Tuesday, July 6, 2010
ලියා දන්වන වගනම්
මගේ සාරය
ඉතා යහපත් මහරජ!
|
| ඉතා යහපත් මහරජ! |
| |
| http://www.boondi.lk |
මනු සත් ප්‍රේමය
රංචාගොඩදී කුරුලු ජෝඩුවක් කිචි බිචි ගෑ නඩුවක්
වේසිය සහ භික්ෂුව
එස්.එම්.එස්. ප්‍රේමය -

සුවඳ පෙම් හසුන් පත්වල කවිලීව
නිබඳ කඳුළු මිමිණූ මුදු සඳපාන
ගලන දොළක මල් පෙත්තක මුදු සිහිළ
දුරක ගිහින් යළි නොයෙනා ලෙස ඈත
නිබඳ අත්බණු කන ළඟ ගී කියන
වැරදි අකුරුවල ඇමිනුණි පෙම් හීන
විපුල විසල් සෙනෙහස දෝරේ ගලන
දිනට දහස්වර හදවත කිතිකවන
වෙහෙස කුමට පබඳින්නට කවි ගීත
කෙටියෙන් කිවත් සෙනෙහස ගැඹුරුයි බෝම
අතින් අතට ගුවනින් ගෙනෙනා හීන
සිතින් සිතට දැනුණේ නෑ පෙර සේම
වංගුවෙ පොඩි ගෙදර ලොකු අඹ ගහ පාමුල පුංචි කෑම මේසයක් තිබුණා. කණුවක් හිටවලා, ඒක උඩින් ලොකු ලෑල්ලක් තියලා ඇණ ගහලා තමයි මේ විශේෂ කෑම මේසය හදලා තිබුණේ. හැම උදේකම පොඩි ගෙදර සීයත් ආච්චිත් ඇවිත් කෑම තියලා යනවා. හුඟක් වෙලාවට කෑම මේසෙ සැරසෙන්නෙ පාන්, බත්, ධාන්ය වර්ග, කෙසෙල් ගෙඩි සහ ගස් ලබු වලින්. ඒ අහල පහල තිබුණු ඇඹරැල්ලා ගස් මුදුනක පදිංචි වෙලා හිටියා ලේන් පවුලක්. ලේන් පවුලේ හැමෝම අවදි වෙනවා උදේ පාන්දරින්ම.
ඊළඟට දත් මැදලා, මූණ හෝදලා, පිරිසිදු වෙනවා. ඉන්පස්සෙ හැමෝම එන්නෙ කෑම මේසෙට.
එක දවසක් හදිසියෙම උදේ පාන්දර වංගුවෙ පොඩි ගෙදර අඹ ගහෙන් ඇහුණු කුරුළු කච කචයෙන් ලේන් පොඩිත්තො ඇහැරුණා. ඒ විතරක් නෙමෙයි, ලේන් අම්මාත්, තාත්තාත් කලබල වුණා.
කරමින් හිටි වැඩ නවත්වලා හැමෝම එළියට ආවා. දුටු දෙයින් හැමදෙනාම කලබල වුණා. පොල්කිච්චයි, පොල්කිච්චියි, කොණ්ඩ කුරුල්ලයි, කොණ්ඩ කිරිල්ලියි කෑම මේසෙට ඇවිත්. හතර දෙනාම බොහොම සතුටින් කතා බහ කර කර හිනා වෙවී කෑම රස බලනවා දැක්කම, ලේන් තාත්තට තරහ ගියා. අඹ ගහ මුදුනට ඇවිත් එයා අඩිය පොළවෙ හප්පලා කුරුල්ලන්ට කතා කරලා මෙහෙම කිවුවා.
"ඔහෙලා මොකද මෙතන කරන්නෙ? මේක අපේ කෑම මේසෙ?"
" හා..හා.. හා..! කෝ? ඔහෙලගෙ කියලා නම ගහල තියෙනවද?" පොල්කිච්චා ඇහුවා.
"නම තියෙන්න ඕනෙ නෑ. බොහොම කාලයක් තිස්සෙ අපි මෙතනයි කෑම කෑවෙ!" ලේන් අම්මා කිවුවා.
"ඉතිං, ඒකට මොකද?? අද ඉඳලා අපිත් එන්නෙ මෙතනටම තමයි. තේරුණාද ඔහේට?!" කොණ්ඩ කුරුල්ලා කිවුවා.
"අපෙ පරම්පරා ගණනාවක්ම මේ වත්තෙ පදිංචි වෙලා උන්නෙ. ඒ නිසා වැඩි අයිතිය අපිටයි" ලේන් තාත්තා තරහෙන් කිවුවා.
"අපිත් පදිංචි වෙලා ඉන්නෙ දැන් මේ වත්තෙම තමයි. ඒ නිසා දැන් ඔහෙලට විතරක් නෙමෙයි, මෙතන අපිටත් අයිතියි!" කොණ්ඩ කුරුල්ලත්, කිරිල්ලීත්, පොල්කිච්චාත්, පොල්කිච්චීත් බෙරිහන් දුන්නා.
ලේන් තාත්තාට හොඳටෝම තරහ ගිහින්, කෑම මේසේ මැද්දට පැනලා පොල් කිච්චාව තල්ලු කලා. කොණ්ඩ කුරුල්ලා ලේන් තාත්තාට හොටෙන් ඇන්නා. ලේන් අම්මා දුවගෙන ඇවිත් කොණ්ඩ කුරුල්ලාගේ තටුවකින් ඇද්දා. පොල්කිච්චියි කොණ්ඩ කිරිල්ලියි එකතු වෙලා ලේන් අම්මාගෙ නැට්ටෙන් ඇද්දා. දැන් කෑම මේසේ උඩ එකම ගාලගෝට්ටියයි. රණ්ඩුවේ සද්දෙට පොඩි ගෙදර පිල උඩ හොඳහැටි නිදා උන්න බලල් රාළත් ඇහැරුණා.
"නවත්තපල්ලා ඔය කෑගැහිල්ල. ඔන්න මං නරකයි කියන්නෙපා.මාව කේන්ති නොකර පාඩුවෙ හිටපල්ලා!"
එහෙම කියලා, ඇඟමැලි කඩලා, දිව එළියට දමලා ලොකු ඈනුමක් ඇරලා බලල් රාළ ආයෙත් නින්දට වැටුණා.
පොර බැදිල්ලයි රණ්ඩු කිරිල්ලයි නිසා කෑම ඔක්කොම බිමට වැටිලා සී සී කඩ විසිරිලා ගියා. අන්තිමේදි කාටත් කෑම නෑ.
"හෙට උදෙන්ම අවදි වෙයල්ලා දරුවනේ. හැමෝටම කලින් අපි මේසෙට යමු!" ලේන් තාත්තා පැටවුන්ට කිවුවා.
"අපි බයවෙන්නෙ මොකටද? හෙට ඉර එබෙන්න කලියෙන් අපි එතනට යන්න ඕනෑ" පොල්කිච්චා කිවුවා.
"ඔව්, බලමු කවුද දිනන්නෙ කියලා!" කොණ්ඩ කුරුල්ලා කිවුවා. ඒ කියමන හරි බව හඟවමින් පොල්කිච්චීත්, කොණ්ඩ කිරිල්ලීත් ඔළුව වැනුවා.
ඒත් පහුවෙනිදාත් කුරුල්ලන්ගේත් ලේනුන්ගේත් දබර කරගැනිල්ල නිසා කෑම අහක ගියා. කාටවත් කන්න ලැබුණේ නෑ.
ඔහොම දවස් ගණනක් ගෙවිලා ගියා. රණ්ඩු කරගැනිල්ල පුරුද්දක් වුණා. ඒ නිසා කවුරුත් සතුටෙන් උන්නෙ නෑ. හැමෝම හිටියෙ කෙන්තියෙන්, තරහෙන්, දුකෙන්. ඒ හැම දේටම වැඩියෙන් බඩගින්නෙ ඉන්නත් වුණා.
ඔන්න එක දවසක්, පුරුදු විදියට උදේ පාන්දරම පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත්, ලේන් පවුලේ උදවියත් දබරයේ පැටළුණා. අහල පහළින් පියඹාගෙන ගිය කපුටෙක් මේක දැක්කා. දැකලා,
"ඔහෙලා මේ හැටි රණ්ඩු වෙන්නෙ මොනවා බෙදාගන්න බැරුවද?" කියලා ඇහුවා.
"මේක අපි හැමදාම කෑම කාපු මේසෙ. මේ ගොල්ලො ඇවිත් ඒක අයිතිකරගන්න." ලේන් තාත්තා පැමිණිලි කළා.
"ඒ වුණාට අපිත් දැන් මේ වත්තෙ පදිංචි කාරයෝ. අපටත් අයිතියක් තියෙනවා මෙතන කෑම කන්න." පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත් කියා සිටියා.
"හරි ඔහෙල කැමති නම් මං මේක විසඳලා දෙන්නම්"
මොහොතක් කල්පනා කරලා කපුටු රාළ කිවුවා.
"හරි, අපි කැමතියි" සියල්ලෝම එකහඬින් කිවුවා.
"හරි එහෙනම් මෙන්න මෙහෙමයි, මට ඔහෙලා එක්ක වෙන වෙනම කතා කරන්න ඕනෑ." කපුටා කිවුවා.
"හරි, අපි කැමතියි" සියල්ලෝම එකඟ වුණා.
ඉතින් ඔන්න, කපුටා ඉස්සෙල්ලාම ලේන් පවුල එක්ක කතා කරන්න ලේන් ගෙදරට ගියා.
"හැමදාම මෙහෙම රණ්ඩු කරන හොඳ නැහැ නෙව. මට පුලුවන් මෙහෙම යෝජනාවක් කරන්න. දවසක් කෑම මේසෙ ඔහෙලට ලැබෙනවා. ඊළඟ දවස අර කුරුල්ලන්ට... ඒ විදියට දවසක් ඇර දවසක් දෙගොල්ලන්ටම මාරුවෙන් මාරුවට කන්න ලැබෙනවා..මොකද කියන්නෙ?"
"එහෙම කොහොමද? අපියි හැමදාම මෙතන උන්නෙ!" ලේන් තාත්තා අමනාපයෙන් කිවුවා.
"පොඩ්ඩක් හිතලා බලන්න, හැමදාම මෙහෙම රණ්ඩු වෙන එකෙන් වෙන්නෙ දෙගොල්ලොම බඩගින්නේ ඉන්න එක. කාටවත් කෑම ලැබෙන්නෙ නෑ ඒකෙන්".
බඩගින්නෙන් මූණු මැලවුණු පැටවු දෙන්නා දිහා ලේන් තාත්තා බැලුවා.
"හා, හොඳයි! මං කැමතියි" අන්තිමේදි ලේන් තාත්තා කිවුවා.
පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත් මුණගැන්න ගිය කපුටා ඔන්න ඒ විදියටම කිවුවා. අන්තිමේදි ඒගොල්ලොත් කැමති වුණා.
ඒත්, කපුටා ට තිබුනේ කපටි අදහසක්. කපුටා කුරුල්ලනුත්, ලේන් පවුලත් තරහා කරවලා රවට්ටලා, කපුටු යාළුවන් හැමෝම කෑම මේසෙට එක්කගෙන ආවා. දැන් කෑම මේසය කපුටන්ගේ.
කපුටු උපායෙන් රැවටුණු කුරුල්ලන්ටත්, ලේන් පවුලටත් දිගටම බඩගින්නේ ඉන්න වුණා.
හැම දවසකම උදේ පාන්දරින් කෑම මේසෙට එන කෑදර කපුටෝ කරන්නෙ කෑම ඔක්කොම ගිලදමන එක. ලේන් පවුලෙ උදවිය කන්න එනකොට කෑම මොකුත් නෑ. මේසය හිස්. ඔන්න එතකොට අඹ ගහේ ඉහළ අත්තක ඉඳන් කපුටා මෙන්න මෙහෙම කියනවා.
"මේ වැඩේ කරන්න බෑ. අර වංචාකාර කුරුල්ලෝ උදෙන්ම ඇවිත් ඔක්කොම ගිලලා ගිහින්..! මොනවා හරි කරන්න ඕනෑ ලේන් හාමීයේ. මට දුකයි ඔහෙලා ගැන"
“ඔව්, මේක කරන්න බෑ! ඔහේ ගිහින් කියනවා අර මෝඩ කුරුල්ලන්ට මාත් එක්ක සටනට එන්නයි කියලා. හැබැයි දිනන කෙනාට තමයි මෙතන අයිතිය ලැබෙන්නෙ" ලේන් තාත්තා කෙන්තියෙන් කියලා යන්න ගියා.
ඒ විදියටම පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත් කෑම මෙසේට එන දවසට කපුටො ඇවිත් ඔක්කොම කෑම හිස් කරලා යනවා.කුරුල්ලන්ට මොකුත්ම නෑ.
ඔන්න එතකොටම කපුටා අඹ ගහේ උඩ අත්තක ඉඳන් මෙහෙම කියනවා.
"මට දුකයි ඔහෙලා ගැන. අර වංචාකාර ලේන් පවුල ඇවිත් හැමදවසකම ඔක්කොම කාලාදමනවා. මෙහෙම ඉඳලා බෑ. මොකක් හරි කරන්න ඕනෑ. ඒ විතරක් නම් මදැයි, පුළුවන් නම් සටනට එන්න කියලා පුරසාරම් දෙඩෙව්වා අර අහංකාර ලේන් ලොක්කා. මං දන්නවා ඔහෙලා දිනනවා උඩින්ම සටන් කළොත් හෙම. ඒත් ඔහෙලා එහෙම කරන උදවිය නෙමෙයි නේ" ඔන්න කපුටා කිවුවා.
ඒ කතාවෙන් පොල්කිච්චාටත්, කොණ්ඩ කුරුල්ලටත් බොහොම කේන්ති ගියා.
"නෑ. අපි සටන් කරනවා, බලමු කවුද දිනන්නෙ කියලා. හැබැයි අපි දිනුවොත් කෑම මේසෙ අපේ විතරමයි..එන්න කියනවා ඔය ලේනට" පොල්කිච්චාත් කොණ්ඩ කුරුල්ලාත් කිවුවා.
ඔන්න එහෙම කියලා සටනට දිනයක්, වේලාවක්, තැනක් නියම කරගත්තා.
කොණ්ඩ කුරුල්ලෝත්, පොල්කිච්චෝත්, ලේන්නුත් සටන් කරගන්නා අතරේ, උන්ගේ මෝඩ කමට හිනාවෙවී කපුටා තමන්ගේ කපුටු යාලුවො එක්ක කෑම මෙසේ තිබුණු රසවත් කෑම ඔක්කොම ගිල දමන්ට පටන් ගත්තා.
"දැන් මේ හැමදේම අපේ! හහ්…..හහ්….හා…..!!! මෝඩ කුරුල්ලෝ! මෝඩ ලේන්නු! කොච්චර ලේසියෙන් මං උන්ව රැවැට්ටුවද? උඹලා මරා ගනිල්ලා, අපි හොඳට සප්පායම් වෙන්නම්..!!
පුංචි ලේන් පැටවු දෙන්නා මේ හැමදේම දැක්කා. කපුටා කියපු හැමදේම ඒගොල්ලො අහගෙන උන්නා. ඒ ගොල්ලො දුවලා දුවලා ගිහින්, රණ්ඩුව මැද්දට පැනලා ඉල්ලා හිටියා රණ්ඩුව නවත්වන්න කියලා. ඊට පස්සෙ, කපුටා එගොල්ලන්ව රැවැට්ටු හැටි කිවුවා.
"ඇත්ත! අපි මෙහෙම රණ්ඩු වෙන එක මෝඩ වැඩක්. අපි හැමෝටම එකතු වෙලා සමගියෙන් කෑම බෙදා ගෙන කන්න පුළුවන්. ඔක්කොම තනියෙන් අයිතිකරගන්න ගිහින් අපිට හැමදේම නැති වුණා."
"ඒක ඇත්ත, ලේන් හාමියේ! දැන් වුණත් අපි පරක්කු වැඩි නෑ. අපි එකතු වුණොත් අපිට පුළුවන් කපුටන්ව මෙතනින් පන්නලා දාන්න"
ඔන්න එදා ඉඳලා ලේන් පවුලත්, පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත් එකතුවෙලා සමගියෙන් කපුටු රැල එළවන්නට උපායක් කල්පනා කළා.
රණ්ඩු දබර ඇති තැන
සතුටක් නෑ කිසි විට
සමගි වෙලා සතුටුවෙන්න
එන්න එන්න යාළුවෙන්න
ගොඩක් බදා ගනු වෙනුවට
බෙදා ගැනුම වටී අපිට
තරම කුඩා වුණත් අතට
හිතට සතුට ලැබෙයි යසට..!!
ඩයස් ලා සහ අපි
පංතියෙ ගුරුවරුද ඩයස්ලාගෙ පැත්තෙමය. ඉංග්‍රීසි ටීචර් ඩයස්ලාගෙ පැත්තෙමය.ගණිත ගුරුවරයාද ඩයස්ලාගෙ පැත්තෙමය. විෂයන් අටම ඩයස්ලාගෙ පැත්තෙමය. හාමුදුරුවන් පමණක් දෙපැත්තේමය. හාමුදුරුවෝද සමහරවිට ඩයස්ලාගෙම පැත්තේය. ඒ ඩයස්ලා ගොඩක් පින් කර ඇති බැවිනි. හාමුදුරුවෝ කියන විදිහට අපේ අය පව්කාරයෝය. හැමදාමත් පව්කාරයෝය.
ඩයස්ලා පාන්දරම පාසල් එති. ඒ කාර්, වෑන් ආදි අමුතු තාලයේ වාහන වලින්මය. වාහන වලින් බහින ඩයස්ලා ඩැඩීලාට, මමීලාට හාදු දෙති. ඩැඩීලා, මමීලා ද ඩයස්ලාට හාදු දෙති. හාදු දී බායි කියති. ඩයස්ලාද බායි කියති. ඉන්පසු ඩයස්ලා පාසලට එති. අපේ අය පාසල් එන්නේද පාන්දරින්මය. හැතැප්ම 3ක් පමණ පයින්මය. සෞඛ්‍ය ටීචර් කියන විදිහට පයින් ඇවිදීම ශරීරයට ව්‍යායාමයක්ය. ඒ නිසා අපේ අය බස් තිබුණත් පයින්ම එති. පයින් නො ආවත් ඩයස්ලාගෙ සෞඛ්‍යය හොඳය. හැමදාමත් පයින් එන අපේ සෞඛ්‍යය අන්තිම නරකය.
ඩයස්ලා අඳින්නෙ නිල්ම නිල් පාට කලිසම්ය. සුදුපාට කමිස පොඩිය. ඩයස් නංගිලා, අක්කලා අපේ අය සමග කතා නොකරති. ඩයස්ලා දාන්නෙ කළුපාට සපත්තුය. සුදුම සුදු මේස්ය. අපේ අයගෙ ඇඳුම් සරම් කෙටියය. කඩමාල්ලය. දෙපයට ගෙවුණු රබර් සෙරෙප්පු දෙකය.
ඩයස් අයියලා අක්කලා තරමක් හොඳය. ඩයස්ලාද තරමක් හොඳය. ඩයස් නංගිලා, මල්ලිලා අපට නරකය. ඒ ඩයස් නංගිලා මල්ලිලා අපේ අයට ගසන නිසාය. ඒ කෝක උනත් ඩයස්ලා සැවොම ලොකු මහත්තයාට හොඳය. අපේ අය අන්තිම නරකය. ඒත් හිටපු ගමන් අපේ අයද ලොකු මහත්තයාට හොඳය. ඒ අපේ අයගෙන් ලොකු මහත්තයාට වැඩක් කරගැනීමට උවමනා වූ විටය.
ඩයස්ලා ඉන්නෙ අපේ වත්තට එහා වත්තේය. එහා වත්තෙ කිවුවට ඩයස්ලාගෙ හා අපේ වතු මැදින් විශාල තාප්පයකි. ඒ තාප්පයෙ එහා පැත්තෙ ඩයස්ලාය. මෙහා පැත්තෙ අපේ අයය. එහා පැත්තෙ ඩයස්ලාට මෙහා පැත්තෙ අපව නොපෙනේ. ඒ තරම තාප්පය විශාලය. ඒත් සමහර දාට අපේ අය එහා පැත්තට යති. ඒ ඩයස්ලට උදවු ඕනෑ විටය. අපේ අය එහේ ගොස් පොල් කඩති. පොල් ගාති. පොල් අදිති. ඒත් කවදාවත් ඩයස්ලා අපේ පැත්තට නො එති. ඒ අපිට ඩයස්ලාගෙ උදව් ඕනෑ නැති නිසාය.
ඩයස්ලාගෙ ඩැඩීලාගෙ පරම්පරාව මහ විශාලය. ඩයස් මමීලාගෙ පරම්පරාවද එහෙමය. ඩයස් ඩැඩීලා දොස්තර වරුය. මමීලාද දොස්තරවරුය. ඩැඩීලාගෙ මල්ලිලා බාප්පලා ඉංජිනේරුවරුය. මංත්‍රිවරුය. මමීලාගෙ උදවියද ඊට දෙවෙනි නැත. මමීලාගෙ පප්පා නඩුකාරයෙකි. ලොකු උදවිය කියන විදියට බැරිස්ටර් කෙනෙකි. අපේ අයගෙ සීයල ගොයියෝය. තාත්තලා ගොයියෝය. අම්මලාද ගොයියෝය. මුළු මහත් පරම්පරාවම ගොයියෝය. මුළු දවසම ඉන්නෙ කුඹුරේය. මුළු ඇඟේම මඩය. ලොකු මහත්තය කියන විදියට මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු වූයෙ ඉස්සරය. දැන් මඩ සෝදා ගත් කල ගොයියා කිසිම දේකට සුදුසු නැත.
ඩයස්ලාගෙ ගෙදර බල්ලන් තුන් හතර දෙනෙකි. උන්ට ඇත්තෙ අමුතුම තාලයෙ නම්ය. ටාසන්, ලේසර්, ගෝල්ඩි උන්ගේ නම්ය. උන් ඩයස්ලාට හරිම කීකරුය. ඩයස්ලා උන්ව හවසට ඇවිදින්නට එක්ක යති. කුඩා ළමුන් මෙන් සුරතල් කරති. ඒ නිසා උන් කවදාවත් ඩයස්ලාට බුරන්නෙ නැත. ඒත් උන් අපේ අය දැක්ක තැන බුරති. ඒ උන්ගෙ හැටිය. උන් කන්නෙ මස්ය, මාළුය, බේකන්ය. අපේ අයටද බල්ලන් තුන් හතර දෙනෙක් වෙති. උන් අහුවෙන හැම දෙයක්ම කති. උන් කාටවත් බුරන්නෙ නැත. කවුරු හෝ උන්ට බිරුවත් උන් ගනන් නොගනිති. උන් කාටත් නැට්ට වනති. ඒ උන්ගෙ හැටිය.
ඒ කෙසේ වෙතත් ඩයස්ලාත් අපිත් මිනිසුන්මය; ඩයස්ලාගෙ බල්ලනුත් අපේ බල්ලනුත් බල්ලන්මය. අපි හා ඩයස්ලා අතර වෙනසක් නැත. නමුත් ඩයස්ලා ඩයස්ලාමය. අපි අපිමය. ඩයස්ලා තවමත් කාර්, වෑන් වලින් යති. පළවැනියෝ වෙති. කොල නිල් කලිසම් අඳිති. ඒ ඩයස්ලාගෙ හැටිය. අපේ අය තවමත් ව්‍යායාමයට පයින් යති. සරම් කෙටි අඳිති. අන්තිමයෝ වෙති. ඒ අපේ අයගේ හැටිය.
[උපුටාගත්තේ 1994 දී ආනන්ද විද්‍යාලයෙන් පළ කළ 'පුබුදු' සඟරාවෙන්]
බාසි රොබා සහ බට්ට පබා ඉන් ඇක්සොං! -නන්ස්ටොප් සොමිය
|
තමන්ගේම කියා ව්‍යාපෘතියක් අරඹා කෝටිපතියෙක් වීමේ මග!
Monday, July 5, 2010
චන්ද්‍ර මඩුලු කොහේ සැඟ වුණා දෝ
තරු දරුවෝ වැලපෙයි - සඳ නෑ තාමත් එය දන්නේ
ගං ඉවුරේ සුදු වැලි තලා - ගණ අඳුරේ සැඟවෙයි
දිය කෙළිය කිඳුරියෝ - සෝ දුකින් විමසයි
සඳ කොහේද නොදනියි - ඇගේ එළිය නොපෙනෙයි
වලා රොදින් විමසයි - උනුත් දැන් නිහඩයි
මේඝයනි මෙය අසාපන් - විහඟුනේ ගොස් කියාපන්
කවටකම් දැන් ඇතියි - සඳට ගොස් කියාපන්
සඳ එළිය නොමැති මේ - රාත්‍රීන් අඳුරුයි
සේපාලිකා නොපිපෙයි - ලෝකයම නිසලයි
වලා රොදට මුවා වෙලා - චන්ද්‍ර මඩුලු හංගා ගෙන
නුඹේ මේ කවටකම් - බලා ඉඳලා හරි වෙහෙසයි
නුඹේ ඔය මුරන්ඩු කම - මඳකටවත් පසෙක තබා
හොරැහින් වත් එබී බලා - එළිය කරන් මගේ ලොවත්
දහම් සොඬ වූ- (එදා) සුරා සොඬ මිතුරාට
නිදහස් අරගලයේ ආදර්ශය, භගත් සිං'
| නිදහස් අරගලයේ ආදර්ශය, භගත් සිං' |
| |
![]() |
| |
| ".... සැමකෙක්ම පවසනුයේ සත්‍ය ආගම තමන්ගේ විශ්වාසය පමණක් බවය. දුෂ්ඨත්වයේ මුල මෙයයි. අනාගත අරගලය සඳහා මතවාදී ආයුධ අපට සපයන පුරාතන චින්තනයන්ගේ අදහස් සහ අත්හදා බැලීම් සංවර්ධනය කරනු වෙනුවට අපි ගතානුගතික ආගමක සිරවෙමු. මෙලෙස මිනිසාගේ පිබිදීම නිශ්චල ජලාශයක ගිල්වා දමයි." "ප්‍රගතිශීලීත්වය වෙනුවෙන් පෙනී සිටින සෑම පුද්ගලයෙකුම පැරණි විශ්වාසයන්ගේ සියලු ඇදහිලි විවේචනය කිරීම අත්‍යවශ්‍යය. කරුණෙන් කරුණ පැරණි විශ්වාසයන්ගේ ගුණය අභියෝගයට ලක් කල යුතුය. සියලු විස්තර විශ්ලේෂණය කර වටහා ගත යුතුය. දැඩි තර්කනයකින් පසුව පවා ඕනෑම දර්ශනයක න්‍යායක් විශ්වාස කිරීමට යොමු වෙයි නම් ඔහුගේ විශ්වාසය පිළිගැනීමට ලක් වේ. ඔහුගේ තර්ක ක්‍රමයේ අඩුපාඩු පැවතිය හැකිය. නැතහොත් සාවද්‍ය විය හැකිය. ඔහුගේ ජීවිතයට මඟ පෙන්වන මූලධර්මය තර්කය බැවින් නිවැරදි වීමට ඔහුට අවස්ථාවක් තිබේ. එහෙත් අන්ධ විශ්වාසය විනාශකාරීය. එය මිනිසා සිය අවබෝධයේ ශක්තියෙන් ගලවා ප්‍රතිගාමියෙකු බවට පත් කරයි." "තමා යථාර්ථවාදියෙකු යයි හඳුන්වා ගන්නා ඕනෑම පුද්ගලයෙකු පැරණි විශ්වාසයන්හී සත්‍යයට අභියෝග කළ යුතුය. විශ්වාසයට තර්කයේ නිර්දය ප්‍රහාරයට ඔරොත්තු දිය නොහැකි නම් එය බිඳ වැටේ. ඉන් පසු ඔහුගේ කාර්්‍යය විය යුත්තේ නව දර්ශනයක් සඳහා මූලික කටයුතු වල නියැලීමය. නිශේධනාත්මක පක්ෂය මෙයයි. ධනාත්මක කටයුතුවලට එළැඹෙනුයේ ඉන් අනතුරුවය. එහිදි පැරණි කාලයේ ඇතැම් ද්‍රවශ නව දර්ශනයේ කුළුණු ඉදිකිරීමට භාවිතා කළ හැකිය. මෙම කේෂ්ත්‍රයේ ප්‍රමාණවත් අධ්‍යයන සිදුකර නොමැති බව මම පිළිගනිමි. පෙරදිග දර්ශනය හැදෑරීමේ දැඩි අභිලාෂයක් මා තුළ තිබුණ ද මට ඒ සඳහා තිබුණේ සීමිත අවස්ථාවක් සහ කාලයකි.එහෙත් මා ඉපැරීණ විශ්වාස ප්‍රතික්ශේප කල පමණින් එය විශ්වාසයක් තවත් විශ්වාසයයකට එරෙහිව යෙදවීමක් නොවේ. ඊට වඩා ඉපැරණි විශ්වාසවල ගුණයට ප්‍රබල තර්ක මඟින් අභියෝග කිරීමට මට පුලුවන. මානව ප්‍රගමනය රඳා පවතින්නේ සොබා දහම පාලනය කිරීමට මිනිසා දක්වන සමත්කම මත බව අපි විශ්වාස කරමු. එය පසුපස සවිඥානික බලවේගයක් නොමැත. අපගේ දර්ශනය එයයි." copyright by http://www.boondi.lk |

















