මේ ලියන්න යන්නේ ගෙවී ගිය මව්වරුන්ගේ දිනය සදහා පොස්ට් එකක් නෙමේ.ඒ කර හුගක් අය පොස්ට් ලියන්න ඇතිනේ.මම මේ ලියන්නේ මගේ ජීවිතේ සුවිශේෂි දිනයක් වෙන අද දවස මට උදාකරපු මගේ රත්තරන් අම්මාටයි.මේ ලිපියකින් අම්මාගේ ණය ගෙවන්න මට බැ.නමුත් මට මගේ හිතේ තියෙන දේ මුළු ලොකේටම කියන්න පුලුවන්.අම්මේ , මේ ලිපිය සමහර විට ඔයා කවමදාවත් කියවන්නේ නැති වේවි.සමහරවිට කියවාවි.
හරියටම මීට අවුරුදු විසිහයකුත්සහ පැය ගාණකට කලින් මට මේ ලෝකයේ එලිය දකින්න දුන්නාටත් , ඊට පස්සේ සමාජයෙන් සහ නැදැ පරපුරෙන් මුරණ්ඩු , දඩබ්බර මෝඩ , (දරුණු ) හැදිය නොහැකි කොල්ලෙකු ලෙස හැදින්වූ මාව තාත්තා රාජකාරි සහ අනෙකුත් වැඩ සදහා දවස් 365 ම කිලෝමීටර් සිය ගාණක් දුර සිටින කල මේ තත්ත්වයට ගෙන ඒමට ඔබ දැරු මහන්සිය මට හිතාගන්නවත් බැ,ගෙදර කැම නැති වු විට ඔබ නිරාහාරව ඔබේ බත් පත මටත් නංගීටත් බෙදා නිහඩව අදටත් ඉන්නා බව මම දනිමි.එය සදහා අදටත් මම අකමැතිබව ඔබ දන්නේයැයි සිතමි.අතේ සතේ නැතිවුණත් කොලබ යන්න රු සීය ඉල්ලුවිට කොහෙන් හරි එය ගෙනත් දෙන බවත් මම දනිමි.මගේ ශක්තිය ඔබයි අම්මේ.!
හිට්ලර්කෙනෙකු නොවි තාමත් මාගේ හොදරම මිතුරිය වී කිසිම දඩුවමක් නොදී මාගේ සියළුම වැරදී , මොඩකම් මටම තෙරුම් ගන්න ඉඩදුන් නිසා අද මම නිදහස් චින්තකයකු ලෙස සිටමි.ඉස්කොලේ යන කාලේ හටගත් ගැහුණු ලමුන් සමග මිතුදම් වලට නැගණියත් සමග එක්වී පොඩි කෙල්ලකු ලෙස විහලු කලත් ඉන් දුන් ව්‍යාන්ගාර්ත අදහස මට දැන් තේරුම් ගත හැක.ජීවතයේ ඕනැම දෙයක් පිලිබද ඕනැම තිරණයක් ඔබ සමග කතාකිරිමට නොබියව මට හැක.
කැම්පස් එකේ පලවෙනි දවසේ මම වඩාත්ම කරන්න කැමති දේ මොකක්ද කියා ඇසු විට මම කියුවේ ඔබ සමග කාලය ගත කිරීම තරම් මට වෙන වැදගත් දෙයක් නැත කියාඅ.එය එදාටත් අදටත් එක ලෙස සත්‍යයි.අම්මේ ඔබ මගේ හොදම සහ එකම මිතුරියයි.මගේ ආයුෂත් අරගෙන යහපත් සෞඛයෙන් යුතුව චිරාත් කාලයක් වැජබෙවා.මම ඔබට ආදරෙයි. (මෙ ලිපිය මගෙ ජීවිතෙටත් ගොඩක් සමීප නිස එකතුකරා සජිත්)
No comments:
Post a Comment