රතු ලේ සමග කිරිබත අනා කන එකොන්ට ගල් ගසා පබා රජ ගෙට යවන මධ්‍යම පන්තියෙ මධ්‍යම ප්‍රතිපදා මැද පුදුමයි උඹත් ඉඳගෙන අරුමැසි අසපුවක
ළා රන් පාට අමා දිය බිඳ බිඳ ගලන විට නහර සිඳ බිඳ මේ සසර දුක ලද නිවන තියේවිද ඔතැන
තණ්හාව හැරපියා, පසුම්බිය පතුල සූරා තවත් බෝතලයක් දන් දුන් අයුරු මතකද හිතේ අඳුරු අහුමුළු වල ලැග්ග පාප සිතුවිලි අපි වැමෑරුවෙ නැද්ද?
යමක් පිළිගන්න පෙර නුවණින් විමසන්න එහෙම කිව්වෙත් භගවත් ගෞතමයන් නොවෙද පවුල පන්සල පාසල රාජ්‍යය නැණ සැතින් විමසුවෙමු අපි එකල
මමය මගේය යන මෝහාන්ධකාරය බොඳව දියව ගිය නිරාමිස ඇසිල්ලක සිඳි සිඳී යන විට පිරී ගිය මධු බඳුන පසක් කලා නේද සියලු දේ අනියත වග
සිදුහත් වුනත් ගියා ගොඩක් ගුරුවරු ලඟට අහිතක් නෑ මිතුර ඔබත් තව දුර යන්න නහුතයක් උතුරු සළු යට කුණු වූ හදවත් දැන ඇඳින එන්න ආ පිට අපි ඉන්නවා නේරංජනාවෙන් මෙපිට
|
No comments:
Post a Comment