බොල් පිණි අහුරු වැටෙන
පාළු නුග ගස පාමුල
සුළගෙන් විසිල මැලවුන පත්
සර සර හඬින් සොලවා
සීත මැදියම් රැයක
නීල වර්ණ දුමාරයක්ව
පුස් බැඳුණ සොහොන් කොතින්
නැඟිට අහසේ සරමි…
කලකට පෙර අතැර ගිය
නෑ සියන් හිත මිතුරන්
සිහින අතරට පිවිස
දොඩමළු වෙමි..තතු විචාලමි
ඔවුන්ගේ මතකයන් තුල
මා පිලිබඳ රැදුනු
මතකයන් අවදි කරවා
අතීතේ මැලවුන සුවඳ පොද
යන්තමින් හෝ විඳිමි…
නින්දෙන් අවදිව දිනක
ඔබේ දහවල ගෙවන විට
අකුණු සැරයක් සේ විටෙක
මා පිලිබඳ මතකය
මනස හරහා ඇඳී යානම්
එයින් දැනගන් සබඳ
පෙරදින සිහින සමයක
ඔබ හා මා එකට
එක තැනක මුණ ගැසුනු වග…
Thursday, July 15, 2010
ඔබේ ලොවෙන් මගේ ලොවට….
දිවුරාල පවසන්න මට ආදරේ නම්...
දිවුරාල පවසන්න මට ආදරේ නම්
මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතනවා නම්
එය සත්තකයි සොඳුරෙ මා මියෙන තාකල්
ඔබමයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
හිරු මල් දෑතෙ සඟවා... වලාරොදක නැගිලා
සත් සමුදුරුම කලඹාල ඔබ වෙතට එනවා
ඔබේ ඔය සිනාවේ... රැඳී ඉන්න සසරේ
මෘදු මල් යහන මගෙ වේද හැමදාක සොඳුරේ
සියුමැලි ඇඟිලි තුඩු හදට තද කොට තබාලා
ඔබ සතපන්න තරු අහසෙ වියනක් සදාලා
සුසුමක් හෙලන හැම වරෙක ඔබමයි සිතාලා
කෝ... නිදියන්න මගෙ මැණික මට තුරුලු වීල
මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙන "සුලඟ" ටෙලි නාට්‍යයේ තේමා ගීතය වන මේ ගීතය හුඟාක් දවස් වලට මට ඇහිල තියනවා. හැබයි ඉතින් ටෙලි නාට්‍යය නම් බලල නෑ.
සින්දුව අහන්න කැමති අය මෙතනින් download කරගන්න
යලි ඔබ එනවද අරගෙන ගිය මගෙ සිතත් අරන් ......
බලන්න දෙනෙතේ කඳුළු පිරෙනවා ඔබේ නමින්
හැමදාමත් ආදරය විඳින්නට මා කළ පින් මදි නිසා ඉතින්
කියන්න නික්මී යන්න අවසරද හීන පුරපු නෙතු පියන් යටින් ...
සදාකාලිකයි මා සිත පතනා ඔබගේ ඔය පින්සාර සිතින්
විදින්න සිසිලස අකැප මුත් මට බලා හිඳින්නම් සැඟව දුරින්
කිසිම දිනෙල යලි නොඇසෙන මුත් ඔබෙ මුවගින් ගිලිහෙන සොඳුරු වදන්
අහන්න දුර සිට සැමදා මා පතනා සුපැතුම් ඔබ සිහින් සරින්
මුව ගොළුවූවට නිල්නෙතගින් ඔබ මට පැවසූ ඒ සොඳුරු රහස්
සිතන්න සැමදා තියේවි සැඟවි නිල්වන් තුරුගොමුවලට යටින්
ඔබවම පතනා නෙත යම් දිනයක පුරවාලා තුටු කඳුළු දියෙන්
කියන්න මිතුරියෙ යලි ඔබ එනවද අරගෙන ගිය මගෙ සිතත් අරන් ...
කවදාවත්ම නුඹ මට නොලැබෙන හිංදා ......
අහිමි බව දැන දැනත් ආදරය මගහරින්නට බැරි හැටි
වරක් දුටුවිට තව වරක් දැකගන්නට හිත පෙරුම් පුරනා අපූරුව
කඩ මංඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොමහරි
කතා නැතුව හිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී
ගහකොළ වලට දාහක් ඇස් ඇති හිංදා
සුලඟට සියුම් දාහක් කන් ඇති හිංදා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හිංදා
මුණිවත හොඳයි දෙබසින් දුක වැඩි හිංදා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්ට බැරි
ගායනය :- නන්දා මාලිනී
mp3 ගොනුව මෙතනින් භාගත කර ගන්න
මෙහි මුලින් සඳහන් පාඨයන් උපුටා ගනු ලැබුවේ කරුණාසේන ජයලත් මහතාගේ බඹා කෙටූ හැටි නව කතාවේ නව මුද්‍රණයේ පිට කවරයෙනි
Tuesday, July 13, 2010
රම්බරිගේ නොම්බරය!
මිදුලේ වැලි මාලිගාවේ
![]() |
| මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න ගල් වැට ළඟ වාඩි වෙලා හඳ පායන හැටි බලන්න සතර දිසා ජයගෙන මම හනික එමී ඔබේ ලොවට සඳ හිරු වී එළිය දෙමී පීනා සිප් සයුර එතෙර සියල් සතර දැන පිරිසිඳ ලොවේ අනෙක අවමන් මැද නොසෙල් වෙමී මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමී මිදුලේ වැලි මාලිගාවේ.... එපා ඔටුනු මගෙ සිරසට එපා සිහසුනක් හිඳිනට සිනා සිසී මා එන මග හිඳිනු මැනේ දුවේ කියා මා අමතන් පියාණනේ මිදුලේ වැලි මාලිගාවේ... සිංදුව අහන්න මෙතන කිල්ක් කරන්න මියැසිය- රෝහණ වීරසිංහ ගායනය- පේෂලා මෙන්ඩිස් |
Monday, July 12, 2010
Friday, July 9, 2010
හුස්මෙන් හුස්මට සෙනෙහස පිදුවේ
මතක සුවද ඔබයි
මගේ පුතු නිදන්නේ ගීයක් වගේ මියුරු
මගේ පුතු නිදන්නේ ගීයක් වගේ මියුරු

යශෝදරාවිය, නුබ මව් ඇකයේ වැදි
පුතුනේ නිදනවද කුමරුන් රාහුල සදිසි
සෙනෙහ ගඟුල ගලනවා නිම් හිම්නොදැනි
පුතුනේ නුබයි දුන්නේ මව් පිය පදවී
තව් තිසාවේ සුර අගනුන් මෙහි වැඩලා
හීනෙන් නුබ හිනා උනාඒ දැකලා
අම්මා ගයන නැළවිලි ගී රස දැනිලා
සමන් පිච්ච මල් පිපිලා හිනා වුනා
කිරි කර පොවන්නේ මව් ලය පිරි රුහිරු
මගේ පුතු නිදන්නේ ගීයක් වගේ මියුරු
සැනසුම නුබයි පුතුනේ අප හට සොදුරු
කවි කර ලියන්නේ සෙනෙහස පුතුට පිදු
හදෙහි උන් සකි සඳ
හදෙහි උන් සකි සඳ
දහසකුත් මහ සෙනඟ අතර මැද
සුවහසක් ඔල්වර හඬ නැගෙන සඳ
සුවහසක් ඔල්වර හඬ නැගෙන සඳ
මොහොතකට ලොව නැවතුණ තැන
හිටි පියවරම මතකයෙහි නුඹ දිස්විණ
“ගෙවී යන කාලයට
බොහෝ දේ කළ හැකිය...
සදා සපත වූවන්
ලිහා වෙන් කළ හැකිය...”
නිදා ගත් හද පත්ලෙන්
මතුව එයි හෙමිහිට
සටහන් පොතේ කෙළවර
කුරුටු ගෑ කසුරිගෙ කවි පද
රඟ මඬල හස කැන් මැද
එක්ව රඟ දුන් සකි සඳ
සිමෙන්ති වේදිකාවෙන්
නිම් නැති අහස වට
තාමත් නැගෙන මේ ඉර හඳ යට
අපි වගේ දඟකළ
කව්රුවත් හිටියාද වෙන තව
පාසලේ අවන්හල කෙළවර
බෙදා ගත් උණුම උණු ප්ලේන්ට්ය
රස සිහිව උගුරෙහිම සිර වෙයි
නැගෙනු නොමදුන් ඉකි හඬ
මහ කැළෑ වගුරු බිම් පිරිසිඳ
ගිරි හෙල් ද පසුකරන් එන මග
වෙහෙසට ගිලිහුණා මිස
අත් හැරියා නොවෙයි නුඹේ අත
නිහඬව වැතිර මේ තණ බිම
කොපුලෙහි මිදුණු පිණි බිඳු ගෙන
පන්තියේ එදා නොකියා
මග වැටුණු කවිය ලියමි මම
රැගෙන හෙමිහිට ඉවතට
කටු ඇනී ලේ ගලන හදවත
තබන්නෙමි නුඹේ දෑත් මත
ඇහෙනවද එදා වාගෙම ගැහෙන හඬ
සුළඟ.....,
සුළඟ.....,
ඔබ එන්න
ඇවිත් අරගෙන යන්න
මං නිදන මේ වලාකුළ
ගෙන යන්න දුර ඈත
දෙණි බිම් තැනිතලා වෙත...
වස්සන්න මහ වැසි
වසර දස දහසකින්
තෙත නොලද බිම් වලට....
දෙකෝටියක් තරු ඉස
අස්වද්දන්න මිහි කත...
පුබුදන්න සක්වලම
ගෙන යන්න
නිදන මේ වලාකුළ
මං ඇහැරිලා ඉන්නම්
ගෙන යන්න
ඔය පාට දේදුන්න
මං අවර්ණව ඉන්නම්
ගන්න මේ මුළු අහසම
ඔබට ඕනෙම නම්
ඒත්...
ඉතුරු කර යන්න
මගේ සඳ විතරක්
මට...
ආදරණීය අම්මේ.......
ආදරණීය අම්මේහුගක් පැහැබර දවසක රෝස පාට සාරියක් ඇදල, ඇස්වල සතුටත්, දුකත් දරාගෙන හිටිය ඔයාව මම දැක්ක ගමන් අදුරගත්ත. දුරින් අඩිය තියල දුරකට වෙලා හිටිය අම්මගේ ඇස්වල කඳුළු දිලිසෙනව මම බලාගෙන හිටිය. මම ඔලුව උස්සල අම්ම දිහා බැලුව. ඇහැට ඇහැ හමුවුණාම ඔලුව චුට්ටක් නමල ඔයා මගෙත් එක්ක හිනා වුනා. හරියට හුග කාලෙක ඉදල දන්නව වගේ. අලුත් ජීවිතයක අලුත් බලාපොරොත්තු එක්ක මගේ පුංචි යෙහෙලිය පෝරුවට නැගුන. ඒ පුංචි සුරංගනාවිය දිහා අපි හැමෝම බලාගෙන හිටියෙ හරිම ආදරෙන්. ඇත්තටම අපි හැමෝම එතනට ආවේ එයාට අපේ ආශීර්වාදයත් ආදරයත් දීල යන්න.
ඒ එක්කම මට ඕනවෙලා තිබුණ ඒ සුරංගනාවිට පොළොවට පය ගහන්න, බය හැකක් නැතිව ඇවිදින්න, වාරුවක් නැතිව නැගිට්න්න අතදීපු අම්මට ආදරෙයි කියන්න, ස්තුතියි කියන්න. දවස නිමා වෙන්න මොහොතක් හරි තියල ඒක ඔයාට කියන්න මම බලාගෙන හිටිය. එක මොහොතක මම ඔයාව හෙවිව. අනේ ඔයා කොහේවත් හිටියෙ නැහැ. මට හරියට දුක හිතුණ. මට මගේ යුතුකම කරන්න බැරිවුණා. මම මගේ යෙහෙළියකට කිව්ව.
ඊටත් පැයකට විතර පස්සෙ අම්මව මට මුණ ගැහුනෙ අහම්බෙන්. මම අම්මගෙ නම කියල ඒ ඔයා නේද කියල ඇහුව. ඇත්තටම මට ඒ වෙලාවෙ දැනුනෙ බොහෝම සුන්දර ආදරණීය ලෙංගතුකමක්. මගේ කමක්, අපේ කමක්, ඒ වුනත් මට අම්ම ට මගේ හැගීම් ඒ විදිහටම කියන්න බැරිවුණා. භාෂාව අපි දෙන්න අතරට බාධකයක් වුනා. ඒ වුනත් මම කියන්න ඕන වුනු මගේ හැගීම් අම්මට දැනුන කියල මට දැනුණ.
ඇත්තටම ආදරණිය අම්මෙ. ඔයාව බදල වැලදගන්න බැරි තරම් මගේ දෑත් පුංචියි. ඔයාගේ හදවත ඒ තරම් විශාලයි. ආදරය, කරුණාව දයාව විතරක් නෙමෙයි සතුට, සැනසීම, ආශීර්වාදය ඔයාගාව තියෙනව. ආදරණිය අම්මෙ අපේ රටේ අපි හැදිල තියෙන්නෙ හැමදේම ඇතුලු හදවතින් දරාගන්න. අපි දෙයක් ප‍්‍රකාශ කරන්න යොමු වෙන්නෙ හරිම අඩුවෙන්. ඒ වුනත් මම දන්නව හංගපු ආදරයකින් ලැබෙන දෙයක් නෑ කියල. ජීවිතේ සමහර දේවල් එළියට ප‍්‍රකාශ කරන්න ඕනි නෑ තමයි. අම්ම අම්මගේ ආදරය ගැන කරුණාව ගැන කතා කරන්නෙ නැහැනෙ. අම්මගේ සතුට ගැනයි කතා කරන්නෙ. ඒ වුනත් ආදරණීය අම්මෙ, තමන් කෙනෙකුට ආදරෙයි කියන එක ඒ ආදරේ අනෙකාට දැනෙනව කියන එක ආදරේ දෙන කෙනාට දැනුනහම තියෙන සතුට විශ්වාස කරන්න බැරි තරම් විශාලයි.
ඇත්තටම මම මගේම අම්මව හුග කාලෙකින් තුරුළු කරගෙන නැහැ. දැන් මගේ අමිමව මම තුරුළු කරගන්න ගියොත් ඈ මගෙන් අහනව මොකද මේ නාකි දණ ගාන්න හදන්නෙ කියල. ඒ වුනත් එදා ඒ මොහොතෙ අම්ම මාව තුරුළු කර ගත්තහම මගේ හිස අම්මගේ පපුවෙ රැදුනම මට හරි අපුරු සුවයක් දැනුන. ඒ එක්කම අම්මගේ හඳවත ඉකිබිදින හ~ත් මට හොදටෝම දැනුන. ඒත් එක්කම මට දැනුන අම්මගේ ඒ කඳුළ වැටුනෙ සතුටත්, දුකක් බෙදාගන්න හිනාවක් කඳුළක් බෙදා ගන්න තරම් හයියක් නැති අය වෙනුවෙන් කියල. ආදරණීය අම්මේ ඔයා හඬන්න බැරි අය වෙනුවෙන් හඬා වැටෙනව. හිනා වෙන්න බැරි අයට හිනාවක් දීල ඒ අයත් එක්කම හිනාවෙනව. ඒක තමයි මම ඔයා තුළින් දකින විශේෂත්වය.
ආදරණිය අම්මේ මම හදවතින්ම කියනව ඒ ගෙවුණ හෝරාව ඔයාගෙ කියල. මගේ යෙහෙලියගේ මංගල දවස ඔයාගෙ කියල. මම දුටුව ඔයාගේ වාගේම දීප්තිමත් තවත් ඇස් හතරක්. මගේ යෙහෙළියගෙ දීපිතිමත් දෑස. ඒ එක්කම ඔබේ ජීවන සහකරුවාගේ දීප්තිමත් දෑස, ඒ දෑස්වල දි¥ලන ආලෝකය දීප්තිය ඔබයි මගේ අමිමෙ.
ආදරණිය අම්මේ. මට ඔයාට කියන්න ඕන, මම දකින මම දැකපු අම්මල අතර ලෝකෙ ඉන්න ආදරණීයම අම්ම ඔයා කියල. මම දන්නව ගැහැණියකගේ ආදරයේ විවිධ සීමා මායිම් තියෙනව කියල. හැබැයි දරු සෙනෙහස හැම ගැහැනියකටම පොදුයි. ආදරණීය අම්මේ, ඔයාගේ ආදරයට සීමා මායිම් නැහැ. ඔයාට පුළුවන් මුළු ලෝකෙටෙම ඔයාගේ ආදරය දෙන්න. මම දන්නව දැනටමත් ඔයා මුළු ලෝකෙටම ආදරය කරනව කියල. ඒ වුනත් ඔයාගේ ආදරේ දැනෙනව කියල මට ඔයාටම කියන්න ඕන.
ආදරණීය අම්මේ, කෙනෙකුගේ ලැබෙන උදව්වට අපිට හරිම ලේසියෙන් ස්තූතියි කියල කියන්න පුළුවන්, එහෙම නැත්නම් බොහොම ස්තූතියි කියල කියන්නත් පුළුවන්. හැබැයි කෙනෙක්ගෙන් ලැබෙන ආදරයට හිලව් කරන්න පුළුවන් ඒ වාගේම ආදරයක් විතරමයි. හැබැයි ඒ ආදරයට කොතනකදිවත් මොන විදිහටවත් මනින්න බැහැ. ඒ ආදරයට වටිනාකමක් දෙන්න බැහැ.
ආදරණීය අම්මේ මම ඔයාට කියනව හුගක් ආදරෙයි කියල. එක හදවතක ආදරේ කොච්චර විශාලද කියල මම දැනගත්තෙ ඔයාගෙන්. මම ඔයාට ස්තුතියි කියනව, අපිට දෛවය විසින් උරුමකරන දේ මොනවගේ දෙයක් වුනත් ඒ දෙය අභිමවා යන්න ශක්තිය අපිට තියෙනව කියල කියල දුන්නට. මම ස්තුතිවන්න වෙනවා ඔබේ දෙමාපියන්ට, ඔබ වැන්නියකට ජීවිතය දුන්නිසා. ඔබෙන් තව බොහෝ දෙනෙක් ජීවිතය ඉගෙන ගන්න නිසා. අම්මේ මම ඔයාට ගරු කරනව. ආදරේ කරනව ඔබ සැබෑ ගැහැනියක නිසා.
*************
උපතින් දෑතක් අහිමි දියණිකට දෑතක් වූ, මවකවූ, ආදරණිය සුදු අම්මා වෙනුවෙන් ලියැවුණු මේ සටහන නැවත පල කෙරෙන්නේ ලොව පුරා වෙසෙන මව්වත් ගුණැති සියළු මව්වරුන් නමටය............ සජිත්
ඇඟිලි පහේ කවි

ආල වඩන අනගි රත්නයෙන් සැරසෙනවා
කෝල නැතිව ආදරයට ඉස්සර වෙනවා
රාලහාමි බව මම කාටත් අඟවනවා
බාල නමුත් සබයෙදි මම සමතෙක් වෙනවා
කමකට නැති බස් කීවා නරකයි මට දැන්
සමහර දන රත්න ජාති මටත් දෙති බොලන්
හැමදේටම වැඩියෙන මම දන්නේ වෙදකන්
මෙම කාරණ නිසා මමත් සමතෙක් වද දැන්
ඔන්න ඉතින් උඹලගේ ලොකුකම මම දැක්කා
දෙන්න දෙන්න දෙ පැත්තෙ ඉඳගන මා රැක්කා
ඉන්න කලට සබයෙදි උස මහතින් බක්කා
දන්නෙ නැද්ද එහෙම නිසා සබයට ලොක්කා
පලවැල රස තුරුර සැම රසගුණ පෙන්නන්නේ
කලබලයක් දුටුවිට නුඹලා ඇකිළෙන්නේ
කොලහල අඬ දබර වලට තනියම යන්නේ
බල සොඳ සපනෙකි ලොව මා කවුරුත් දන්නේ
පොයියංගම් වෙන්ට ම වද උඹලගෙ ලොකු කම
ඇයි බං කාටත් නො පෙනෙද තිබෙන එකතුකම
කොයියම් දේ කරතත් තනියම පැත්තක් මම
දෙයියන්පල් එනිසා පට බැන්ද කෙනෙකි මම
['ජයමඟුල් සිලෝ හා අභිනව ජයමංගල ගාථා' පොතෙන්.]
මොනවද මුත්තේ මොකද කරන්නේ (පුන්චි කාලෙට හිත ගෙනියන සොන්ග් එකක් )
මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි //
දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකි දේ නොම තේරෙයි මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට ඔබටම වෙයි දොස
පෙර උන් අය සිටවූ අඹ ගස්වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
මේ යුතුකම හොඳ හැටි දැනගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ගී පද : එස් මහින්ද හිමි
ගීත මියැසිය : රෝහණ වීරසිංහ
ගායනය : අනූෂ නානයක්කාර සහ රෝහණ වීරසිංහ
Thursday, July 8, 2010
෴ හඳුනා ගන්න ඒ ඔහු / ඇය විය හැකියි ෴
ජීවිත කාලයේ දී හැමදාම අපිට කීදෙනෙක් නම් මුණ ගැහෙනවද? කීදෙනෙක් එක්ක හිනා වෙනවද කතා කරනවද...
එයින් කී දෙනෙක් මතකයේ රැදෙනවද.... කී දෙනෙක් ජිවිතෙට සම්බන්ධ වෙනවද.. කී දෙනෙක් අපව හැර යනවද...
එයිනුත් කී දෙනෙක් මරණ මංචකයේදිත් දකින්න පෙරුම් පුරනවද......
පිස්සු වගෙයි ද.... නැහැ එහෙම නැත්තම් තමයි පිස්සු හැදෙන්නේ.....
ලෝකේ කොච්චර මිනිසුන් හිටියත්, අපි ළඟ රැදෙන්නෙ ,එයිනුත් අපිව තේරුම් ගන්නේ, එක්කනයි නැත්තම් දෙන්නයි. ඒත් අපි හරිම මෝඩයි. අපේ ඒ මෝඩකම නිසා, ඒ එක්කෙනා හරි දෙන්න හරි අපේම වරදින් අපි නැති කර ගන්නව.
සමහර කෙනෙක් ඉන්නව ,රූපයෙන් ,තරාතිරමෙන්, රැකියාවෙන් ,සමාජ තත්ත්වයෙන් ,වයසින් ,පාටින් ,පවුල් පසුබිමෙන් තමන්ට නොගැලපුනත් තමන්ව තේරුම් අරන් එකට ජීවත් වෙන්න නම් කියාපු කෙනා.ඒත් සමාජයේ මුල් බැස ගත් ආකල්ප වලට මුහුණ දෙන්න තියෙන බිය නිසාත් බාහිර වටිනාකම් වලට වැඩි තැනක් දීමට සිත ගන්නා උත්සාහය නිසාත් තමන්ට වඩාත්ම ගැලපෙන කෙනාව අපි අහිමි කර ගන්නව.
ඒත් ,පසු කාලීනව අපිට මුණ ගැහෙන අය අතර අර අපි කලින් අතහැරල දැම්ම වගේ අය මුණ ගැහෙන්නෙ නැති වෙන්න පුලුවන්.
තනියෙන් සිටින කොට දැනෙන තනිකමට වඩා ,ගොඩක් දරා ගන්න අමාරු තනිකමක් තමයි විවාහය තුල කෙනෙක් තනි වෙන එක... ගැහැණු පිරිමි දෙපාර්ශවයම එහෙමයි...බාහිර වටිනාකම් වලට එක දුන්නම හිත් වලින් තනි වෙන එක වලක්වන්න අමාරුයි. මොකද බාහිර වටිනාකම් වල සැබෑ ස්වරූපය අපිට දවසක වැටහෙන නිසා... අපි පහු වෙලා හරි අපිව තේරුම් ගන්න පුලුවන් හිතට ලන් වෙන්න පුලුවන් අය සොයනව.....
මම දැකල තියෙනව සල්ලි බාගෙ ,යාන වාහන ,විතරක් නෙමෙයි හරිම ලස්සන ගැහැණුන්ව බැදල ඉන්න පිරිමි පවා ආදරය සොයමින් අඬන හැටි. මෙතනදි ආදරය කීවේ රාගය නෙමෙයි. රාගය ගන්න යන්න පුලුවන් තැන් තියෙනව නේ.... තමන්ව තේරැම් ගන්න ,තමන්ව අදුන ගන්න, තමන් කියන දේ අහන් ඉන්න පුලුවන් ,තමන්ට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක්ව හොයනව.
ඉතින් ..බාහිර වටිනාකම් වලට මුල් තැන දෙන්නෙ නැතිව බොහොම පුංචි හාදුවක් එක්ක ගොඩක් ආදරේ ලබන්න තියෙන අවස්ථාව අහිමි කර ගෙන අතර මඟදි හිස් වෙන ආදරයක් ලබන්න ඔබ කැමති වෙන එකක් නැහැ කියල මම හිතනව....
A successful marriage requires falling in love many times, always with the same person.
Subscribe to:
Posts (Atom)














