වසන්තය ගෙවෙන දින පිපෙනා මලකටත්... ඔව් නමක් තිබුණා සුළං සැර දරාගනු නොහෙනා එ'මල බිම වැටෙන තැන පුංචි හිම කැට මිදී තිබුණා
නියං කල ආකහේ සරනා වැහිලිහිණි පියාපත රිදුණා තිත්ත ගනඳුරක ඇහැ අරිනා දෙනෙත යට කොපුල මත ප්‍රේමයක මං ලකුණු ඇඳුණා
සංසාර දොරකඩින් එබෙනා මන්දාරමක් සිත'ග රැඳෙනා සන්තාපයෙන්ම කවි ගොතනා කන්දරාවක් සිහින නින්ද යට කරවටක් ගිලුණා..
අවසාන සුසුම් පොද හෙලනා හදවතක දිග පළල මනිනා ඔබේ ඇස් යළි යළිත් පෙනුණා.. ගෙන්දගම් පොළොව පිට හිස නගන සොහොන මත විටින් විට ඒ එළිය දිළුණා පුංචියට තරු ලකුණු පිපුණා.. |
No comments:
Post a Comment