ජීවිත කාලයේ දී හැමදාම අපිට කීදෙනෙක් නම් මුණ ගැහෙනවද? කීදෙනෙක් එක්ක හිනා වෙනවද කතා කරනවද...
එයින් කී දෙනෙක් මතකයේ රැදෙනවද.... කී දෙනෙක් ජිවිතෙට සම්බන්ධ වෙනවද.. කී දෙනෙක් අපව හැර යනවද...
එයිනුත් කී දෙනෙක් මරණ මංචකයේදිත් දකින්න පෙරුම් පුරනවද......
පිස්සු වගෙයි ද.... නැහැ එහෙම නැත්තම් තමයි පිස්සු හැදෙන්නේ.....
ලෝකේ කොච්චර මිනිසුන් හිටියත්, අපි ළඟ රැදෙන්නෙ ,එයිනුත් අපිව තේරුම් ගන්නේ, එක්කනයි නැත්තම් දෙන්නයි. ඒත් අපි හරිම මෝඩයි. අපේ ඒ මෝඩකම නිසා, ඒ එක්කෙනා හරි දෙන්න හරි අපේම වරදින් අපි නැති කර ගන්නව.
සමහර කෙනෙක් ඉන්නව ,රූපයෙන් ,තරාතිරමෙන්, රැකියාවෙන් ,සමාජ තත්ත්වයෙන් ,වයසින් ,පාටින් ,පවුල් පසුබිමෙන් තමන්ට නොගැලපුනත් තමන්ව තේරුම් අරන් එකට ජීවත් වෙන්න නම් කියාපු කෙනා.ඒත් සමාජයේ මුල් බැස ගත් ආකල්ප වලට මුහුණ දෙන්න තියෙන බිය නිසාත් බාහිර වටිනාකම් වලට වැඩි තැනක් දීමට සිත ගන්නා උත්සාහය නිසාත් තමන්ට වඩාත්ම ගැලපෙන කෙනාව අපි අහිමි කර ගන්නව.
ඒත් ,පසු කාලීනව අපිට මුණ ගැහෙන අය අතර අර අපි කලින් අතහැරල දැම්ම වගේ අය මුණ ගැහෙන්නෙ නැති වෙන්න පුලුවන්.
තනියෙන් සිටින කොට දැනෙන තනිකමට වඩා ,ගොඩක් දරා ගන්න අමාරු තනිකමක් තමයි විවාහය තුල කෙනෙක් තනි වෙන එක... ගැහැණු පිරිමි දෙපාර්ශවයම එහෙමයි...බාහිර වටිනාකම් වලට එක දුන්නම හිත් වලින් තනි වෙන එක වලක්වන්න අමාරුයි. මොකද බාහිර වටිනාකම් වල සැබෑ ස්වරූපය අපිට දවසක වැටහෙන නිසා... අපි පහු වෙලා හරි අපිව තේරුම් ගන්න පුලුවන් හිතට ලන් වෙන්න පුලුවන් අය සොයනව.....
මම දැකල තියෙනව සල්ලි බාගෙ ,යාන වාහන ,විතරක් නෙමෙයි හරිම ලස්සන ගැහැණුන්ව බැදල ඉන්න පිරිමි පවා ආදරය සොයමින් අඬන හැටි. මෙතනදි ආදරය කීවේ රාගය නෙමෙයි. රාගය ගන්න යන්න පුලුවන් තැන් තියෙනව නේ.... තමන්ව තේරැම් ගන්න ,තමන්ව අදුන ගන්න, තමන් කියන දේ අහන් ඉන්න පුලුවන් ,තමන්ට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක්ව හොයනව.
ඉතින් ..බාහිර වටිනාකම් වලට මුල් තැන දෙන්නෙ නැතිව බොහොම පුංචි හාදුවක් එක්ක ගොඩක් ආදරේ ලබන්න තියෙන අවස්ථාව අහිමි කර ගෙන අතර මඟදි හිස් වෙන ආදරයක් ලබන්න ඔබ කැමති වෙන එකක් නැහැ කියල මම හිතනව....
A successful marriage requires falling in love many times, always with the same person.
No comments:
Post a Comment