බොල් පිණි අහුරු වැටෙන
පාළු නුග ගස පාමුල
සුළගෙන් විසිල මැලවුන පත්
සර සර හඬින් සොලවා
සීත මැදියම් රැයක
නීල වර්ණ දුමාරයක්ව
පුස් බැඳුණ සොහොන් කොතින්
නැඟිට අහසේ සරමි…
කලකට පෙර අතැර ගිය
නෑ සියන් හිත මිතුරන්
සිහින අතරට පිවිස
දොඩමළු වෙමි..තතු විචාලමි
ඔවුන්ගේ මතකයන් තුල
මා පිලිබඳ රැදුනු
මතකයන් අවදි කරවා
අතීතේ මැලවුන සුවඳ පොද
යන්තමින් හෝ විඳිමි…
නින්දෙන් අවදිව දිනක
ඔබේ දහවල ගෙවන විට
අකුණු සැරයක් සේ විටෙක
මා පිලිබඳ මතකය
මනස හරහා ඇඳී යානම්
එයින් දැනගන් සබඳ
පෙරදින සිහින සමයක
ඔබ හා මා එකට
එක තැනක මුණ ගැසුනු වග…
Thursday, July 15, 2010
ඔබේ ලොවෙන් මගේ ලොවට….
දිවුරාල පවසන්න මට ආදරේ නම්...
දිවුරාල පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතනවා නම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාකල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
හිරු මල් දෑතෙ සඟවා... වලාරොදක නැගිලා
සත් සමුදුරුම කලඹාල ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ... රැඳී ඉන්න සසරේ
මෘදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ
සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
කෝ... නිදියන්න මගෙ මැණික මට තුරුලු වීල
මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන "සුලඟ" ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන මේ ගීතය හුඟාක් දවස් වලට මට ඇහිල තියනවා. හැබයි ඉතින් ටෙලි නාට්‍යය නම් බලල නෑ. ජනප්‍රිය "Centigradz" කණ්ඩායම තමා ගායනා කරන්නේ. අහල බලන්න. සමහරවිට ඔයාලත් කැමතිවෙයි මේ ගීතයට.
සින්දුව අහන්න කැමති අය මෙතනින් download කරගන්න
යලි ඔබ එනවද අරගෙන ගිය මගෙ සිතත් අරන් ......
බලන්න දෙනෙතේ කඳුළු පිරෙනවා ඔබේ නමින්
හැමදාමත් ආදරය විඳින්නට මා කළ පින් මදි නිසා ඉතින්
කියන්න නික්මී යන්න අවසරද හීන පුරපු නෙතු පියන් යටින් ...
සදාකාලිකයි මා සිත පතනා ඔබගේ ඔය පින්සාර සිතින්
විදින්න සිසිලස අකැප මුත් මට බලා හිඳින්නම් සැඟව දුරින්
කිසිම දිනෙල යලි නොඇසෙන මුත් ඔබෙ මුවගින් ගිලිහෙන සොඳුරු වදන්
අහන්න දුර සිට සැමදා මා පතනා සුපැතුම් ඔබ සිහින් සරින්
මුව ගොළුවූවට නිල්නෙතගින් ඔබ මට පැවසූ ඒ සොඳුරු රහස්
සිතන්න සැමදා තියේවි සැඟවි නිල්වන් තුරුගොමුවලට යටින්
ඔබවම පතනා නෙත යම් දිනයක පුරවාලා තුටු කඳුළු දියෙන්
කියන්න මිතුරියෙ යලි ඔබ එනවද අරගෙන ගිය මගෙ සිතත් අරන් ...
කවදාවත්ම නුඹ මට නොලැබෙන හිංදා ......
අහිමි බව දැන දැනත් ආදරය මගහරින්නට බැරි හැටි
වරක් දුටුවිට තව වරක් දැකගන්නට හිත පෙරුම් පුරනා අපූරුව
කඩ මංඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොමහරි
කතා නැතුව හිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී
ගහකොළ වලට දාහක් ඇස් ඇති හිංදා
සුලඟට සියුම් දාහක් කන් ඇති හිංදා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හිංදා
මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හිංදා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්ට බැරි
ගායනය :- නන්දා මාලිනී
mp3 ගොනුව මෙතනින් භාගත කර ගන්න
මෙහි මුලින් සඳහන් පාඨයන් උපුටා ගනු ලැබුවේ කරුණාසේන ජයලත් මහතාගේ බඹා කෙටූ හැටි නව කතාවේ නව මුද්‍රණයේ පිට කවරයෙනි
Tuesday, July 13, 2010
රම්බරිගේ නොම්බරය!
මිදුලේ වැලි මාලිගාවේ
මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමී ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී පීනා සිප් සයුර එතෙර සියල් සතර දැන පිරිසිඳ ලොවේ අනෙක අවමන් මැද නොසෙල් වෙමී මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී මිදුලේ වැලි මාලිගාවේ.... එපා ඔටුනු මගෙ සිරසට එපා සිහසුනක් හිඳිනට සිනා සිසී මා එන මග හිඳිනු මැනේ දුවේ කියා මා අමතන් පියාණනේ මිදුලේ වැලි මාලිගාවේ... සිංදුව අහන්න මෙතන කිල්ක් කරන්න මියැසිය- රෝහණ වීරසිංහ ගායනය- පේෂලා මෙන්ඩිස් |
Monday, July 12, 2010
Friday, July 9, 2010
හුස්මෙන් හුස්මට සෙනෙහස පිදුවේ
මතක සුවද ඔබයි
මගේ පුතු නිදන්නේ ගීයක් වගේ මියුරු
මගේ පුතු නිදන්නේ ගීයක් වගේ මියුරු
හදෙහි උන් සකි සඳ
සුවහසක් ඔල්වර හඬ නැගෙන සඳ
සුළඟ.....,
සුළඟ.....,
ඔබ එන්න
ඇවිත් අරගෙන යන්න
මං නිදන මේ වලාකුළ
ගෙන යන්න දුර ඈත
දෙණි බිම් තැනිතලා වෙත...
වස්සන්න මහ වැසි
වසර දස දහසකින්
තෙත නොලද බිම් වලට....
දෙකෝටියක් තරු ඉස
අස්වද්දන්න මිහි කත...
පුබුදන්න සක්වලම
ගෙන යන්න
නිදන මේ වලාකුළ
මං ඇහැරිලා ඉන්නම්
ගෙන යන්න
ඔය පාට දේදුන්න
මං අවර්ණව ඉන්නම්
ගන්න මේ මුළු අහසම
ඔබට ඕනෙම නම්
ඒත්...
ඉතුරු කර යන්න
මගේ සඳ විතරක්
මට...
ආදරණීය අම්මේ.......
හුගක් පැහැබර දවසක රෝස පාට සාරියක් ඇදල, ඇස්වල සතුටත්, දුකත් දරාගෙන හිටිය ඔයාව මම දැක්ක ගමන් අදුරගත්ත. දුරින් අඩිය තියල දුරකට වෙලා හිටිය අම්මගේ ඇස්වල කඳුළු දිලිසෙනව මම බලාගෙන හිටිය. මම ඔලුව උස්සල අම්ම දිහා බැලුව. ඇහැට ඇහැ හමුවුණාම ඔලුව චුට්ටක් නමල ඔයා මගෙත් එක්ක හිනා වුනා. හරියට හුග කාලෙක ඉදල දන්නව වගේ. අලුත් ජීවිතයක අලුත් බලාපොරොත්තු එක්ක මගේ පුංචි යෙහෙලිය පෝරුවට නැගුන. ඒ පුංචි සුරංගනාවිය දිහා අපි හැමෝම බලාගෙන හිටියෙ හරිම ආදරෙන්. ඇත්තටම අපි හැමෝම එතනට ආවේ එයාට අපේ ආශීර්වාදයත් ආදරයත් දීල යන්න.
ඒ එක්කම මට ඕනවෙලා තිබුණ ඒ සුරංගනාවිට පොළොවට පය ගහන්න, බය හැකක් නැතිව ඇවිදින්න, වාරුවක් නැතිව නැගිට්න්න අතදීපු අම්මට ආදරෙයි කියන්න, ස්තුතියි කියන්න. දවස නිමා වෙන්න මොහොතක් හරි තියල ඒක ඔයාට කියන්න මම බලාගෙන හිටිය. එක මොහොතක මම ඔයාව හෙවිව. අනේ ඔයා කොහේවත් හිටියෙ නැහැ. මට හරියට දුක හිතුණ. මට මගේ යුතුකම කරන්න බැරිවුණා. මම මගේ යෙහෙළියකට කිව්ව.
ඊටත් පැයකට විතර පස්සෙ අම්මව මට මුණ ගැහුනෙ අහම්බෙන්. මම අම්මගෙ නම කියල ඒ ඔයා නේද කියල ඇහුව. ඇත්තටම මට ඒ වෙලාවෙ දැනුනෙ බොහෝම සුන්දර ආදරණීය ලෙංගතුකමක්. මගේ කමක්, අපේ කමක්, ඒ වුනත් මට අම්ම ට මගේ හැගීම් ඒ විදිහටම කියන්න බැරිවුණා. භාෂාව අපි දෙන්න අතරට බාධකයක් වුනා. ඒ වුනත් මම කියන්න ඕන වුනු මගේ හැගීම් අම්මට දැනුන කියල මට දැනුණ.
ඇත්තටම ආදරණිය අම්මෙ. ඔයාව බදල වැලදගන්න බැරි තරම් මගේ දෑත් පුංචියි. ඔයාගේ හදවත ඒ තරම් විශාලයි. ආදරය, කරුණාව දයාව විතරක් නෙමෙයි සතුට, සැනසීම, ආශීර්වාදය ඔයාගාව තියෙනව. ආදරණිය අම්මෙ අපේ රටේ අපි හැදිල තියෙන්නෙ හැමදේම ඇතුලු හදවතින් දරාගන්න. අපි දෙයක් ප‍්‍රකාශ කරන්න යොමු වෙන්නෙ හරිම අඩුවෙන්. ඒ වුනත් මම දන්නව හංගපු ආදරයකින් ලැබෙන දෙයක් නෑ කියල. ජීවිතේ සමහර දේවල් එළියට ප‍්‍රකාශ කරන්න ඕනි නෑ තමයි. අම්ම අම්මගේ ආදරය ගැන කරුණාව ගැන කතා කරන්නෙ නැහැනෙ. අම්මගේ සතුට ගැනයි කතා කරන්නෙ. ඒ වුනත් ආදරණීය අම්මෙ, තමන් කෙනෙකුට ආදරෙයි කියන එක ඒ ආදරේ අනෙකාට දැනෙනව කියන එක ආදරේ දෙන කෙනාට දැනුනහම තියෙන සතුට විශ්වාස කරන්න බැරි තරම් විශාලයි.
ඇත්තටම මම මගේම අම්මව හුග කාලෙකින් තුරුළු කරගෙන නැහැ. දැන් මගේ අමිමව මම තුරුළු කරගන්න ගියොත් ඈ මගෙන් අහනව මොකද මේ නාකි දණ ගාන්න හදන්නෙ කියල. ඒ වුනත් එදා ඒ මොහොතෙ අම්ම මාව තුරුළු කර ගත්තහම මගේ හිස අම්මගේ පපුවෙ රැදුනම මට හරි අපුරු සුවයක් දැනුන. ඒ එක්කම අම්මගේ හඳවත ඉකිබිදින හ~ත් මට හොදටෝම දැනුන. ඒත් එක්කම මට දැනුන අම්මගේ ඒ කඳුළ වැටුනෙ සතුටත්, දුකක් බෙදාගන්න හිනාවක් කඳුළක් බෙදා ගන්න තරම් හයියක් නැති අය වෙනුවෙන් කියල. ආදරණීය අම්මේ ඔයා හඬන්න බැරි අය වෙනුවෙන් හඬා වැටෙනව. හිනා වෙන්න බැරි අයට හිනාවක් දීල ඒ අයත් එක්කම හිනාවෙනව. ඒක තමයි මම ඔයා තුළින් දකින විශේෂත්වය.
ආදරණිය අම්මේ මම හදවතින්ම කියනව ඒ ගෙවුණ හෝරාව ඔයාගෙ කියල. මගේ යෙහෙලියගේ මංගල දවස ඔයාගෙ කියල. මම දුටුව ඔයාගේ වාගේම දීප්තිමත් තවත් ඇස් හතරක්. මගේ යෙහෙළියගෙ දීපිතිමත් දෑස. ඒ එක්කම ඔබේ ජීවන සහකරුවාගේ දීප්තිමත් දෑස, ඒ දෑස්වල දි¥ලන ආලෝකය දීප්තිය ඔබයි මගේ අමිමෙ.
ආදරණිය අම්මේ. මට ඔයාට කියන්න ඕන, මම දකින මම දැකපු අම්මල අතර ලෝකෙ ඉන්න ආදරණීයම අම්ම ඔයා කියල. මම දන්නව ගැහැණියකගේ ආදරයේ විවිධ සීමා මායිම් තියෙනව කියල. හැබැයි දරු සෙනෙහස හැම ගැහැනියකටම පොදුයි. ආදරණීය අම්මේ, ඔයාගේ ආදරයට සීමා මායිම් නැහැ. ඔයාට පුළුවන් මුළු ලෝකෙටෙම ඔයාගේ ආදරය දෙන්න. මම දන්නව දැනටමත් ඔයා මුළු ලෝකෙටම ආදරය කරනව කියල. ඒ වුනත් ඔයාගේ ආදරේ දැනෙනව කියල මට ඔයාටම කියන්න ඕන.
ආදරණීය අම්මේ, කෙනෙකුගේ ලැබෙන උදව්වට අපිට හරිම ලේසියෙන් ස්තූතියි කියල කියන්න පුළුවන්, එහෙම නැත්නම් බොහොම ස්තූතියි කියල කියන්නත් පුළුවන්. හැබැයි කෙනෙක්ගෙන් ලැබෙන ආදරයට හිලව් කරන්න පුළුවන් ඒ වාගේම ආදරයක් විතරමයි. හැබැයි ඒ ආදරයට කොතනකදිවත් මොන විදිහටවත් මනින්න බැහැ. ඒ ආදරයට වටිනාකමක් දෙන්න බැහැ.
ආදරණීය අම්මේ මම ඔයාට කියනව හුගක් ආදරෙයි කියල. එක හදවතක ආදරේ කොච්චර විශාලද කියල මම දැනගත්තෙ ඔයාගෙන්. මම ඔයාට ස්තුතියි කියනව, අපිට දෛවය විසින් උරුමකරන දේ මොනවගේ දෙයක් වුනත් ඒ දෙය අභිමවා යන්න ශක්තිය අපිට තියෙනව කියල කියල දුන්නට. මම ස්තුතිවන්න වෙනවා ඔබේ දෙමාපියන්ට, ඔබ වැන්නියකට ජීවිතය දුන්නිසා. ඔබෙන් තව බොහෝ දෙනෙක් ජීවිතය ඉගෙන ගන්න නිසා. අම්මේ මම ඔයාට ගරු කරනව. ආදරේ කරනව ඔබ සැබෑ ගැහැනියක නිසා.
*************
උපතින් දෑතක් අහිමි දියණිකට දෑතක් වූ, මවකවූ, ආදරණිය සුදු අම්මා වෙනුවෙන් ලියැවුණු මේ සටහන නැවත පල කෙරෙන්නේ ලොව පුරා වෙසෙන මව්වත් ගුණැති සියළු මව්වරුන් නමටය............ සජිත්
ඇඟිලි පහේ කවි
ආල වඩන අනගි රත්නයෙන් සැරසෙනවා
කෝල නැතිව ආදරයට ඉස්සර වෙනවා
රාලහාමි බව මම කාටත් අඟවනවා
බාල නමුත් සබයෙදි මම සමතෙක් වෙනවා
කමකට නැති බස් කීවා නරකයි මට දැන්
සමහර දන රත්න ජාති මටත් දෙති බොලන්
හැමදේටම වැඩියෙන මම දන්නේ වෙදකන්
මෙම කාරණ නිසා මමත් සමතෙක් වද දැන්
ඔන්න ඉතින් උඹලගේ ලොකුකම මම දැක්කා
දෙන්න දෙන්න දෙ පැත්තෙ ඉඳගන මා රැක්කා
ඉන්න කලට සබයෙදි උස මහතින් බක්කා
දන්නෙ නැද්ද එහෙම නිසා සබයට ලොක්කා
පලවැල රස තුරුර සැම රසගුණ පෙන්නන්නේ
කලබලයක් දුටුවිට නුඹලා ඇකිළෙන්නේ
කොලහල අඬ දබර වලට තනියම යන්නේ
බල සොඳ සපනෙකි ලොව මා කවුරුත් දන්නේ
පොයියංගම් වෙන්ට ම වද උඹලගෙ ලොකු කම
ඇයි බං කාටත් නො පෙනෙද තිබෙන එකතුකම
කොයියම් දේ කරතත් තනියම පැත්තක් මම
දෙයියන්පල් එනිසා පට බැන්ද කෙනෙකි මම
['ජයමඟුල් සිලෝ හා අභිනව ජයමංගල ගාථා' පොතෙන්.]
මොනවද මුත්තේ මොකද කරන්නේ (පුන්චි කාලෙට හිත ගෙනියන සොන්ග් එකක් )
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
Thursday, July 8, 2010
෴ හඳුනා ගන්න ඒ ඔහු / ඇය විය හැකියි ෴
ලෝකේ කොච්චර මිනිසුන් හිටියත්, අපි ළඟ රැදෙන්නෙ ,එයිනුත් අපිව තේරුම් ගන්නේ, එක්කනයි නැත්තම් දෙන්නයි. ඒත් අපි හරිම මෝඩයි. අපේ ඒ මෝඩකම නිසා, ඒ එක්කෙනා හරි දෙන්න හරි අපේම වරදින් අපි නැති කර ගන්නව.
අම්මේ ! මම ඔබට ආදරෙයි
අප්පච්චි…………
මං ඇස් පියාගෙන නිදි සුව විදින කොට…
මගෙ අප්පච්චි ඇස් ඇරගෙන නිදි වැරුවා…
මං ඇස් තද කරලා එක හීනෙක පැටලෙන කොට..
මගෙ අප්පච්චි ඇස් ඇරගෙන හීන ගොඩ ගැහුවා…
මං ඇස් ඇරලා ලෝකෙ දිහා බලන කොට…
මගෙ අප්පච්චි ඇස් නොපියා මං දිහා බලා ඉන්නවා…
අපි අපිම වූ ඇත්තම ඇත්ත එදවස
එතින් අපි වෙන් උනායයි - කීයු දින සිටම ඔබ
වෙන් උනාමත් නොවේ රැදීනොරැදී සිටියා ඔබ
හද මතක සිර කුටිය තුල වැද- ද්වන්ද සටනක යුද වැද
සෑම තැනකම- සෑම විටකම- සතුරෙකුම ලෙස උවද
සයෙන් පීඩිතවී ජීවිතේ මරු කතර මැද සටනට වැද
මහමෙරද හිසමතට ගෙන - ඉර හද සොයා ඇවිදින
ජීවිතේ මහපොලොව මත සිටිය ඔබ
හමු වී දකින මේ මොහොත තෙක්ම
ජීවිතේ නිල්ම නිල් අහසට - රලු මහපොලොව
හමුවන තැන් සැබෑවට නැතුවම නොවේ ඉදහිට
අප දෙදෙන
දෙදෙනෙකුම විය එදවස
එකෙකුමත් විය
එක මගක වෙන වෙනම යන
තුවාලයද අහිමි
හිගන්නෙක් උනා ඉන් පසු මම
කවියෙකු වූ අන්ධයා සහ අන්ධයෙකු වූ කවියා
මගේ මාළුවා
ඩෙනිස්ගේ දස්කම් | "පැණි කොමඩු මාවත"
ඩෙනිස්ගේ දස්කම් | "පැණි කොමඩු මාවත" | ||||
| ||||
"අපෝ, මට එපා.." "කතා කරන්න එපා!" අම්මා සැර කළා. "මේ යොදය පිරිලා.." "මොන යොදයක්ද?" තාත්තා ආවා. එයා අපි දිහා බලලා, "මොකද දෙන්නත් එක්ක බර කතාවක්" කියලා ඇහුවා. "බලන්නකෝ මෙයාගෙ විකාර! මේ කෑම කන්න බෑ කියනව. මෙයා තව ටික දවසකින් අවුරුදු එකොළහ ලබනව. ඒත් තාමත් තොත්ත බබෙක් වගේ වැඩ කරන්නෙ.." මට තව ටික දවසකින් ලබන්නේ අවුරුදු නවය. ඒත් අම්මා හැමතිස්සෙක කියන්නෙ මට එකොළහක් වෙනව කියල. මට අවුරුදු අටේදි එයා කිය කිය හිටියේ මට ඊලඟට ලබන්නේ දහය කියලා. "ඇයි මෙයා කන්නෙ නැත්තෙ?" තාත්තා ඇහුවා. "ඇයි සුප් එක කරවුණාද? එහෙම නැත්තං ලුණු වැඩි වුණාද?" "මේ උණු කරපු කිරියි, නූඩ්ල්සුයි. ඒ මදිවට යොදේ පිරිලා" තාත්තා ඔලුව වැනුවා. "හා. ඒකත් එහෙමද! අපේ මහරජතුමට මේ කෑම රහ මදිවෙලා. එයාට රිදී බාජනේක දාලා අමෘතෙ ඕනෙ වෙලා!" මට හිනා. තාත්තා හැම තිස්සෙම ඔහොම විහිළු කරනවා. "මොනවද අමෘතෙ කියන්නෙ..." "මන් දන්නෙ නෑ. මොනව හරි රහම ජාතියක්. ඔන්න ඔය සුප් එක බීලා දාන්න ඩෙනිස්.." "ඒත් තාත්තෙ මේකෙ යොදේ තියනව" "ඔයාට සැප වැඩිවෙලා කොල්ලෝ!" තාත්තා එහෙම කියල අම්මා දිහාට හැරුණා. "මෙයාගෙ පිඟාන අයින්කරන්න. මට මෙයා දිහා බලන්නත් එපා වෙනවා. මෙයාට ත්‍රිපෝෂ කන්නත් බෑ. නූඩ්ල්ස් සුප් බොන්නත් බෑ. පුදුම වදයක්නෙ! මට නං මෙව දැකල ඇති වෙලා..." තාත්තා මගෙ ඉස්සරහපිට වාඩිවෙලා මං දිහා බැලුවෙ ජීවිතේ කවදාවත් මාව දැකලා නෑ වගෙ. එයා මොනවත් කිව්වෙ නෑ. ඒත් එකදිගටම මං දිහා බලාගෙන හිටියා. මං වහාම හිනාවෙන එක නැවැත්තුවා. මට තේරුණා මේක තව දුරටත් විහිළුවක් නෙමෙයි කියලා. තාත්තා එහෙමම සද්දයක් නැතුව හිටියා. අම්මයි මමයි ගල් ගැහිලා වගෙ හිටියා. ඊට පස්සෙ ඔන්න තාත්තා කතා කරන්න පටන් ගත්තා. ඒත් එයා කතා කළේ මටවත් අම්මටවත් නෙමෙයි. හරියට අපිට න්පෙනෙන කෙනෙකුට්‍ර වගේ. "මං හිතන්නෙ නෑ කවදාවත් මට ඒ නරක සරත් කාලෙ අමතක වෙයි කියලා" තාත්තා කිවුවා. "මොස්කව් නගරෙ හරිම සීතලට අඳුරු වෙලා තිබුණ. ඒ යුද්ද කාලේ. නාසි හමුදා නගරෙට ගහන්න පටන් අරන්. අපි හැමෝම සීතලෙන්, බඩ ගින්නෙන් මිරිකිලා හිටියේ. මිනිස්සුන්ගෙ මූණෙ හිනාවක් නෑ.හැමෝම පැයෙන් පැයට රේඩියෝ එකෙ ප්‍රවෘත්ති අහනව" "මට ඒ කාලේ අවුරුදු එකොළහක විතර ඇති. මං හරි වේගෙන් වැඩුණ. ඉක්මනට උස ගියා. ඒ හින්දම හැම තිස්සෙම බඩගිනි ආවා. කවදාවත් බඩ පිරෙන කල් කන්න හම්බවුණේ නෑ. මං හැම තිස්සෙම අම්මගෙන් කෑම ඉල්ලුවා. ඒත් ඒගොල්ලන්ට ලැබුණෙ පුංචි පාන් සලාකයක් විතරයි. ඒක තමයි අපි බෙදාගෙන කෑවෙ. ඒකත් මගෙ බඩට මදි. මං හැමතිස්සෙම නිදාගන්න ගියෙ බඩගින්නෙ. හීනෙන් දැක්කෙ පාන්. හැම තැනම ඔහොමයි. ඒ කාලෙ ගැන කොච්චර දේවල් ලියවිලා තියෙනවද? " "දවසක්දා මං නගරේ පුංචි වීදියක් දිගේ යනකොට, ට්‍රක් එකක පැණි කොමඩු ගොඩ ගහල තියෙනව දැක්ක. මං දන්නෙ නෑ ඒක මොස්කව් නගරෙට කොහොම ඇතුළු වුණාද කියලා. ඒගොල්ලො ආධාර බෙදන කට්ටිය වෙන්නැති. කෙට්ටු මනුස්සයෙක් ට්‍රක් එක උඩ නැගලා හිටියා. එයා කොමඩු ගෙඩියක් අරගෙන ඒක තව මනුස්සයෙක් අතට විසි කලා. එයා ඒක අරගෙන පළතුරු ගබඩාවෙ වැඩකරපු ගෑනු කෙනෙකුට දුන්නා. එයා තව කාට හරි දුන්න. ඔය වගේ මිනිස්සු කට්ටිය එකතු වෙලා, ට්‍රක් එකේ ඉඳල පළතුරු ගබඩාව ඇතුළට කොමඩු අතින් අත යැවුවා. කවුරු හරි දක්කම හිතයි ඒගොල්ලො ඉරි වැටිච්ච කොළපාට බෝල අල්ලන සෙල්ලමක් කරනවය කියල" "මං එතන හිටගෙන හුඟක් වෙලා බලා හිටිය.ට්‍රක් එකෙ හිටපු මනුස්සයෙක් මං දිහා බල බල සැරින් සැරේ හිනා වුණා. එයා හරිම කරුණාවන්ත පාටයි. අන්තිමට ඒගොල්ල දිහා බලාගෙන ඉඳලා මට එපා වුණා. මං ආපහු ගෙදර යන්න හැරෙන කොටම තමයි, ඒ ගොල්ලන්ට පැණි කොමඩු ගෙඩියත් අතෑරුණේ. ලොකු කොමඩු ගෙඩියක් විසිවෙලා ඇවිත් පාරෙ හැපුනා. හරියටම මං ලඟ. ඒක පිපිරුණා. කොමඩු ගෙඩිය ඇතුලෙ රතුපට මදෙයි, කලුපාට ඇටයි එක්ක ඇතුලෙ හීනි සුදුපාට ලෙල්ල... පැණි බේරෙන කොමඩු ගෙඩියයි, ඒකෙ සුවඳයි දැනුනම මට දැනුණා මං කොච්චර බඩගින්නෙද හිටියෙ කියලා. මං අහක බලාගෙන ගෙදර යන්න හැරුණා. අඩි දෙක තුනක් යනකොට මට ඇහුන කවුද කෑගහනව" "ඒයි ළමයෝ...ළමයෝ" "මං හැරුණා. ට්‍රක් එක උඩ ඉඳලා මට හිනාවුණු මනුස්සයා මං දිහාට එනවා. එයා අතේ අර පැලිච්ච කොමඩු ගෙඩිය" "ආ පුතා මේක ගන්න. ගෙදර අරන් යන්න. මේක ඔයාට..." | ||||
| ||||
"ඒ සරත් කාලෙත් සීත දැනෙන්න පටන් අරන් තිබුණ. හිම පියලි වැටිලා හුළඟට පාවෙලා ගියා. අපිට දැං ඉස්සර තරම් වත් කන්න නෑ. නාසි හමුදා මොස්කව් නගරෙට එන්න එන්නම ලංවුණා. මට බඩගිනි වුනා. ඒත් මං ඒ වෙනකොට හීන දැක්කෙ පාන් කන්න නෙමෙයි. පැණි කොමඩුයි පානුයි කන්න. දවසක් දා මං උදේ නැගිටිනකොට බඩ පිටටම ඇලිලා. බඩක් නෑ වගෙයි පෙනුණෙ. මට කෑම ඇරෙන්න වෙන දෙයක් ගැන හිතා ගන්න බැරි වුණා. මං වාල්යා ගේ ගෙදර ගිහින් කිව්වා "අපි පැණි කොමඩු මාවතට යමු. සමහර විට අදත් කොමඩු බාන්න බැරි නෑ. ආයෙමත් ගෙඩියක් විසිවෙලා පැලුණොත් එහෙම අපට ඒක හම්බ වෙයි" කියල. "අපේ ආච්චිලගෙ සාලු කරවල් වටේ ඔතාගෙන, කබායයි තොප්පියි දාගෙන අපි ගියා. ඒ මොකද උහුලන්න බැරි තරං සීත නිසා. අපි පැණි කොමඩු මාවතට ගියා.ඒක හරිම මූසල දවසක්. වීදියෙ මිනිස්සු හිටියෙ නැති තරං. හරිම නිස්සද්දයි. කොහොමටවත් දැං වගෙ නෙමේ. පැණි කොමඩු මාවතේ මිනිස් පුළුටක් වත් නෑ.අපි ගබඩාව ලඟ හිටගෙන පැණි කොමඩු අරන් ට්‍රක් එකක් එනකල් බලා හිටියා. ගොඩක් වෙලා හිටියා. කරුවල වැටුණ. ඒත් තවම ට්‍රක් එක නෑ." "බාගදා හෙට එන්න බැරි නෑ..." මං කිව්වා. "ඔව්. බාගදා හෙට ඒවි.." වාල්යාත් එකඟ වුණා. ඉතිං අපි ආපහු ගෙදර ගියා. ඊලඟ දවසෙත් අපි ආයෙමත් පැණි කොමඩු මාවතට ගියා. ට්‍රක් එකක් තියා මොකක් වත් නෑ. අපි එදා ඉඳන් හැමදාම ගියා. බලාගෙන හිටියා. බලාගෙන හිටියා. ඒත් ඒක කවදාවත් ආයෙ ආවෙ නෑ." තාත්තා කතාව නැවැත්තුවා. එයා ජනෙලෙන් එහා පැත්ත බලාගෙන හිටියෙ හරියට අම්මටවත්, මටවත් පෙන්නෙ නැති දෙයක් දිහා බලාගෙන ඉන්නව වගේ. අම්මා තාත්තා ලඟට ගියා. ඒත් තාත්තා එක පාරටම නැගිටලා කුස්සියෙන් යන්න ගියා. අම්මා තාත්තගෙ පස්සෙන් ගියා. මං තනි වුණා. මමත් තාත්තා කළා වගේ, වාඩිවෙලා ජනේලෙන් එහා පැත්ත බලාගෙන හිටියා. එකපාරටම මටත් තාත්තයි වාල්යයි සීතලෙන් ගැහි ගැහී බලාගෙන ඉන්නව මැවිල පේන්න පටන් ගත්ත. සුළඟයි, හිමයි ඒ ගොල්ලන්ගේ ඇඟවල් වල හැපුණ. ඒගොල්ලො සීතලට ගල් වෙලා. ඒත් හිටගෙන බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නවා. නිකම්ම බලාගෙන ඉන්නව...! මං කොච්චර බය වුණාද කියනවා නං මගෙ පිඟාන බදාගෙන මට පුළුවං තරං හයියෙන් කාගෙන කාගෙන ගියා. ඊට පස්සෙ මං ඒක ඇල කරලා, අන්තිම කිරි බිංදුව දක්වා බීගෙන බීගෙන ගියා. ඊට පස්සෙ පාන් කෑල්ලකින් පිඟාන පිහලා ඒකත් කෑවා. වෙන එකක් තියා හැන්දත් ලෙව කෑවා! | ||||
The Adventures of Dennis by Victor Dragunsky සිංහල පරිවර්තනය "ඩෙනිස්ගේ දස්කම්" කෘතියෙන් උපුටනයකි. මෙම කෘතිය විජේසූරිය ප්‍රකාශනයකි.[2005] | ||||
Victor Dragunsky | වික්ටර් ඩ්‍රැගුන්ස්කි |
Wednesday, July 7, 2010
විඥානවාදියාගෙ උදානය
ඒ කාලෙ අත්තම්ම කියා දුන් කතාවල දෙවියෝ ද රකුසෝ ද සිටියෝ රකුසෝ නපුර කැඳවත් දෙවියෝ මිනිසුනට පිහිට වෙත් එබැවින් මහරු දෙවිවරු මසිතෙහි ලැගුම් ගත්තෝ දුක් ගිනි නැගෙන මොහොතක රෝ බිය දැණුන දවසක පිහිටක් නොමැති හැම වර දෙවියන් පිහිට යැදුවෙමි ''දෙවියන් මිරිඟුවක් වේ නුඹ විඥානවාදියෙක් වේ'' මගෙ පන්තියේ සොයුරෝ මා හුදෙකලා කෙරුවෝ සොයුරන් දෙසු දහමින් දෙවිවරු බැහැර කෙරුවෙමි ගස් - ගල් වැන්ද සිත මැඩ බුදුගෙයි පිළිම බින්දෙමි එහෙත් වෙනදා මසිත පැවතුණු සන්සුන්කමත් ගිලිහුණි අපමණ තැවුල් කරදර ඇති විට කිසිවකුත් නැති වුණි බිලිඳු මා පුතු උපන් දවසේ සිත යම් තැනක නැවතුණි දැන් දැන් මපුතු ඇසුරේ දෙවියන්, බුදුන් දකිනෙමි පුතු බුදු සිනා කැල්මේ පිවිතුරු බවින් පිබිදෙමි තුරු අග සිනිඳු මල් මත වැඩ හිඳ දෙවිවරුන් කැඳවමි සිහිනෙන් ඉකිබිඳින පුතුනේ දුක දැක හදවතින් වැලපෙමි නළලත සිඹින හුස්මෙන් පුතු දුක් මවෙත ඇදගමි යටි සිත සැඟවූ බුදු රුව පුතු මුව මතින් දකිනෙමි මොළකැටි පුතුගෙ පා යුග බැති සිත පුදා නමදිමි [අඳුරු වන බිමකි අප නිවසන 2008] |
|
සජියගෙන් පුන්චි පහෙ අයට
හීන
සිහින විකුණන මාර ගහ යට දුගී දුප්පත් ලොතරැයි වෙළෙඳ සිටුවර පුංචි හිර ගෙදර සිනාසෙන සිහින මිටින් ගෙන ලෑලි මත ඇණ ගසාගෙන වැතිරෙන යකඩ කටකින් කෑගසාගෙන මාර ගහ යට සින්දු විසිරෙන පුංචි හිරගෙදර දිලිසෙන වෙළෙඳ සිටුවර පා මුල ඉරී වකුටු වෙන සිහින කඳු හැන්දෑවට කුණු කූඩයට රිංගන කඳුළු දිලිසෙන [මාවිල් ආරු නොහොත් මරණයේ දොරටුව 2009] |
Tuesday, July 6, 2010
හුවමාරු කළ හැකි දේ
මා කැමති යි අරක්කු
බෝතලයක් කඩා ගෙන
ආලින්දයෙන් එපිටට
ඇවිද යන්නට
සයුර ඉදිරියට ගොම්මන් වෙලාවෙහි,
මේ රහමෙර
මුසුව ගාන
ගමන් ම
තොල, විඳ ගනිමින්
සොම්නස හඬ ගා බමන
සුළඟෙහි, ඇන්න දුන්
අප යුද සෙබළුන්
තළා දමමින්
ගම්මුන් හෙළමින් බෝම්බ.
ඔවුහු, දෙමළුන්,
තෝරා ගත්තු යුද්ධය,
මුහුණ පෑ යුතු දැන්
අමිහිරි ප්‍රතිවිපාකවලට
නොපැකිළ,
තනි පයින්
පැන පැන යමින්
අලුත් ස්වාමියෙකු කරා.
මෙය ඉතා පැහැදිලි,
කුමට ලියනු ද
කව් පද තවත්, නැතොත්
හඳිනු පලඳිනු හෝ
සම්භාව්‍ය කෘති කියවනු පවා?
අරක්කු මිහිරි ය,
හුණු ගල් ද
ලුණු ද මිණි ද,
තිබේ නම් උතුරුකරයෙහි
නෙළා ගැනෙනු ඇත
ඒ අපගේ
දකුණුකරය පිනවන්නට
විවේකීව ඇවිදිමින්
උණවටුනෙහි ගෙවූ සැඳෑවන්
අතින් අත ගෙන
සඳ මඬල යට;
පවා ඒ දෙමළ
පිරිමි දරුවා
සිය මවත්
පියාත් අහිමි වුණු
එල්ලය වැරදුණු
මිසයිලයකට ගොදුරුව,
පවසයි ඔහු යා යුතු යැයි
නොනැවතී ඉදිරියට
උගත යුතු යි ශිල්පයක්.
පවතී අලුත්
ගණිත ක්‍රමයක්,
වීසි කරන්න ගණක රාමුව,
බාලයෝ, අපගේ සිහිනය,
අත් හැර දමනු ලැබ ඇත.
ඔබගේ දණ ඔබා
හිස් නමා වඳින්න,
තාමත් අප
කාරුණික ය,
දෙන්නම් ඔබට කුඩා
ඉඩම් කෑල්ලක්
වීදියෙ
පහළට වෙන්න
අලුතින් ලියලපු බෝධිය යි සි
ද්ධස්ථානය යි ළඟින්.