෙනිස්ගේ දස්කම් | "පැණි කොමඩු මාවත" | ||||
| ||||
"අපෝ, මට එපා.." "කතා කරන්න එපා!" අම්මා සැර කළා. "මේ යොදය පිරිලා.." "මොන යොදයක්ද?" තාත්තා ආවා. එයා අපි දිහා බලලා, "මොකද දෙන්නත් එක්ක බර කතාවක්" කියලා ඇහුවා. "බලන්නකෝ මෙයාගෙ විකාර! මේ කෑම කන්න බෑ කියනව. මෙයා තව ටික දවසකින් අවුරුදු එකොළහ ලබනව. ඒත් තාමත් තොත්ත බබෙක් වගේ වැඩ කරන්නෙ.." මට තව ටික දවසකින් ලබන්නේ අවුරුදු නවය. ඒත් අම්මා හැමතිස්සෙක කියන්නෙ මට එකොළහක් වෙනව කියල. මට අවුරුදු අටේදි එයා කිය කිය හිටියේ මට ඊලඟට ලබන්නේ දහය කියලා. "ඇයි මෙයා කන්නෙ නැත්තෙ?" තාත්තා ඇහුවා. "ඇයි සුප් එක කරවුණාද? එහෙම නැත්තං ලුණු වැඩි වුණාද?" "මේ උණු කරපු කිරියි, නූඩ්ල්සුයි. ඒ මදිවට යොදේ පිරිලා" තාත්තා ඔලුව වැනුවා. "හා. ඒකත් එහෙමද! අපේ මහරජතුමට මේ කෑම රහ මදිවෙලා. එයාට රිදී බාජනේක දාලා අමෘතෙ ඕනෙ වෙලා!" මට හිනා. තාත්තා හැම තිස්සෙම ඔහොම විහිළු කරනවා. "මොනවද අමෘතෙ කියන්නෙ..." "මන් දන්නෙ නෑ. මොනව හරි රහම ජාතියක්. ඔන්න ඔය සුප් එක බීලා දාන්න ඩෙනිස්.." "ඒත් තාත්තෙ මේකෙ යොදේ තියනව" "ඔයාට සැප වැඩිවෙලා කොල්ලෝ!" තාත්තා එහෙම කියල අම්මා දිහාට හැරුණා. "මෙයාගෙ පිඟාන අයින්කරන්න. මට මෙයා දිහා බලන්නත් එපා වෙනවා. මෙයාට ත්‍රිපෝෂ කන්නත් බෑ. නූඩ්ල්ස් සුප් බොන්නත් බෑ. පුදුම වදයක්නෙ! මට නං මෙව දැකල ඇති වෙලා..." තාත්තා මගෙ ඉස්සරහපිට වාඩිවෙලා මං දිහා බැලුවෙ ජීවිතේ කවදාවත් මාව දැකලා නෑ වගෙ. එයා මොනවත් කිව්වෙ නෑ. ඒත් එකදිගටම මං දිහා බලාගෙන හිටියා. මං වහාම හිනාවෙන එක නැවැත්තුවා. මට තේරුණා මේක තව දුරටත් විහිළුවක් නෙමෙයි කියලා. තාත්තා එහෙමම සද්දයක් නැතුව හිටියා. අම්මයි මමයි ගල් ගැහිලා වගෙ හිටියා. ඊට පස්සෙ ඔන්න තාත්තා කතා කරන්න පටන් ගත්තා. ඒත් එයා කතා කළේ මටවත් අම්මටවත් නෙමෙයි. හරියට අපිට න්පෙනෙන කෙනෙකුට්‍ර වගේ. "මං හිතන්නෙ නෑ කවදාවත් මට ඒ නරක සරත් කාලෙ අමතක වෙයි කියලා" තාත්තා කිවුවා. "මොස්කව් නගරෙ හරිම සීතලට අඳුරු වෙලා තිබුණ. ඒ යුද්ද කාලේ. නාසි හමුදා නගරෙට ගහන්න පටන් අරන්. අපි හැමෝම සීතලෙන්, බඩ ගින්නෙන් මිරිකිලා හිටියේ. මිනිස්සුන්ගෙ මූණෙ හිනාවක් නෑ.හැමෝම පැයෙන් පැයට රේඩියෝ එකෙ ප්‍රවෘත්ති අහනව" "මට ඒ කාලේ අවුරුදු එකොළහක විතර ඇති. මං හරි වේගෙන් වැඩුණ. ඉක්මනට උස ගියා. ඒ හින්දම හැම තිස්සෙම බඩගිනි ආවා. කවදාවත් බඩ පිරෙන කල් කන්න හම්බවුණේ නෑ. මං හැම තිස්සෙම අම්මගෙන් කෑම ඉල්ලුවා. ඒත් ඒගොල්ලන්ට ලැබුණෙ පුංචි පාන් සලාකයක් විතරයි. ඒක තමයි අපි බෙදාගෙන කෑවෙ. ඒකත් මගෙ බඩට මදි. මං හැමතිස්සෙම නිදාගන්න ගියෙ බඩගින්නෙ. හීනෙන් දැක්කෙ පාන්. හැම තැනම ඔහොමයි. ඒ කාලෙ ගැන කොච්චර දේවල් ලියවිලා තියෙනවද? " "දවසක්දා මං නගරේ පුංචි වීදියක් දිගේ යනකොට, ට්‍රක් එකක පැණි කොමඩු ගොඩ ගහල තියෙනව දැක්ක. මං දන්නෙ නෑ ඒක මොස්කව් නගරෙට කොහොම ඇතුළු වුණාද කියලා. ඒගොල්ලො ආධාර බෙදන කට්ටිය වෙන්නැති. කෙට්ටු මනුස්සයෙක් ට්‍රක් එක උඩ නැගලා හිටියා. එයා කොමඩු ගෙඩියක් අරගෙන ඒක තව මනුස්සයෙක් අතට විසි කලා. එයා ඒක අරගෙන පළතුරු ගබඩාවෙ වැඩකරපු ගෑනු කෙනෙකුට දුන්නා. එයා තව කාට හරි දුන්න. ඔය වගේ මිනිස්සු කට්ටිය එකතු වෙලා, ට්‍රක් එකේ ඉඳල පළතුරු ගබඩාව ඇතුළට කොමඩු අතින් අත යැවුවා. කවුරු හරි දක්කම හිතයි ඒගොල්ලො ඉරි වැටිච්ච කොළපාට බෝල අල්ලන සෙල්ලමක් කරනවය කියල" "මං එතන හිටගෙන හුඟක් වෙලා බලා හිටිය.ට්‍රක් එකෙ හිටපු මනුස්සයෙක් මං දිහා බල බල සැරින් සැරේ හිනා වුණා. එයා හරිම කරුණාවන්ත පාටයි. අන්තිමට ඒගොල්ල දිහා බලාගෙන ඉඳලා මට එපා වුණා. මං ආපහු ගෙදර යන්න හැරෙන කොටම තමයි, ඒ ගොල්ලන්ට පැණි කොමඩු ගෙඩියත් අතෑරුණේ. ලොකු කොමඩු ගෙඩියක් විසිවෙලා ඇවිත් පාරෙ හැපුනා. හරියටම මං ලඟ. ඒක පිපිරුණා. කොමඩු ගෙඩිය ඇතුලෙ රතුපට මදෙයි, කලුපාට ඇටයි එක්ක ඇතුලෙ හීනි සුදුපාට ලෙල්ල... පැණි බේරෙන කොමඩු ගෙඩියයි, ඒකෙ සුවඳයි දැනුනම මට දැනුණා මං කොච්චර බඩගින්නෙද හිටියෙ කියලා. මං අහක බලාගෙන ගෙදර යන්න හැරුණා. අඩි දෙක තුනක් යනකොට මට ඇහුන කවුද කෑගහනව" "ඒයි ළමයෝ...ළමයෝ" "මං හැරුණා. ට්‍රක් එක උඩ ඉඳලා මට හිනාවුණු මනුස්සයා මං දිහාට එනවා. එයා අතේ අර පැලිච්ච කොමඩු ගෙඩිය" "ආ පුතා මේක ගන්න. ගෙදර අරන් යන්න. මේක ඔයාට..." | ||||
| ||||
"ඒ සරත් කාලෙත් සීත දැනෙන්න පටන් අරන් තිබුණ. හිම පියලි වැටිලා හුළඟට පාවෙලා ගියා. අපිට දැං ඉස්සර තරම් වත් කන්න නෑ. නාසි හමුදා මොස්කව් නගරෙට එන්න එන්නම ලංවුණා. මට බඩගිනි වුනා. ඒත් මං ඒ වෙනකොට හීන දැක්කෙ පාන් කන්න නෙමෙයි. පැණි කොමඩුයි පානුයි කන්න. දවසක් දා මං උදේ නැගිටිනකොට බඩ පිටටම ඇලිලා. බඩක් නෑ වගෙයි පෙනුණෙ. මට කෑම ඇරෙන්න වෙන දෙයක් ගැන හිතා ගන්න බැරි වුණා. මං වාල්යා ගේ ගෙදර ගිහින් කිව්වා "අපි පැණි කොමඩු මාවතට යමු. සමහර විට අදත් කොමඩු බාන්න බැරි නෑ. ආයෙමත් ගෙඩියක් විසිවෙලා පැලුණොත් එහෙම අපට ඒක හම්බ වෙයි" කියල. "අපේ ආච්චිලගෙ සාලු කරවල් වටේ ඔතාගෙන, කබායයි තොප්පියි දාගෙන අපි ගියා. ඒ මොකද උහුලන්න බැරි තරං සීත නිසා. අපි පැණි කොමඩු මාවතට ගියා.ඒක හරිම මූසල දවසක්. වීදියෙ මිනිස්සු හිටියෙ නැති තරං. හරිම නිස්සද්දයි. කොහොමටවත් දැං වගෙ නෙමේ. පැණි කොමඩු මාවතේ මිනිස් පුළුටක් වත් නෑ.අපි ගබඩාව ලඟ හිටගෙන පැණි කොමඩු අරන් ට්‍රක් එකක් එනකල් බලා හිටියා. ගොඩක් වෙලා හිටියා. කරුවල වැටුණ. ඒත් තවම ට්‍රක් එක නෑ." "බාගදා හෙට එන්න බැරි නෑ..." මං කිව්වා. "ඔව්. බාගදා හෙට ඒවි.." වාල්යාත් එකඟ වුණා. ඉතිං අපි ආපහු ගෙදර ගියා. ඊලඟ දවසෙත් අපි ආයෙමත් පැණි කොමඩු මාවතට ගියා. ට්‍රක් එකක් තියා මොකක් වත් නෑ. අපි එදා ඉඳන් හැමදාම ගියා. බලාගෙන හිටියා. බලාගෙන හිටියා. ඒත් ඒක කවදාවත් ආයෙ ආවෙ නෑ." තාත්තා කතාව නැවැත්තුවා. එයා ජනෙලෙන් එහා පැත්ත බලාගෙන හිටියෙ හරියට අම්මටවත්, මටවත් පෙන්නෙ නැති දෙයක් දිහා බලාගෙන ඉන්නව වගේ. අම්මා තාත්තා ලඟට ගියා. ඒත් තාත්තා එක පාරටම නැගිටලා කුස්සියෙන් යන්න ගියා. අම්මා තාත්තගෙ පස්සෙන් ගියා. මං තනි වුණා. මමත් තාත්තා කළා වගේ, වාඩිවෙලා ජනේලෙන් එහා පැත්ත බලාගෙන හිටියා. එකපාරටම මටත් තාත්තයි වාල්යයි සීතලෙන් ගැහි ගැහී බලාගෙන ඉන්නව මැවිල පේන්න පටන් ගත්ත. සුළඟයි, හිමයි ඒ ගොල්ලන්ගේ ඇඟවල් වල හැපුණ. ඒගොල්ලො සීතලට ගල් වෙලා. ඒත් හිටගෙන බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. නිකම්ම බලාගෙන ඉන්නව...! මං කොච්චර බය වුණාද කියනවා නං මගෙ පිඟාන බදාගෙන මට පුළුවං තරං හයියෙන් කාගෙන කාගෙන ගියා. ඊට පස්සෙ මං ඒක ඇල කරලා, අන්තිම කිරි බිංදුව දක්වා බීගෙන බීගෙන ගියා. ඊට පස්සෙ පාන් කෑල්ලකින් පිඟාන පිහලා ඒකත් කෑවා. වෙන එකක් තියා හැන්දත් ලෙව කෑවා! | ||||
The Adventures of Dennis by Victor Dragunsky සිංහල පරිවර්තනය "ඩෙනිස්ගේ දස්කම්" කෘතියෙන් උපුටනයකි. මෙම කෘතිය විජේසූරිය ප්‍රකාශනයකි.[2005] | ||||
Victor Dragunsky | වික්ටර් ඩ්‍රැගුන්ස්කි |
ඒ කාලෙ අත්තම්ම කියා දුන් කතාවල දෙවියෝ ද රකුසෝ ද සිටියෝ රකුසෝ නපුර කැඳවත් දෙවියෝ මිනිසුනට පිහිට වෙත් එබැවින් මහරු දෙවිවරු මසිතෙහි ලැගුම් ගත්තෝ දුක් ගිනි නැගෙන මොහොතක රෝ බිය දැණුන දවසක පිහිටක් නොමැති හැම වර දෙවියන් පිහිට යැදුවෙමි ''දෙවියන් මිරිඟුවක් වේ නුඹ විඥානවාදියෙක් වේ'' මගෙ පන්තියේ සොයුරෝ මා හුදෙකලා කෙරුවෝ සොයුරන් දෙසු දහමින් දෙවිවරු බැහැර කෙරුවෙමි ගස් - ගල් වැන්ද සිත මැඩ බුදුගෙයි පිළිම බින්දෙමි එහෙත් වෙනදා මසිත පැවතුණු සන්සුන්කමත් ගිලිහුණි අපමණ තැවුල් කරදර ඇති විට කිසිවකුත් නැති වුණි බිලිඳු මා පුතු උපන් දවසේ සිත යම් තැනක නැවතුණි දැන් දැන් මපුතු ඇසුරේ දෙවියන්, බුදුන් දකිනෙමි පුතු බුදු සිනා කැල්මේ පිවිතුරු බවින් පිබිදෙමි තුරු අග සිනිඳු මල් මත වැඩ හිඳ දෙවිවරුන් කැඳවමි සිහිනෙන් ඉකිබිඳින පුතුනේ දුක දැක හදවතින් වැලපෙමි නළලත සිඹින හුස්මෙන් පුතු දුක් මවෙත ඇදගමි යටි සිත සැඟවූ බුදු රුව පුතු මුව මතින් දකිනෙමි මොළකැටි පුතුගෙ පා යුග බැති සිත පුදා නමදිමි [අඳුරු වන බිමකි අප නිවසන 2008] |
|
සිහින විකුණන මාර ගහ යට දුගී දුප්පත් ලොතරැයි වෙළෙඳ සිටුවර පුංචි හිර ගෙදර සිනාසෙන සිහින මිටින් ගෙන ලෑලි මත ඇණ ගසාගෙන වැතිරෙන යකඩ කටකින් කෑගසාගෙන මාර ගහ යට සින්දු විසිරෙන පුංචි හිරගෙදර දිලිසෙන වෙළෙඳ සිටුවර පා මුල ඉරී වකුටු වෙන සිහින කඳු හැන්දෑවට කුණු කූඩයට රිංගන කඳුළු දිලිසෙන [මාවිල් ආරු නොහොත් මරණයේ දොරටුව 2009] |
මා කැමති යි අරක්කු
බෝතලයක් කඩා ගෙන
ආලින්දයෙන් එපිටට
ඇවිද යන්නට
සයුර ඉදිරියට ගොම්මන් වෙලාවෙහි,
මේ රහමෙර
මුසුව ගාන
ගමන් ම
තොල, විඳ ගනිමින්
සොම්නස හඬ ගා බමන
සුළඟෙහි, ඇන්න දුන්
අප යුද සෙබළුන්
තළා දමමින්
ගම්මුන් හෙළමින් බෝම්බ.
ඔවුහු, දෙමළුන්,
තෝරා ගත්තු යුද්ධය,
මුහුණ පෑ යුතු දැන්
අමිහිරි ප්‍රතිවිපාකවලට
නොපැකිළ,
තනි පයින්
පැන පැන යමින්
අලුත් ස්වාමියෙකු කරා.
මෙය ඉතා පැහැදිලි,
කුමට ලියනු ද
කව් පද තවත්, නැතොත්
හඳිනු පලඳිනු හෝ
සම්භාව්‍ය කෘති කියවනු පවා?
අරක්කු මිහිරි ය,
හුණු ගල් ද
ලුණු ද මිණි ද,
තිබේ නම් උතුරුකරයෙහි
නෙළා ගැනෙනු ඇත
ඒ අපගේ
දකුණුකරය පිනවන්නට
විවේකීව ඇවිදිමින්
උණවටුනෙහි ගෙවූ සැඳෑවන්
අතින් අත ගෙන
සඳ මඬල යට;
පවා ඒ දෙමළ
පිරිමි දරුවා
සිය මවත්
පියාත් අහිමි වුණු
එල්ලය වැරදුණු
මිසයිලයකට ගොදුරුව,
පවසයි ඔහු යා යුතු යැයි
නොනැවතී ඉදිරියට
උගත යුතු යි ශිල්පයක්.
පවතී අලුත්
ගණිත ක්‍රමයක්,
වීසි කරන්න ගණක රාමුව,
බාලයෝ, අපගේ සිහිනය,
අත් හැර දමනු ලැබ ඇත.
ඔබගේ දණ ඔබා
හිස් නමා වඳින්න,
තාමත් අප
කාරුණික ය,
දෙන්නම් ඔබට කුඩා
ඉඩම් කෑල්ලක්
වීදියෙ
පහළට වෙන්න
අලුතින් ලියලපු බෝධිය යි සි
ද්ධස්ථානය යි ළඟින්.
වසන්තය ගෙවෙන දින පිපෙනා මලකටත්... ඔව් නමක් තිබුණා සුළං සැර දරාගනු නොහෙනා එ'මල බිම වැටෙන තැන පුංචි හිම කැට මිදී තිබුණා නියං කල ආකහේ සරනා වැහිලිහිණි පියාපත රිදුණා තිත්ත ගනඳුරක ඇහැ අරිනා දෙනෙත යට කොපුල මත ප්‍රේමයක මං ලකුණු ඇඳුණා සංසාර දොරකඩින් එබෙනා මන්දාරමක් සිත'ග රැඳෙනා සන්තාපයෙන්ම කවි ගොතනා කන්දරාවක් සිහින නින්ද යට කරවටක් ගිලුණා.. අවසාන සුසුම් පොද හෙලනා හදවතක දිග පළල මනිනා ඔබේ ඇස් යළි යළිත් පෙනුණා.. ගෙන්දගම් පොළොව පිට හිස නගන සොහොන මත විටින් විට ඒ එළිය දිළුණා පුංචියට තරු ලකුණු පිපුණා.. |
"ඈත ගම්වල ෂූටිං ගියාම දකින කාන්තාවන් ගැන මට හරි දුකයි. එයාලා ඇත්තටම හරි ලස්ස්නයි. ඒත් ඒ ලස්සන මොනවහරි හේතුවක් නිසා යටපත් වෙලා ගිහින්. මම කැමතියි එයාලා ඒ අයගේ ස්වාමිපුරුෂයොත් එක්කම ඇවිත් අපේ වැඩ මුළුවට සහභාගි වෙනවා නම්." [රූපලාවන්‍ය වැඩමුළුවක් පිළිබඳ රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී නිළියක විසින් කල ප්‍රකාශයකි.] වතාවත් සඳෙව් නෙත නිලුපුලන් වන කතාවත් කොමල නාලිය සරි ගමන ලතාවත් අනගි රණලියෙ'ව් දිදුලන වතාවක් දුටිමි ඒ රුසිරු නළඟන සිසිල සමග උණුසුම ගෙන නිසි පමණ එකට හනා සුදු මුදු සිරුරු සතපන පාට වරුණ විමනෙව් රියෙකින් පැමිණ රූප රැජිණ ගිය සැටි තවමත් පෙනෙන මුළු රෑ නොවිඳ අලුයම පැදුරෙන් බසිමි ගිනි පිඹ ආප්පද මනිපිට්ටුද සදමි වහනුන් නැති පයින් ගම්මැද්දේ දුවමි කොළුවට පොතක් පෑනක් ගන්නට නැහෙමි දරා ගිනි අව්ව වී පිරිස් වේලන තබා ඉහමතින් දරදිය ගෙට අදින හපා විටකි කැක්කුම් අමතක කරන අපට කොහෙද ඉඩ රූසිරු රැක ගන්න තළා ගල් තාර උණුකරල මලට ඉරා ලී පළා දර තේ කඩ වලට හපා විටක් රා වඩියක් ලා මුවට සරා සඳ වඩී හවසට අතු පැලට නිදා වැටෙන දරුවන් තුරුළට රැගෙන උදාවන දවස ගැන සිතමින් තැවෙන විඩාබර අපට ඇගෙ රූබර උවන රූප පෙට්ටියෙන් දකිනා පින පමණ |
ඔවුන් මා මිරිකා සාරය ගනියි... ඉල ඇට ද කොඳු ඇට ද ඔළු ඇටද පුපුරවමින් මිරික මිරිකා එකතු කරයි හැඩ ගසා බ්‍රොයිලරයන් කරන පාසල වැඩ දමයි දහම් පාසල සිරිමත්ය පවුලට පාඩම් කරති කෙළියට පාස් කර කඩ ඉම පැක්ටේරියට නිසි ලෙස පැක්ටේරියයි මේ ඔෆිස් කියා කියන ටයි දමාගෙන ය එන්නේ අමුඩෙත් මගේ නෙවෙයිනේ ඒසී දමා දී කැරකෙන පුටු වලට බර දී මොනිටරයටම නෙත් දී ජීවිතයම පැරදී මා මිරිකා සාරය ගනියි... මා මිරිකා සාරය ගනියි... ඒ සාරය එක මිට ගෙන එච්එස්බීසී හරහා ස්ටෑන්ඩඩ් චාටට් හරහා යුරෝපයට සැප කොළඹට කොළඹ 7 ට ඇයි රජගෙට...? උන් මහ මාළිග නංවයි.. නවතා ඇත කඩ්ඩෙන් නවතා ඇත විනයෙන් කුඩා කාරයක ඒසී නවතාලයි මා කේන්ති ණය ගමු අප රොක් වෙලා ක්‍රෙඩිට් කාඩ් එක් වෙලා මුළු ලොවටම ඇහෙනා සේ කෙසේ කෑගසම් සිත්සේ එක පසෙක පියන්ය අනෙක් පසෙහි යාලුවන්ය පිටුපස මා කෙල්ල සිටී ගැට්ට ඉදිරියෙන්ම සිටී කෙසේ කෑගසම්ද මා ටයි පටියක් ගෙල වටකර ජෙල් කොණ්ඩය හිස වටකර වෙනස් නොවේවි මා කොණ්ඩය බදින ටයි පටිය පැදයන කුඩා කාරය ගෙතුලටම වැදී මා නෙතු පියන් වෙහෙසී දිනක් ඒවිද මතු බසින්නට එළියට බලන්නට නිල්වන් සයුර .......... එතකොටම තව එකක් මාසික ණය වාරිකය වාහනයේ ෆිනෑන්සය සෙනසුරාදා ගෙවෙයි අයියෝ රෙදි සේදුමටම හවස් වන විට මිරිකා ගනිමි බෙල්ල හෙට ඉරිදා අනිද්දාට සූදානම්ව සඳුදා වැඩ ......... යමි සියල්ල හැරදා රැස්වීමට සෙල්ෆෝනය වසා මොලයද වසා සිරුරෙන්ම පමණක් පෙනී සිටිනෙමි .......... ටයි දමන් ඉන්න වුන් දැන් ඉතිං හිතපියව් කෑගසන ක්‍රමේ ගැන හොයපියව් |
|
ඉතා යහපත් මහරජ! |
|
http://www.boondi.lk |
"මගේ පෙම්වතා දෙවි කෙනෙක්" - පෙම්වතියක් - හැබෑටම පුළුවන්ද දෙවියෙක් එක්ක පෙම් කරන්න සදා කුටියක් වඩා හිදුවා පළඳා මල් මාලා අල්ලා අඟිල් කපුරු නෙලා පළවැල පුදා පාමුල වසා තිර පට ඔබා දණ එකත් පස්ව ඉන්නවා මිස, එබී එබී උනුන් නෙතු පතුල සොය සොයා විසල් පෙම ඉම් හසර නෙලා උනුන් සිරුරත මනු සත් පෙමක නොනිමි කැටයම මී දුමක් සේ දියව යා හැකිද ...? දෙයියෙක් එක්ක.... www.boondi.lk |
පෙම්වතා දුප්පත්ය පෙම්වති ඇක්ට්‍රස්ය පිචැර් එක බැලුවෙ දාවල් ගම්පහය ඉන්ටවල් එකේ කැව්වේ චොකැලැට්ය ඉලව්වේ ගෙදර යන්න පරමාදේ සංගදිය කල් තව තියනවා සුදෝ ටියුටරි ඇරෙන්නට ගෙදර ගියොත් වේලාසන හොර අද අහුවෙනවා රන්කත ඉවසන්න පොඩ්ඩක් කල්පනාවේ ලොජ් එකකට ටිකකට යමු රෑ බෝ වේ ගැටයා පපුව පුම්බා ගියා පෝනිං සෙන්ටර් ගැටිස්සී අදි මදි කලා බෙල්ලේ රන්දමට කමක් නෑ තව තොවිලයක් නටනව ගෙදර ඔන්න ඉතිං ඉගිල්ලුනා දෙන්නා ආට එකේ බාල අපරාදෙ හොඳ ටික බයිස්කෝප් වලත් නැත තාත්තලා වැඩ ඇරිලා නෑගං ආවේ පොලිසියට තොපි දෙන්නම මකබෑ වෙයව් අම්මප අපට එපා ඔෆිස් බෑග් පත බෑවුණා ඔළු ගෙඩි වලට අනේ වස්තුවේ පැලෙනව මගෙ හර්දේ සිබිඩිඩෙන් පනින්ඩත් කලියෙන් ගාගෙන හත් පොළක මෙහෙව් රටේ මෙව්වා වෙනවා හප්පෝ ඇහැකන පියාගත්තම හරි යනවාද බොලව් http://www.boondi.lk |
ඊයේ රෑ පිටකොටුවේ ඩොමීනියන් හෝටලයේ නයිට් එකක් කරලා මම් ගෙදර එද්දි... කසා වතක් ඇඳගෙන ඔබ සෙනග ගොඩේ රැකලා සිට හත් පලකට ඇයි මට පිහියෙන් ඇන්නේ? ඒ වේලේ මං දැක්කා ඔය මූනේ සාප හතක් රතී කත්ත නම් මදන යක්ෂනී විරහ කත්ත නම් මදන යක්ෂනී කාම කත්ත නම් මදන යක්ෂනී බූත කත්ත නම් මදන යක්ෂනී රකුසු කත්ත නම් මදන යක්ෂනී පිස්සු කත්ත නම් මදන යක්ෂනී තත්ත හතෙන් එන මදන යක්ෂනී ....එපා ....ඒ ලෙස එපා ක්‍රෝධයේ පිළිකුලේ ඇස් දෙකෙන් නොමරනු තවත් මා අනංග රංගයක් නොව තිත් වැටුන ගෙවීගිය රාත්තිරිය තොංඩුවෙන් ඇඟ වෙළන ලේ උරන මාපිලෙකි. ඇඟේ මස් ගිනිජල්ව සිතේ පණ ඔද්දල්ව ගෙදර එද්දී ඉර එළියෙන් පිරිසිදු වී අඩන පුතු සොයාගෙන ....එපා ඒ ලෙස එපා ක්‍රෝධයෙන් පිළිකුලේ ඇස් දෙකෙන් නොමරනු තවත් මා (අකීකරු පුත්‍රයකුගේ ලෝකය 1974) |
Parakrama Kodituwakku | පරාක්‍රම කොඩිතුවක්කු |