Wednesday, July 7, 2010

හීන


සිහින විකුණන
මාර ගහ යට
දුගී දුප්පත්
ලොතරැයි
වෙළෙඳ සිටුවර
පුංචි හිර ගෙදර
සිනාසෙන

සිහින මිටින් ගෙන
ලෑලි මත ඇණ ගසාගෙන
වැතිරෙන
යකඩ කටකින්
කෑගසාගෙන
මාර ගහ යට
සින්දු විසිරෙන
පුංචි හිරගෙදර
දිලිසෙන

වෙළෙඳ සිටුවර
පා මුල ඉරී
වකුටු වෙන
සිහින කඳු
හැන්දෑවට
කුණු කූඩයට රිංගන
කඳුළු දිලිසෙන

[මාවිල් ආරු නොහොත් මරණයේ දොරටුව 2009]

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails