Monday, July 5, 2010

චන්ද්‍ර මඩුලු කොහේ සැඟ වුණා දෝ



සඳ හැංගිලා වලා රොදින් - චන්ද්‍ර මඩුළු නෑ පෙනෙන්නේ
තරු දරුවෝ වැලපෙයි - සඳ නෑ තාමත් එය දන්නේ

ගං ඉවුරේ සුදු වැලි තලා - ගණ අඳුරේ සැඟවෙයි
දිය කෙළිය කිඳුරියෝ - සෝ දුකින් විමසයි

සඳ කොහේද නොදනියි - ඇගේ එළිය නොපෙනෙයි
වලා රොදින් විමසයි - උනුත් දැන් නිහඩයි

මේඝයනි මෙය අසාපන් - විහඟුනේ ගොස් කියාපන්
කවටකම් දැන් ඇතියි - සඳට ගොස් කියාපන්

සඳ එළිය නොමැති මේ - රාත්‍රීන් අඳුරුයි
සේපාලිකා නොපිපෙයි - ලෝකයම නිසලයි

වලා රොදට මුවා වෙලා - චන්ද්‍ර මඩුලු හංගා ගෙන
නුඹේ මේ කවටකම් - බලා ඉඳලා හරි වෙහෙසයි

නුඹේ ඔය මුරන්ඩු කම - මඳකටවත් පසෙක තබා
හොරැහින් වත් එබී බලා - එළිය කරන් මගේ ලොවත්

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails