Tuesday, July 6, 2010

අවසන් දවස...


වසන්තය ගෙවෙන දින පිපෙනා
මලකටත්... ඔව් නමක් තිබුණා
සුළං සැර දරාගනු නොහෙනා
එ'මල බිම වැටෙන තැන
පුංචි හිම කැට මිදී තිබුණා

නියං කල ආකහේ සරනා
වැහිලිහිණි පියාපත රිදුණා
තිත්ත ගනඳුරක ඇහැ අරිනා
දෙනෙත යට කොපුල මත
ප්‍රේමයක මං ලකුණු ඇඳුණා

සංසාර දොරකඩින් එබෙනා
මන්දාරමක් සිත'ග රැඳෙනා
සන්තාපයෙන්ම කවි ගොතනා
කන්දරාවක් සිහින
නින්ද යට කරවටක් ගිලුණා..

අවසාන සුසුම් පොද හෙලනා
හදවතක දිග පළල මනිනා
ඔබේ ඇස් යළි යළිත් පෙනුණා..
ගෙන්දගම් පොළොව පිට
හිස නගන සොහොන මත
විටින් විට ඒ එළිය දිළුණා
පුංචියට තරු ලකුණු පිපුණා..

ලියා දන්වන වගනම්


"ඈත ගම්වල ෂූටිං ගියාම දකින කාන්තාවන් ගැන මට හරි දුකයි. එයාලා ඇත්තටම හරි ලස්ස්නයි. ඒත් ඒ ලස්සන මොනවහරි හේතුවක් නිසා යටපත් වෙලා ගිහින්. මම කැමතියි එයාලා ඒ අයගේ ස්වාමිපුරුෂයොත් එක්කම ඇවිත් අපේ වැඩ මුළුවට සහභාගි වෙනවා නම්."

[රූපලාවන්‍ය වැඩමුළුවක් පිළිබඳ රූපවාහිනි සම්මුඛ සාකච්ඡාවකදී නිළියක විසින් කල ප්‍රකාශයකි.]


වතාවත් සඳෙව් නෙත නිලුපුලන් වන
කතාවත් කොමල නාලිය සරි ගමන
ලතාවත් අනගි රණලියෙ'ව් දිදුලන
වතාවක් දුටිමි ඒ රුසිරු නළඟන

සිසිල සමග උණුසුම ගෙන නිසි පමණ
එකට හනා සුදු මුදු සිරුරු සතපන
පාට වරුණ විමනෙව් රියෙකින් පැමිණ
රූප රැජිණ ගිය සැටි තවමත් පෙනෙන

මුළු රෑ නොවිඳ අලුයම පැදුරෙන් බසිමි
ගිනි පිඹ ආප්පද මනිපිට්ටුද සදමි
වහනුන් නැති පයින් ගම්මැද්දේ දුවමි
කොළුවට පොතක් පෑනක් ගන්නට නැහෙමි

දරා ගිනි අව්ව වී පිරිස් වේලන
තබා ඉහමතින් දරදිය ගෙට අදින
හපා විටකි කැක්කුම් අමතක කරන
අපට කොහෙද ඉඩ රූසිරු රැක ගන්න

තළා ගල් තාර උණුකරල මලට
ඉරා ලී පළා දර තේ කඩ වලට
හපා විටක් රා වඩියක් ලා මුවට
සරා සඳ වඩී හවසට අතු පැලට

නිදා වැටෙන දරුවන් තුරුළට රැගෙන
උදාවන දවස ගැන සිතමින් තැවෙන
විඩාබර අපට ඇගෙ රූබර උවන
රූප පෙට්ටියෙන් දකිනා පින පමණ

මගේ සාරය


ඔවුන්
මා මිරිකා
සාරය ගනියි...

ඉල ඇට ද
කොඳු ඇට ද
ඔළු ඇටද
පුපුරවමින්
මිරික මිරිකා එකතු කරයි

හැඩ ගසා
බ්‍රොයිලරයන් කරන පාසල
වැඩ දමයි දහම් පාසල

සිරිමත්ය පවුලට
පාඩම් කරති කෙළියට
පාස් කර කඩ ඉම
පැක්ටේරියට නිසි ලෙස

පැක්ටේරියයි මේ
ඔෆිස් කියා කියන
ටයි දමාගෙන ය එන්නේ
අමුඩෙත් මගේ නෙවෙයිනේ

ඒසී දමා දී
කැරකෙන පුටු වලට බර දී
මොනිටරයටම නෙත් දී
ජීවිතයම පැරදී

මා මිරිකා
සාරය ගනියි...

මා මිරිකා
සාරය ගනියි...

ඒ සාරය එක මිට ගෙන
එච්එස්බීසී හරහා
ස්ටෑන්ඩඩ් චාටට් හරහා
යුරෝපයට
සැප කොළඹට
කොළඹ 7 ට
ඇයි රජගෙට...?

උන් මහ මාළිග නංවයි..
නවතා ඇත කඩ්ඩෙන්
නවතා ඇත විනයෙන්

කුඩා කාරයක ඒසී
නවතාලයි මා කේන්ති

ණය ගමු අප රොක් වෙලා
ක්‍රෙඩිට් කාඩ් එක් වෙලා

මුළු ලොවටම ඇහෙනා සේ
කෙසේ කෑගසම් සිත්සේ
එක පසෙක පියන්ය
අනෙක් පසෙහි යාලුවන්ය
පිටුපස මා කෙල්ල සිටී
ගැට්ට ඉදිරියෙන්ම සිටී

කෙසේ කෑගසම්ද මා
ටයි පටියක් ගෙල වටකර
ජෙල් කොණ්ඩය හිස වටකර

වෙනස් නොවේවි
මා කොණ්ඩය
බදින ටයි පටිය
පැදයන කුඩා කාරය
ගෙතුලටම වැදී
මා නෙතු පියන් වෙහෙසී
දිනක් ඒවිද මතු
බසින්නට එළියට
බලන්නට නිල්වන් සයුර
..........
එතකොටම තව එකක්
මාසික ණය වාරිකය
වාහනයේ ෆිනෑන්සය
සෙනසුරාදා ගෙවෙයි
අයියෝ රෙදි සේදුමටම
හවස් වන විට
මිරිකා ගනිමි බෙල්ල
හෙට ඉරිදා
අනිද්දාට සූදානම්ව
සඳුදා වැඩ
.........
යමි
සියල්ල හැරදා
රැස්වීමට
සෙල්ෆෝනය වසා
මොලයද වසා
සිරුරෙන්ම පමණක්
පෙනී සිටිනෙමි
..........
ටයි දමන් ඉන්න වුන්
දැන් ඉතිං හිතපියව්
කෑගසන ක්‍රමේ ගැන
හොයපියව්

ඉතා යහපත් මහරජ!

ඉතා යහපත් මහරජ!


නිමිත්ත : පුවත්පත් වාර්තා කියන පරිදි දැන් පෙම්වතුන් පොලිස් අත්අඩංගුවට ගැනීම ජයටම සිදුවේ

"රති සුඛ සාරේ ගත මභිසාරේ මදන මනොහර වේශම්"

වෘන්දා වන උයන් තෙර
මල් පෙති අතුල යහනත
රාධා බලා හිඳිනී

ඒ හුඟක් ඉස්සර
(ශිෂ්ඨාචාර යුගයට
හුඟක් ඉස්සර වෙන්නැති)
පොරණ කිවිඳුන් වැනූ ප්‍රේමයයි.

මෙ තැන
දැන් මේ මොහොතේ

"පතති පතත්‍රෙ විචලති පත්‍රෙ සංඛිත භවදු පයානම්
සචකිත නයනේ...."

බැටන් පොලු අතින් ගත් කාවලුන්
හඹා එන බර අඩි හඬ
ළඟ ළඟම ඇසෙනුයෙන්
සැකෙන් වටපිට බලන
නුරා බර රත් නුවන්
බිය වැද නිතින් වෙවුලයි.

මෙතැන
මේ දැන්
මිනී මැරුමක් ද?
නැත
සොරකමක්වද?
නැත නැත
රළු පරොස් වදන් ඇති
පෝස්ටරයක් වත්
අඳිනවාවද කොල්ලෙක්?

නැත ස්වාමිනී
සත්තයි

උන්
මෙතැන
උන්ගේ පාඩුවේ
පෙම් කරනවා පමණයි

"ලලිත ලවංගලතා පරිශීලන කෝමල මලය සමීරේ
මධුකර නිකර කරම්බිත කෝකිල කූජිත කුඤ්ජ කුටීරේ"

"රතොට රතැදීයෙම්
කොපුල් පතලේ බිඳියෙම්
තන හස මුස කළෙම්"

එ පද බැඳි උතුම් රජ පරපුරින් පැවත එන
ඉතා යහපත් මහරජ
අනේ මේ ඇත්තමයි

උන් මෙතැන
උන්ගේ පාඩුවේ
පෙම් කරනවා විතරයි.

http://www.boondi.lk

මනු සත් ප්‍රේමය


"මගේ පෙම්වතා දෙවි කෙනෙක්"
- පෙම්වතියක් -


හැබෑටම පුළුවන්ද
දෙවියෙක් එක්ක
පෙම් කරන්න

සදා කුටියක්
වඩා හිදුවා
පළඳා මල් මාලා
අල්ලා අඟිල් කපුරු

නෙලා පළවැල
පුදා පාමුල
වසා තිර පට

ඔබා දණ
එකත් පස්ව
ඉන්නවා මිස,
එබී එබී උනුන් නෙතු පතුල
සොය සොයා විසල් පෙම ඉම් හසර

නෙලා උනුන් සිරුරත
මනු සත් පෙමක නොනිමි කැටයම
මී දුමක් සේ
දියව යා හැකිද ...?
දෙයියෙක් එක්ක....
www.boondi.lk

රංචාගොඩදී කුරුලු ජෝඩුවක් කිචි බිචි ගෑ නඩුවක්


පෙම්වතා දුප්පත්ය පෙම්වති ඇක්ට්‍රස්ය
පිචැර් එක බැලුවෙ දාවල් ගම්පහය
ඉන්ටවල් එකේ කැව්වේ චොකැලැට්ය
ඉලව්වේ ගෙදර යන්න පරමාදේ සංගදිය

කල් තව තියනවා සුදෝ ටියුටරි ඇරෙන්නට
ගෙදර ගියොත් වේලාසන හොර අද අහුවෙනවා
රන්කත ඉවසන්න පොඩ්ඩක් කල්පනාවේ
ලොජ් එකකට ටිකකට යමු රෑ බෝ වේ

ගැටයා පපුව පුම්බා ගියා පෝනිං සෙන්ටර්
ගැටිස්සී අදි මදි කලා බෙල්ලේ රන්දමට
කමක් නෑ තව තොවිලයක් නටනව ගෙදර
ඔන්න ඉතිං ඉගිල්ලුනා දෙන්නා ආට එකේ

බාල අපරාදෙ හොඳ ටික බයිස්කෝප් වලත් නැත
තාත්තලා වැඩ ඇරිලා නෑගං ආවේ පොලිසියට
තොපි දෙන්නම මකබෑ වෙයව් අම්මප අපට එපා
ඔෆිස් බෑග් පත බෑවුණා ඔළු ගෙඩි වලට

අනේ වස්තුවේ පැලෙනව මගෙ හර්දේ
සිබිඩිඩෙන් පනින්ඩත් කලියෙන් ගාගෙන හත් පොළක
මෙහෙව් රටේ මෙව්වා වෙනවා හප්පෝ
ඇහැකන පියාගත්තම හරි යනවාද බොලව්
http://www.boondi.lk

වේසිය සහ භික්ෂුව


ඊයේ රෑ
පිටකොටුවේ ඩොමීනියන් හෝටලයේ
නයිට් එකක් කරලා මම්
ගෙදර එද්දි...

කසා වතක් ඇඳගෙන ඔබ
සෙනග ගොඩේ රැකලා සිට
හත් පලකට
ඇයි මට පිහියෙන් ඇන්නේ?

ඒ වේලේ
මං දැක්කා
ඔය මූනේ
සාප හතක්

රතී කත්ත නම් මදන යක්ෂනී
විරහ කත්ත නම් මදන යක්ෂනී
කාම කත්ත නම් මදන යක්ෂනී
බූත කත්ත නම් මදන යක්ෂනී
රකුසු කත්ත නම් මදන යක්ෂනී
පිස්සු කත්ත නම් මදන යක්ෂනී
තත්ත හතෙන් එන මදන යක්ෂනී

....එපා
....ඒ ලෙස එපා
ක්‍රෝධයේ පිළිකුලේ ඇස් දෙකෙන්
නොමරනු තවත් මා

අනංග රංගයක් නොව
තිත් වැටුන ගෙවීගිය රාත්තිරිය
තොංඩුවෙන් ඇඟ වෙළන
ලේ උරන
මාපිලෙකි.

ඇඟේ මස් ගිනිජල්ව
සිතේ පණ ඔද්දල්ව
ගෙදර එද්දී
ඉර එළියෙන් පිරිසිදු වී
අඩන පුතු සොයාගෙන

....එපා
ඒ ලෙස එපා
ක්‍රෝධයෙන් පිළිකුලේ ඇස් දෙකෙන්
නොමරනු තවත් මා

(අකීකරු පුත්‍රයකුගේ ලෝකය 1974)
Parakrama Kodituwakku | පරාක්‍රම කොඩිතුවක්කු

එස්.එම්.එස්. ප්‍රේමය -





සුවඳ පෙම් හසුන් පත්වල කවිලීව
නිබඳ කඳුළු මිමිණූ මුදු සඳපාන
ගලන දොළක මල් පෙත්තක මුදු සිහිළ
දුරක ගිහින් යළි නොයෙනා ලෙස ඈත

නිබඳ අත්බණු කන ළඟ ගී කියන
වැරදි අකුරුවල ඇමිනුණි පෙම් හීන
විපුල විසල් සෙනෙහස දෝරේ ගලන
දිනට දහස්වර හදවත කිතිකවන

වෙහෙස කුමට පබඳින්නට කවි ගීත
කෙටියෙන් කිවත් සෙනෙහස ගැඹුරුයි බෝම
අතින් අතට ගුවනින් ගෙනෙනා හීන
සිතින් සිතට දැනුණේ නෑ පෙර සේම
රණ්ඩු දබර ඇති තැන - සතුටක් නෑ කිසි විට

වංගුවෙ පොඩි ගෙදර ලොකු අඹ ගහ පාමුල පුංචි කෑම මේසයක් තිබුණා. කණුවක් හිටවලා, ඒක උඩින් ලොකු ලෑල්ලක් තියලා ඇණ ගහලා තමයි මේ විශේෂ කෑම මේසය හදලා තිබුණේ. හැම උදේකම පොඩි ගෙදර සීයත් ආච්චිත් ඇවිත් කෑම තියලා යනවා. හුඟක් වෙලාවට කෑම මේසෙ සැරසෙන්නෙ පාන්, බත්, ධාන්ය වර්ග, කෙසෙල් ගෙඩි සහ ගස් ලබු වලින්. ඒ අහල පහල තිබුණු ඇඹරැල්ලා ගස් මුදුනක පදිංචි වෙලා හිටියා ලේන් පවුලක්. ලේන් පවුලේ හැමෝම අවදි වෙනවා උදේ පාන්දරින්ම.

ඊළඟට දත් මැදලා, මූණ හෝදලා, පිරිසිදු වෙනවා. ඉන්පස්සෙ හැමෝම එන්නෙ කෑම මේසෙට.

එක දවසක් හදිසියෙම උදේ පාන්දර වංගුවෙ පොඩි ගෙදර අඹ ගහෙන් ඇහුණු කුරුළු කච කචයෙන් ලේන් පොඩිත්තො ඇහැරුණා. ඒ විතරක් නෙමෙයි, ලේන් අම්මාත්, තාත්තාත් කලබල වුණා.

කරමින් හිටි වැඩ නවත්වලා හැමෝම එළියට ආවා. දුටු දෙයින් හැමදෙනාම කලබල වුණා. පොල්කිච්චයි, පොල්කිච්චියි, කොණ්ඩ කුරුල්ලයි, කොණ්ඩ කිරිල්ලියි කෑම මේසෙට ඇවිත්. හතර දෙනාම බොහොම සතුටින් කතා බහ කර කර හිනා වෙවී කෑම රස බලනවා දැක්කම, ලේන් තාත්තට තරහ ගියා. අඹ ගහ මුදුනට ඇවිත් එයා අඩිය පොළවෙ හප්පලා කුරුල්ලන්ට කතා කරලා මෙහෙම කිවුවා.

"ඔහෙලා මොකද මෙතන කරන්නෙ? මේක අපේ කෑම මේසෙ?"

" හා..හා.. හා..! කෝ? ඔහෙලගෙ කියලා නම ගහල තියෙනවද?" පොල්කිච්චා ඇහුවා.

"නම තියෙන්න ඕනෙ නෑ. බොහොම කාලයක් තිස්සෙ අපි මෙතනයි කෑම කෑවෙ!" ලේන් අම්මා කිවුවා.

"ඉතිං, ඒකට මොකද?? අද ඉඳලා අපිත් එන්නෙ මෙතනටම තමයි. තේරුණාද ඔහේට?!" කොණ්ඩ කුරුල්ලා කිවුවා.

"අපෙ පරම්පරා ගණනාවක්ම මේ වත්තෙ පදිංචි වෙලා උන්නෙ. ඒ නිසා වැඩි අයිතිය අපිටයි" ලේන් තාත්තා තරහෙන් කිවුවා.

"අපිත් පදිංචි වෙලා ඉන්නෙ දැන් මේ වත්තෙම තමයි. ඒ නිසා දැන් ඔහෙලට විතරක් නෙමෙයි, මෙතන අපිටත් අයිතියි!" කොණ්ඩ කුරුල්ලත්, කිරිල්ලීත්, පොල්කිච්චාත්, පොල්කිච්චීත් බෙරිහන් දුන්නා.

ලේන් තාත්තාට හොඳටෝම තරහ ගිහින්, කෑම මේසේ මැද්දට පැනලා පොල් කිච්චාව තල්ලු කලා. කොණ්ඩ කුරුල්ලා ලේන් තාත්තාට හොටෙන් ඇන්නා. ලේන් අම්මා දුවගෙන ඇවිත් කොණ්ඩ කුරුල්ලාගේ තටුවකින් ඇද්දා. පොල්කිච්චියි කොණ්ඩ කිරිල්ලියි එකතු වෙලා ලේන් අම්මාගෙ නැට්ටෙන් ඇද්දා. දැන් කෑම මේසේ උඩ එකම ගාලගෝට්ටියයි. රණ්ඩුවේ සද්දෙට පොඩි ගෙදර පිල උඩ හොඳහැටි නිදා උන්න බලල් රාළත් ඇහැරුණා.




"නවත්තපල්ලා ඔය කෑගැහිල්ල. ඔන්න මං නරකයි කියන්නෙපා.මාව කේන්ති නොකර පාඩුවෙ හිටපල්ලා!"

එහෙම කියලා, ඇඟමැලි කඩලා, දිව එළියට දමලා ලොකු ඈනුමක් ඇරලා බලල් රාළ ආයෙත් නින්දට වැටුණා.
පොර බැදිල්ලයි රණ්ඩු කිරිල්ලයි නිසා කෑම ඔක්කොම බිමට වැටිලා සී සී කඩ විසිරිලා ගියා. අන්තිමේදි කාටත් කෑම නෑ.

"හෙට උදෙන්ම අවදි වෙයල්ලා දරුවනේ. හැමෝටම කලින් අපි මේසෙට යමු!" ලේන් තාත්තා පැටවුන්ට කිවුවා.

"අපි බයවෙන්නෙ මොකටද? හෙට ඉර එබෙන්න කලියෙන් අපි එතනට යන්න ඕනෑ" පොල්කිච්චා කිවුවා.

"ඔව්, බලමු කවුද දිනන්නෙ කියලා!" කොණ්ඩ කුරුල්ලා කිවුවා. ඒ කියමන හරි බව හඟවමින් පොල්කිච්චීත්, කොණ්ඩ කිරිල්ලීත් ඔළුව වැනුවා.

ඒත් පහුවෙනිදාත් කුරුල්ලන්ගේත් ලේනුන්ගේත් දබර කරගැනිල්ල නිසා කෑම අහක ගියා. කාටවත් කන්න ලැබුණේ නෑ.

ඔහොම දවස් ගණනක් ගෙවිලා ගියා. රණ්ඩු කරගැනිල්ල පුරුද්දක් වුණා. ඒ නිසා කවුරුත් සතුටෙන් උන්නෙ නෑ. හැමෝම හිටියෙ කෙන්තියෙන්, තරහෙන්, දුකෙන්. ඒ හැම දේටම වැඩියෙන් බඩගින්නෙ ඉන්නත් වුණා.




ඔන්න එක දවසක්, පුරුදු විදියට උදේ පාන්දරම පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත්, ලේන් පවුලේ උදවියත් දබරයේ පැටළුණා. අහල පහළින් පියඹාගෙන ගිය කපුටෙක් මේක දැක්කා. දැකලා,

"ඔහෙලා මේ හැටි රණ්ඩු වෙන්නෙ මොනවා බෙදාගන්න බැරුවද?" කියලා ඇහුවා.

"මේක අපි හැමදාම කෑම කාපු මේසෙ. මේ ගොල්ලො ඇවිත් ඒක අයිතිකරගන්න." ලේන් තාත්තා පැමිණිලි කළා.

"ඒ වුණාට අපිත් දැන් මේ වත්තෙ පදිංචි කාරයෝ. අපටත් අයිතියක් තියෙනවා මෙතන කෑම කන්න." පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත් කියා සිටියා.

"හරි ඔහෙල කැමති නම් මං මේක විසඳලා දෙන්නම්"

මොහොතක් කල්පනා කරලා කපුටු රාළ කිවුවා.

"හරි, අපි කැමතියි" සියල්ලෝම එකහඬින් කිවුවා.

"හරි එහෙනම් මෙන්න මෙහෙමයි, මට ඔහෙලා එක්ක වෙන වෙනම කතා කරන්න ඕනෑ." කපුටා කිවුවා.

"හරි, අපි කැමතියි" සියල්ලෝම එකඟ වුණා.

ඉතින් ඔන්න, කපුටා ඉස්සෙල්ලාම ලේන් පවුල එක්ක කතා කරන්න ලේන් ගෙදරට ගියා.

"හැමදාම මෙහෙම රණ්ඩු කරන හොඳ නැහැ නෙව. මට පුලුවන් මෙහෙම යෝජනාවක් කරන්න. දවසක් කෑම මේසෙ ඔහෙලට ලැබෙනවා. ඊළඟ දවස අර කුරුල්ලන්ට... ඒ විදියට දවසක් ඇර දවසක් දෙගොල්ලන්ටම මාරුවෙන් මාරුවට කන්න ලැබෙනවා..මොකද කියන්නෙ?"

"එහෙම කොහොමද? අපියි හැමදාම මෙතන උන්නෙ!" ලේන් තාත්තා අමනාපයෙන් කිවුවා.

"පොඩ්ඩක් හිතලා බලන්න, හැමදාම මෙහෙම රණ්ඩු වෙන එකෙන් වෙන්නෙ දෙගොල්ලොම බඩගින්නේ ඉන්න එක. කාටවත් කෑම ලැබෙන්නෙ නෑ ඒකෙන්".

බඩගින්නෙන් මූණු මැලවුණු පැටවු දෙන්නා දිහා ලේන් තාත්තා බැලුවා.

"හා, හොඳයි! මං කැමතියි" අන්තිමේදි ලේන් තාත්තා කිවුවා.

පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත් මුණගැන්න ගිය කපුටා ඔන්න ඒ විදියටම කිවුවා. අන්තිමේදි ඒගොල්ලොත් කැමති වුණා.

ඒත්, කපුටා ට තිබුනේ කපටි අදහසක්. කපුටා කුරුල්ලනුත්, ලේන් පවුලත් තරහා කරවලා රවට්ටලා, කපුටු යාළුවන් හැමෝම කෑම මේසෙට එක්කගෙන ආවා. දැන් කෑම මේසය කපුටන්ගේ.




කපුටු උපායෙන් රැවටුණු කුරුල්ලන්ටත්, ලේන් පවුලටත් දිගටම බඩගින්නේ ඉන්න වුණා.

හැම දවසකම උදේ පාන්දරින් කෑම මේසෙට එන කෑදර කපුටෝ කරන්නෙ කෑම ඔක්කොම ගිලදමන එක. ලේන් පවුලෙ උදවිය කන්න එනකොට කෑම මොකුත් නෑ. මේසය හිස්. ඔන්න එතකොට අඹ ගහේ ඉහළ අත්තක ඉඳන් කපුටා මෙන්න මෙහෙම කියනවා.

"මේ වැඩේ කරන්න බෑ. අර වංචාකාර කුරුල්ලෝ උදෙන්ම ඇවිත් ඔක්කොම ගිලලා ගිහින්..! මොනවා හරි කරන්න ඕනෑ ලේන් හාමීයේ. මට දුකයි ඔහෙලා ගැන"

“ඔව්, මේක කරන්න බෑ! ඔහේ ගිහින් කියනවා අර මෝඩ කුරුල්ලන්ට මාත් එක්ක සටනට එන්නයි කියලා. හැබැයි දිනන කෙනාට තමයි මෙතන අයිතිය ලැබෙන්නෙ" ලේන් තාත්තා කෙන්තියෙන් කියලා යන්න ගියා.

ඒ විදියටම පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත් කෑම මෙසේට එන දවසට කපුටො ඇවිත් ඔක්කොම කෑම හිස් කරලා යනවා.කුරුල්ලන්ට මොකුත්ම නෑ.

ඔන්න එතකොටම කපුටා අඹ ගහේ උඩ අත්තක ඉඳන් මෙහෙම කියනවා.

"මට දුකයි ඔහෙලා ගැන. අර වංචාකාර ලේන් පවුල ඇවිත් හැමදවසකම ඔක්කොම කාලාදමනවා. මෙහෙම ඉඳලා බෑ. මොකක් හරි කරන්න ඕනෑ. ඒ විතරක් නම් මදැයි, පුළුවන් නම් සටනට එන්න කියලා පුරසාරම් දෙඩෙව්වා අර අහංකාර ලේන් ලොක්කා. මං දන්නවා ඔහෙලා දිනනවා උඩින්ම සටන් කළොත් හෙම. ඒත් ඔහෙලා එහෙම කරන උදවිය නෙමෙයි නේ" ඔන්න කපුටා කිවුවා.

ඒ කතාවෙන් පොල්කිච්චාටත්, කොණ්ඩ කුරුල්ලටත් බොහොම කේන්ති ගියා.

"නෑ. අපි සටන් කරනවා, බලමු කවුද දිනන්නෙ කියලා. හැබැයි අපි දිනුවොත් කෑම මේසෙ අපේ විතරමයි..එන්න කියනවා ඔය ලේනට" පොල්කිච්චාත් කොණ්ඩ කුරුල්ලාත් කිවුවා.

ඔන්න එහෙම කියලා සටනට දිනයක්, වේලාවක්, තැනක් නියම කරගත්තා.

කොණ්ඩ කුරුල්ලෝත්, පොල්කිච්චෝත්, ලේන්නුත් සටන් කරගන්නා අතරේ, උන්ගේ මෝඩ කමට හිනාවෙවී කපුටා තමන්ගේ කපුටු යාලුවො එක්ක කෑම මෙසේ තිබුණු රසවත් කෑම ඔක්කොම ගිල දමන්ට පටන් ගත්තා.

"දැන් මේ හැමදේම අපේ! හහ්…..හහ්….හා…..!!! මෝඩ කුරුල්ලෝ! මෝඩ ලේන්නු! කොච්චර ලේසියෙන් මං උන්ව රැවැට්ටුවද? උඹලා මරා ගනිල්ලා, අපි හොඳට සප්පායම් වෙන්නම්..!!

පුංචි ලේන් පැටවු දෙන්නා මේ හැමදේම දැක්කා. කපුටා කියපු හැමදේම ඒගොල්ලො අහගෙන උන්නා. ඒ ගොල්ලො දුවලා දුවලා ගිහින්, රණ්ඩුව මැද්දට පැනලා ඉල්ලා හිටියා රණ්ඩුව නවත්වන්න කියලා. ඊට පස්සෙ, කපුටා එගොල්ලන්ව රැවැට්ටු හැටි කිවුවා.

"ඇත්ත! අපි මෙහෙම රණ්ඩු වෙන එක මෝඩ වැඩක්. අපි හැමෝටම එකතු වෙලා සමගියෙන් කෑම බෙදා ගෙන කන්න පුළුවන්. ඔක්කොම තනියෙන් අයිතිකරගන්න ගිහින් අපිට හැමදේම නැති වුණා."

"ඒක ඇත්ත, ලේන් හාමියේ! දැන් වුණත් අපි පරක්කු වැඩි නෑ. අපි එකතු වුණොත් අපිට පුළුවන් කපුටන්ව මෙතනින් පන්නලා දාන්න"

ඔන්න එදා ඉඳලා ලේන් පවුලත්, පොල්කිච්චෝත්, කොණ්ඩ කුරුල්ලෝත් එකතුවෙලා සමගියෙන් කපුටු රැල එළවන්නට උපායක් කල්පනා කළා.

රණ්ඩු දබර ඇති තැන
සතුටක් නෑ කිසි විට
සමගි වෙලා සතුටුවෙන්න
එන්න එන්න යාළුවෙන්න

ගොඩක් බදා ගනු වෙනුවට
බෙදා ගැනුම වටී අපිට
තරම කුඩා වුණත් අතට
හිතට සතුට ලැබෙයි යසට..!!

ඩයස් ලා සහ අපි

අපේ පංතිය අරුම පුදුම පංතියක්ය. අරුම පුදුම කීවේ පංතියේ දෙකොටසක් ඉන්නා නිසාය. කට්ටියක් ඩයස්ලාය. කට්ටියක් අපේ අයය. අපේ අය මෙන්ම ඩයස්ලාදා බොහෝමය. ඩයස් අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලාය. අපේ කිව්වාම ද අය බොහෝමය. කිරිහාමිගෙ ලොකු කොලූ, මැගිලින්ගෙ හීන් එකා, අප්පු හාමිගෙ මද්දුමී ඔය ඔක්කොම අපේ අයය. ඩයස්ලා පංතියෙ ඉස්සරහින්මය. අපේ අය පිටිපස්සෙන්මය. ඩයස්ලා පංතියෙ පළමුවැනියෝය. දෙවැනියෝය, තුන්වැනියෝය. අපේ අය හැමදාම අන්තිමයෝය.

පංතියෙ ගුරුවරුද ඩයස්ලාගෙ පැත්තෙමය. ඉංග්‍රීසි ටීචර් ඩයස්ලාගෙ පැත්තෙමය.ගණිත ගුරුවරයාද ඩයස්ලාගෙ පැත්තෙමය. විෂයන් අටම ඩයස්ලාගෙ පැත්තෙමය. හාමුදුරුවන් පමණක් දෙපැත්තේමය. හාමුදුරුවෝද සමහරවිට ඩයස්ලාගෙම පැත්තේය. ඒ ඩයස්ලා ගොඩක් පින් කර ඇති බැවිනි. හාමුදුරුවෝ කියන විදිහට අපේ අය පව්කාරයෝය. හැමදාමත් පව්කාරයෝය.

ඩයස්ලා පාන්දරම පාසල් එති. ඒ කාර්, වෑන් ආදි අමුතු තාලයේ වාහන වලින්මය. වාහන වලින් බහින ඩයස්ලා ඩැඩීලාට, මමීලාට හාදු දෙති. ඩැඩීලා, මමීලා ද ඩයස්ලාට හාදු දෙති. හාදු දී බායි කියති. ඩයස්ලාද බායි කියති. ඉන්පසු ඩයස්ලා පාසලට එති. අපේ අය පාසල් එන්නේද පාන්දරින්මය. හැතැප්ම 3ක් පමණ පයින්මය. සෞඛ්‍ය ටීචර් කියන විදිහට පයින් ඇවිදීම ශරීරයට ව්‍යායාමයක්ය. ඒ නිසා අපේ අය බස් තිබුණත් පයින්ම එති. පයින් නො ආවත් ඩයස්ලාගෙ සෞඛ්‍යය හොඳය. හැමදාමත් පයින් එන අපේ සෞඛ්‍යය අන්තිම නරකය.

ඩයස්ලා අඳින්නෙ නිල්ම නිල් පාට කලිසම්ය. සුදුපාට කමිස පොඩිය. ඩයස් නංගිලා, අක්කලා අපේ අය සමග කතා නොකරති. ඩයස්ලා දාන්නෙ කළුපාට සපත්තුය. සුදුම සුදු මේස්ය. අපේ අයගෙ ඇඳුම් සරම් කෙටියය. කඩමාල්ලය. දෙපයට ගෙවුණු රබර් සෙරෙප්පු දෙකය.

ඩයස් අයියලා අක්කලා තරමක් හොඳය. ඩයස්ලාද තරමක් හොඳය. ඩයස් නංගිලා, මල්ලිලා අපට නරකය. ඒ ඩයස් නංගිලා මල්ලිලා අපේ අයට ගසන නිසාය. ඒ කෝක උනත් ඩයස්ලා සැවොම ලොකු මහත්තයාට හොඳය. අපේ අය අන්තිම නරකය. ඒත් හිටපු ගමන් අපේ අයද ලොකු මහත්තයාට හොඳය. ඒ අපේ අයගෙන් ලොකු මහත්තයාට වැඩක් කරගැනීමට උවමනා වූ විටය.

ඩයස්ලා ඉන්නෙ අපේ වත්තට එහා වත්තේය. එහා වත්තෙ කිවුවට ඩයස්ලාගෙ හා අපේ වතු මැදින් විශාල තාප්පයකි. ඒ තාප්පයෙ එහා පැත්තෙ ඩයස්ලාය. මෙහා පැත්තෙ අපේ අයය. එහා පැත්තෙ ඩයස්ලාට මෙහා පැත්තෙ අපව නොපෙනේ. ඒ තරම තාප්පය විශාලය. ඒත් සමහර දාට අපේ අය එහා පැත්තට යති. ඒ ඩයස්ලට උදවු ඕනෑ විටය. අපේ අය එහේ ගොස් පොල් කඩති. පොල් ගාති. පොල් අදිති. ඒත් කවදාවත් ඩයස්ලා අපේ පැත්තට නො එති. ඒ අපිට ඩයස්ලාගෙ උදව් ඕනෑ නැති නිසාය.

ඩයස්ලාගෙ ඩැඩීලාගෙ පරම්පරාව මහ විශාලය. ඩයස් මමීලාගෙ පරම්පරාවද එහෙමය. ඩයස් ඩැඩීලා දොස්තර වරුය. මමීලාද දොස්තරවරුය. ඩැඩීලාගෙ මල්ලිලා බාප්පලා ඉංජිනේරුවරුය. මංත්‍රිවරුය. මමීලාගෙ උදවියද ඊට දෙවෙනි නැත. මමීලාගෙ පප්පා නඩුකාරයෙකි. ලොකු උදවිය කියන විදියට බැරිස්ටර් කෙනෙකි. අපේ අයගෙ සීයල ගොයියෝය. තාත්තලා ගොයියෝය. අම්මලාද ගොයියෝය. මුළු මහත් පරම්පරාවම ගොයියෝය. මුළු දවසම ඉන්නෙ කුඹුරේය. මුළු ඇඟේම මඩය. ලොකු මහත්තය කියන විදියට මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු වූයෙ ඉස්සරය. දැන් මඩ සෝදා ගත් කල ගොයියා කිසිම දේකට සුදුසු නැත.

ඩයස්ලාගෙ ගෙදර බල්ලන් තුන් හතර දෙනෙකි. උන්ට ඇත්තෙ අමුතුම තාලයෙ නම්ය. ටාසන්, ලේසර්, ගෝල්ඩි උන්ගේ නම්ය. උන් ඩයස්ලාට හරිම කීකරුය. ඩයස්ලා උන්ව හවසට ඇවිදින්නට එක්ක යති. කුඩා ළමුන් මෙන් සුරතල් කරති. ඒ නිසා උන් කවදාවත් ඩයස්ලාට බුරන්නෙ නැත. ඒත් උන් අපේ අය දැක්ක තැන බුරති. ඒ උන්ගෙ හැටිය. උන් කන්නෙ මස්ය, මාළුය, බේකන්ය. අපේ අයටද බල්ලන් තුන් හතර දෙනෙක් වෙති. උන් අහුවෙන හැම දෙයක්ම කති. උන් කාටවත් බුරන්නෙ නැත. කවුරු හෝ උන්ට බිරුවත් උන් ගනන් නොගනිති. උන් කාටත් නැට්ට වනති. ඒ උන්ගෙ හැටිය.

ඒ කෙසේ වෙතත් ඩයස්ලාත් අපිත් මිනිසුන්මය; ඩයස්ලාගෙ බල්ලනුත් අපේ බල්ලනුත් බල්ලන්මය. අපි හා ඩයස්ලා අතර වෙනසක් නැත. නමුත් ඩයස්ලා ඩයස්ලාමය. අපි අපිමය. ඩයස්ලා තවමත් කාර්, වෑන් වලින් යති. පළවැනියෝ වෙති. කොල නිල් කලිසම් අඳිති. ඒ ඩයස්ලාගෙ හැටිය. අපේ අය තවමත් ව්‍යායාමයට පයින් යති. සරම් කෙටි අඳිති. අන්තිමයෝ වෙති. ඒ අපේ අයගේ හැටිය.

[උපුටාගත්තේ 1994 දී ආනන්ද විද්‍යාලයෙන් පළ කළ 'පුබුදු' සඟරාවෙන්]

බාසි රොබා සහ බට්ට පබා ඉන් ඇක්සොං! -නන්ස්ටොප් සොමිය





රන් සමනල ජෝඩුව වාගේ
පිකට් කරමු එන්න නංගියේ
ආතල් එක මේක හරිම කෑ ගහපන්නේ
අද ඇයිදෝ බඩු මිල වැඩිවෙන්නේ
අදිං පස්සෙ නිවාඩු කාලේ
අපි ඔක්කොම එකටයි කන්නේ

මේවා දැකල රජ්ජුරුවෝ මෙහෙම හිතනවා
මුං හිටියොත් තුනක් නෙමේ හැටක් ඉන්නවා
මුං හිටියොත් තුනක් නෙමේ- මුං හිටියොත් තුනක් නෙමේ
මුං හිටියොත් තුනක් නෙමේ හැටක් ඉන්නවා

මගෙ බදු සුට්ටෝ, බාසී රොට්ටෝ
වැනී පරකා මදුළ, බට්ට පබානෝ
මුං නැති දාක රටේ සොමියක් නොමැත බොලේ
ගිලිනවා දාහෙ කොළේ පං පං ගාලා

අයියෝ මාගේ ජනතා ආලේ
හින්දා මේ මං රෑ දවාලේ
වින්දා වූ දුක් මාගෙ අම්මෝ
කවුරුත් දනී සිරි ලංකාවේ

ටීවී වල ජජ් කෙරුවා මෙගා සොකරි ඇට් කෙරුවා
ඉවර වුනේ පාලිමේන්තුවේ
හරි මායම් රජා එයා නරි කෝලම් එපා මෙයා
අපි කොහොමත් ඉන්නෙ කලුවරේ

මගෙ රෝඕඕඕසී
මගෙ බට්ටි චුබා එන්න බබා පිකට් කොලන්න
හරි නෝඕඕඕඕටී
අපෙ රටේ බබ්බු යැවුව එවුං පිකට් කරන්න

(ප්‍රසිද්ධ ස්ථානවල ගැයීම් තහනම්!)
copyright by http://www.boondi.lk/

තමන්ගේම කියා ව්‍යාපෘතියක් අරඹා කෝටිපතියෙක් වීමේ මග!



ස්වයං රැකියා අත්වැල-
එකමත් එක රටක් තිබුණා. හරියට ලංකා‍ව වගේ. ඒකටත් ලංකාවට වගේ නොයෙකුත් අන්වර්ථ නම් තිබුණා. හරියට ලංකාවට ඉන්දියන් සාගරේ මුතු ඇටය, බුවාලන්තය, ආසියාවේ ආශ්චර්ය කියනවා වගේ. ඒ ඒ ක්ෂේත්‍ර වලට අදාළව ඒ ඒ අන්වර්ථ නම් තියෙන නිසා මේ මං කියන්න යන කතාවට ගැලපෙන්න ඒ රටට කිව්වේ "කොමිස්ලන්තය" කියලයි.

මම ඉස්සෙල්ලා ලංකා‍ව වගේ රටක් කියලා නිකමට කිව්වට ඇත්තටම පුදුමයට කාරණය කියන්නේ මේක ලංකාව වගේම රටක් වීමයි. ඒකට ඉතිං මට කරන්න දෙයක් නැහැ. ලෝකේ එකවගේ දෙවල් කිහිපයක් තියෙනව කියලා කතාවකුත් තියෙනනේ. කොහොමහරි මේ දෙක පටලවගන්න නම් එපා.

මං කිව්ව වගේම "කොමිස්ලන්තේ" මිනිස්සුත් ලංකාවේ වගේම තමයි. ගොඩාක් මිනිස්සු තමන්ගේ ජීවිතේම කැපකරලා රස්සා කරනවා. ඒ මිනිස්සු හැමදාම මැරීගෙන වැඩකරනවා. ඒත් තව කොටසක් උපක්‍රමමශීලීව සල්ලි හම්බකරන්න ඉලක්ක කරගෙන වැඩකරනවා. එහෙම කට්ටිය ගොඩක්ම කරන්නේ "මාර්කටින්" වගේ තව කෙනෙක්ව අන්දන ජොබ්. ඒ ඇරෙන්න කොමිස් ගහන, පගා ගහන, එන්ජීඕ ඩොලර් හොයන ඔය ඔක්කෝටම වඩා දේශපාලනයට ගිහිල්ලා තමයි කෝටි ප්‍රකෝටිපතියෝ වෙලා තියෙන්නේ. මේවා නං ඉතිං ලංකාවට අදාළ නැහැ කියලා ඔයාලා දන්නවනේ.

ඒ කොහොම වුනත් ලංකාවට සමාන ලක්ෂණ තියෙන හින්දා "ඉක්මණින්ම කෝටිපතියෙක් වෙන හැටි" ඔයාලටත් අත්හදා බලන්න කියලා දෙන්න ඕන කියලා හිතුනා. තමන්ගේ ඇ‍ඟේ තියෙන ලැජ්ජාව, බය , ආත්ම ගෞරවය වගේ ඉල්ලුම් සැපයුම් න්‍යායට ගැ‍ලපෙන්නේ නැති හැඟීම් අවයව ටික කපලා දැම්මම මගේ පාඩම හොඳින්ම
භාවිතාකරන්න පුළුවන් වේවි.

ක්‍රමය කියන්න ඉස්සෙල්ලා "කොමිස්ලන්ත" වටපිටාව පොඩ්ඩක් කියල ඉන්නම්. සමහර දේවල් ලංකාවේ වගේම වගේ කිව්වත් මේවා පටලවගන්න එපා කියලා මම මුලින්මත් කියලා තියෙනවා කියල මතක තියාගන්න.

කොමිස්ලන්තේ පාලනය කරන්නේ නිලනොවන රජෙක්. මම එහෙම කිව්වේ රටේ නීතියට අනුව යාවජීව ජනාධිපතිකමක් ජනාධිපතිතුමාට පවරලා තියෙනවා. ‍ප්‍රාන්ත පාලනය තමන්ගේම ලේනෑයන් වගේම, මීළඟට රජවීම සඳහා රජතුමාගේ පුතාත් දත කට නියවගෙන ඉන්නවා. මෙහෙ ඉන්න මොළකාරයෝ ක්ෂණයෙන් කෝටිපතියන් වීම සඳහා සූක්ෂම, ඒත් ඉතා පහසු ක්‍රමම භාවිතා කරනවා.

රටේ නිෂ්පාදනයක් නැති නිසාත්, පිටරටින් ණයට ගන්න සල්ලි වලින්, පිටරටින් එන බඩුගන්න හින්දත් රට ඇතුලේ දේකට සම්බන්ධ වෙලා කෝටිපතියෝ වෙන එක ලේසි වැඩක් නෙවෙයි. අනික එහෙම වුනත් ඒක සක්විති පන්නයේ ගේමක් වෙන්න ඕන. එහෙම කරලා මිනිස්සුන්ගේ ශාපෙ වැදිලා තමන්ගේ කර්ම ඵලයක් වගේ තමන් පස්සේ එයි කියල බයකුත් ඒ රටේ ඉන්න මින්ස්සුන්ට තියෙනවා.

මෙකී නොකී දෙවල් නිසා "ක්ෂණික කෝටිපතියන් වීම" වගේ දේකට මේ අය සම්බන්ධ වෙන්නේ ලංකාවේ වගේ "විදේශ ආධාර" ලබන යෝජනාවලට, ව්‍යාපෘතිවලට. විදේශ ආධාර දෙන්න ඒ ඒ රටවල රජයන්ම සෘජුව සම්බන්ධ වුනු ආයතන තියෙනවා. හරියට US AID, EUROPIAN COMMISSION, GTZ, JAICA, NORAD වගේ අය ලංකාවට දෙනවා වගේ.

අර අපි ඉස්සෙල්ලා කිව්ව රටවල් වගේ රටවල් ධනවාදී ක්‍රමය හොඳින් ස්ථාවර වෙලා තියෙන නිසාත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රික ව්‍යුහය ශක්තිමත් නිසාත් විදේශ ආධාර ව්‍යාපෘති ක්‍රියාත්මක කරනකොට ධනේෂ්වර පන්ති ක්‍රමය ශක්තිමත් කිරීම, ලිබරල් ක්‍රමය ස්ථාවර කිරීම, ධනේෂ්වර ප්‍රතිවිරෝධතා මර්දනය වගේ දේවල් පළල් ලෙස ඉලක්ක කරන හින්දා තමන් විසින් ලබාදෙන ආධාර ගෙඩිය පිටින් ගසාගෙන කන්න කාටවත් ඉඩතියන්නේ නැහැ. අඩුම තරමින් මේ ආධාර හින්දා ඔවුන්ට ගැති ආයතන ව්‍යුහයක්, ප්‍රභූ පිරිසක් වත් අදාළ ආධාර ලබාගන්නා රටේ ස්ථාපිත කර තියෙනවා. ඒක හින්දා මේ වගේ විදේශාධාර ලබාගෙන හොඳට ජීවත්වෙන්න හැකියාව ලැබුණත් කෝටිපතියෙක් වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඉතිං කෝටිපතියෙක් වෙන්න නම් ආධාර ලබාගන්න ඕන ඉස්සෙල්ලා මම කියපු පුර්ව ගතිගුණ නැති රටවලින්. ඒ කියන්නේ ධනේෂ්වර පන්ති වුවමනාවන් සඳහා සෘජුව පෙනී නොසිටින, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත නොවුණු, අළුතින් ආර්ථික ලෝක ආර්ථික ආධිපත්‍යය ලබාගන්න පොර කන රටවල් වලින්. හරියට ලංකාව වගේ රටකට ඉන්දියාව, චීනය වගේ රටවල්. මොකද හරියට ප්‍රජාතන්ත්‍රවාදය තබා නාමික සභ්‍යත්වයවත් හරියට ස්ථාවරව නැති හින්දා ආධාර ලැබෙන රටේ ඉන්න පාලකයින්ගේ ‍ඕනෑම ගෝත්‍රික වැඩකට මේ අය එකඟ වෙනවා. එහෙම කරනකොට "ක්ෂණික ‍කොටිපතියන්" බිහිවීමේ ඉඩකඩ පළල් වෙනවා.

ඉතිං ක්ෂණික කොටිපතියන් බිහිකරන "කොමිස්ලන්තෙ" ක්‍රියාවලිය ඉතාම සරල දෙයක්. ඒකට මුලින්ම කරන්න ඕන පාලනයේ ඉන්න රජතුමා හා ඔහුගේ පවුලේ අයට හිමින් සිරුවේ සමීප වීම. කෝටිපතියෙක් වෙන්න යන ගමනක් හින්දා තමන්ගේ අම්මා, තාත්තා, ළමයා, බිරිඳ තබා මුළු ලෝකයම වුනත් පාවා දෙන්න දෙපාරක් හිතන්න ගියොත් නං ඕං වැඩේ කෙරෙන්නෙ නෑ...!

ඊට පස්සේ ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ආර්ථික ආයෝජනය කරන්න පුළුවන් තැනක් හොයාගන්න ඕන. කොමිස්ලන්තේ අගනුවර හැරුණුකොට අනෙක් කිසිම දිස්ත්‍රික්කයකවත් යටිතල පහසුකම් තබා මූලික පහසුකම් වත් ක්‍රමවත්ව ගොඩනඟලා නැති හින්දා මිලියන 1000 ඉක්මවන යෝජනාවලික් ඉදිරිපත් කරන එක එච්චර අපහසු දෙයක් නෙවෙයි. කොමිස්ලන්තේ තියෙන කටපාඩම් අධ්‍යාපන ක්‍රමය හින්දා නිර්මාණාත්මක චින්තනයක් නැති එකේ කොටුවට එළියෙන් පොඩ්ඩක් හිතුවනම් එච්චරයි.

දැන් අපි බලමු කෝටිපතියා හැදෙන්නේ කොහොමද කියලා….!

විදේශ ආධාර ගන්න හදන හින්දා අපි ඇස්තමේන්තු ඉදිරිපත් කරන්න ඕන ඇමරිකන් ඩොලර් වලිනුයි. උපකල්පනය කරමු අපි ඩොලර් මිලියන 2000 ක ඇස්තමේන්තුවක් හැදුවා කියලා. ඒක හැදුවට පස්සේ ව්‍යාපෘති යෝජනාවත් එක්ක අර කියපු කොමිස්ලන්තේ රජ පවුලට ලංවෙන එක තමයි කරන්න තියෙන්නේ. ඒත් ඉතිං තමන්ගේ අදහසේ සංකල්පය ගැන කෙළපිඩක් වත් එළියට නොදාන්න පරිස්සම් වෙන්න ඕන. නැත්තං තමන්ට ඉස්සෙල්ලා වෙන කෙනෙක් කෝටිපතියෙක් වෙයි තමුන්ගේ යෝජනාව විකුණලා.

රජතුමාගේ එක්ක එක කුසේ බල්ටි ගැහුව කෙනෙක් තමයි කොමිස්ලන්තේ සම්පුර්ණ ආර්ථික සංවර්ධන කටයුතු භාරව ඉන්නේ. රට සංවර්ධනය තබා‍ පොලිස් කාරයෙක්ට රුපියල් සීයයක් වත් ගන්න බැහැ ‍මේ මිනිහට නොදී. ඉතිං තමන්ගේ ව්‍යාපෘති යෝජනාවත් එක්ක ගිහිං මේ කොමිස් ඇමතිතුමාට 10%ක කොමිස් මුදලක් (ඒ කියන්නේ ‍ ව්‍යාපෘතියේ මුදලින් ඩොලර් මිලියන් 200ක්) දෙන්න එකඟ කරවාගන්න ඕන. එතන තියෙන්නෙ ව්‍යාපෘති යෝජනාවේ ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක භාවය පිළිබඳව ඇතිවෙන පරස්පරතා නෙවෙයි, තනිකරම කොමිස් මුදලේ ප්‍රමාණයට එතුමා කොච්චර දුරට එකඟවෙනවද කියන ප්‍රශ්ණයයි. ඉතිං තමන්ගේ තියෙන කේවල් කිරීමේ හැකියාව අනුව මේ ප්‍රතිශතය 7%කට විතර අඩුවෙන්නත් 15%කට විතර වැඩිවෙන්නත් පුළුවන්. මේක හරියට දැලිපිහියෙන් කිරිකනවා වගේ වැඩක්. මොකද වැඩේ වැරදුනොත් "දේශද්‍රෝහියා" කියන සන්නම් නාමය නොමිලේ ලබාගන්නත්, ජීවිතාන්තය දක්වා හිරේ ලගින්න උනත් කටයුතු ‍සැලසෙන්න පුළුවන්.

ඕං දැන් ලොකුම වැඩේ ඉවරයි. ඊට පස්සේ ඉන්නවා කොමිස්ලන්තේ භාණ්ඩාගාරයේ ප්‍රධාන පරිපාලකයා. මිනිහා කොහොමටත් රජා වෙනුවෙන් බෙල්ල තියන්න සූදානමින් ඉන්නේ. මොකද රජාගේ දූෂණ වුනත් මිනිහාගේ කරින් යන්න පුළුවන්. රජවරුවන්ගේ හැම දූෂණයකට හවුල්වෙලා පනිෂ්මන්ට් එහෙමත් කාලා තියෙන පළපුරුදු මහත්මයෙක් තමයි මෙයා. මිනිහත් 2% ඉඳන් 4% දක්වා කොමිෂමක් ඉල්ලනවා. ඒකත් දීලා කොහොමහරි ව්‍යාපෘතිය ‍අනුමත ‍කරගත්තොත් වැඩේ අමාරුම කොටස ඉවර වෙනවා.

බැලූ බැල්මට මේ වැඩේ ඇතුලේ ලොකු ඇඟ වෙහෙස කරවිලිවත්, වෙන අනංමනං කරදර වත් පේන්න නැහැ. කරන්න තියෙන එකම දේ තමයි ලොක්කන්ට අදහසක් දිලා තමනුත් ඒකෙන් ගානක් තියාගන්න එක. හැබැයි පුතෝ, ඕං මුන් ලෝක අණ්ඩයෝ. ඒක හින්දා තමයි ගේමක් ගහන්න යන කෙනා සීරුවෙන් වැඩ කරන්ඩෝනේ. එතනදි ගොඩාක්ම පිරිසකට වෙන්නේ තමන්ගේ යෝජනාව කුණුකොල්ලෙට පැහැරගන්න දීලා බලන් ඉන්න වෙන එකයි. ඒක වෙන්නේ මෙහෙමයි.

මම මුලින්ම කිව්වා වගේ මේ ගේම් හොඳට ගහන්න පුළුවන් අළුතින් ආර්ථික ආධිපත්‍යය දරන්න ආපු රටවල් එක්කයි. බොරුවට පිටට පේන්න තිබුණත්, මේං මේ කස්ටිය සභ්‍යත්වය, සදාචාරය තඹ සතයකටවත් ගණන් ගන්නේ නැහැ. හරියට ඔය ලිංගික පාපය ගැන කුහක බණ කියන එකෙක් ඇස්වහපු ගෑණියෙක් එක්ක ඇඳක තියනවා වගෙයි. තමන් කියන්නේ මොනවද කියලවත් මුන්ට අමතක වෙනවා.

තුන්වෙනි ලෝකයට තමන්ගේ ආධිපත්‍යය දාන්න අවස්ථාවක් ආපු ගමන් කිසිම දෙයක් හොයන්න උන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතිං මේක ගැන දන්න අපේ රජතුමාගේ එක කුසේ බල්ටි ගැහුව පුංචා කරන්නේ තමන්ට කවුරුහරි අදසහක් දාපු ගමන් අදහස කියපු මිනිහටත් හොරෙන් කෙළින්ම අර ආධාර දෙන රටට ගිහිං අමු අමුවේ විකුණලා තමන්ගේ කොමිස් මුදල ස්විස් බෑන්ක් අකවුන්ට් එකට දා ගන්න එකයි. එතනින් පස්සේ තමන්ට එල්ලවිය හැකි ‍චෝදනා ගැන දන්න හින්දා මුලින්ම කරන්නේ අර යෝජනාව දාපු මිනිහව නැත්තට නැති කරන එකයි. ඒකත් එක්ක ගත්තම "ක්ෂණීක කෝටිපතියා" වීම පහසුයි වගේම භයානකයි…!

අවසාන වශයෙන් කෝටිපතියා බිහිවෙන්නේ මෙහෙමයි. ඔය සියළු බාධක මැඩගෙන ඉදිරියට ගිය පුද්ගලයා තමන්ගේ කොමිස් මුදල හැටියට ඉල්ලන්නේ 1% මුදලක් පමණයි. ඒ කියන්නේ ඩොලර් මිලියන 20යි. (ඇමරිකන් ඩොලරයක් රු 110 ක් ලෙස ගත්තත් මේ මුදල රුපියල් මිලියන 2200ක්, කෝටි 220ක්) ඔන්න එතකොට කෝටි නෙවෙයි ප්‍රකෝටි පතියෙක් ක්ෂණිකව කොමිස්ලන්තේ පහළ වෙනවා. එතනින් පස්සේ ඔය යෝජිත ව්‍යාපෘති කොමිස්ලන්තේ ඊළඟ අයවැය වාර්තාවට ඇතුලත් වෙන එක එච්චර දෙයක් නෙවෙයි.

මාධ්‍යවල බයිලා ගහන ආචාර්ය මහාචාර්යවරයෙකුට රු 1,00,000ක් දුන්නත් මොකද ඔය ව්‍යාපෘති ගැන වර්ණනාවක් කරනවා නම්. ඔය යක්කු විශ්ව විද්‍යාලයේදි මාසෙකටම ගන්නෙත් රුපියල් 50000යි…!

ලංකාවේ ජාතික ව්‍යාපෘතික් බිහිවෙනවා පිට ඉන්න අපිට පෙන්නේ ආසියාවේ ආශ්චර්ය පහළවුනා වගෙයි. සමහරවිට ඊළඟ අවුරුද්දෙ එක අමාත්‍යාංශ පහකට තියෙන එකම වැඩේ බවට මේ යෝජනාව පත්වෙනවා. ව්‍යාපෘති නිසා පරිසරයට, වන සත්තුන්ට තියා මිනිස්සුන්ට වුනත් හෙණ ගහලා ගියාට ගණන් ගතයුතු නැත. ව්‍යාපෘතියට අදාළ "සියළු භාණ්ඩ වැඩි මිලට ආධාර සපයන රටෙන් ලබාගත යුතුයි" යන කොන්දේසි හෝ "කම්කරුවන් එම රටෙන් ආනයනය කළ යුතුයි" වැනි කොන්දේසි පඩයකටවත් ගණන් ගත
යුතු නැත.

කොහොම වුනත් ව්‍යාපෘතිය අනුමත වුනාට පස්සේ ඒකේ නිර්මාපකටය තියෙන්නේ තමන්ගේ 1%ක කොමිස් මුදල අරගෙන කොපිරයිට් පිටින් රජපවුලට බාර දෙන්න. එක හොරකමකින් පස්සෙ, අදින්නාදානාව මාර පවු වැඩක් වගේ විකාර ඔලුවෙ හොල්මන් කරන්ඩ ගත්තොත් එහෙම, ක්ෂණික කෝටිපතියට තමන්ගේ ජීවිත කාලෙම පැත්තට වෙලා ජීවත් වෙන්නත් ඕන නම් අවකාශ තියෙනවා.

සල්ලි හොයන්න නියම ධනාත්මක චින්තනය මේකයි! කොමිස්ලන්තේ නම් සමහරු තමන්ගේ නිවස රුපියල් කෝටි 10ක් විතර වැය කරලා හදලා, තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට කෝටි 50ක් විතර වැයකරලා, තමන්ට ඡන්දෙ දුන්න අයට හොඳට සළකලා, තවත් කොටි 100ක් විතර පොතේ දාගන්නත් මේ වගේ ව්‍යවසායකයන්ට හැකිවෙලා තියෙනවා.

ජොබ් නැතුව වේලෙන උපාධිදාරීන්ට, ඔළුව තිබුණත් අතමිට නැති ව්‍යවසායකයන්ට, අවසාන වශයෙන් වේලි වේලි ඉන්න ලංකාවේ තාරුණ්‍යයට, ගෙවල්වලට නාකි වෙවී නියපොතු කිලෝ ගණං කකා ඇපෙන්ඩිසයිටිස් හදා ගන්නවා වෙනුවට.... කරනව නම් මෙන්න වැඩ.........!!!

පසුසටහන-

මේ වැඩේ පටන් ගැනීමට අයෙක් උත්සාහකරනවා නම් මුලින්ම මානසිකව ඒ සඳහා සූදානම් විය යුතුයි. ඒ සඳහා හොඳම අභ්‍යාසයක් වන්නේ ලංකාවේ පවතින පොඩි පොඩි ව්‍යාපෘති (පාරවල් සෑදීම, තාර දැමීම, විදුලිය ලබාදීම, නල ජලය ලබාදීම වැනි) සඳහා වැයවන මුදල් ගැන සඳහන් බෝඩ් ලෑලි කියවීමය. ඒ සඳහන් වන මුදලින් 1%ක සිට 5% දක්වා ශුද්ධ ලෙස කොමිස් ලබාගත හැකි බව සිතේ තබා ගත යුතුය. එය මෙකී ව්‍යවසාය සඳහා යොමුවීමට මනා උත්තේජනයක් සපයනවා නියතය. වැඩිකල් නොගොස් අදම වැඩ අරඹමු…!!!!
copyright by http://www.boondi.lk/

Monday, July 5, 2010

චන්ද්‍ර මඩුලු කොහේ සැඟ වුණා දෝ



සඳ හැංගිලා වලා රොදින් - චන්ද්‍ර මඩුළු නෑ පෙනෙන්නේ
තරු දරුවෝ වැලපෙයි - සඳ නෑ තාමත් එය දන්නේ

ගං ඉවුරේ සුදු වැලි තලා - ගණ අඳුරේ සැඟවෙයි
දිය කෙළිය කිඳුරියෝ - සෝ දුකින් විමසයි

සඳ කොහේද නොදනියි - ඇගේ එළිය නොපෙනෙයි
වලා රොදින් විමසයි - උනුත් දැන් නිහඩයි

මේඝයනි මෙය අසාපන් - විහඟුනේ ගොස් කියාපන්
කවටකම් දැන් ඇතියි - සඳට ගොස් කියාපන්

සඳ එළිය නොමැති මේ - රාත්‍රීන් අඳුරුයි
සේපාලිකා නොපිපෙයි - ලෝකයම නිසලයි

වලා රොදට මුවා වෙලා - චන්ද්‍ර මඩුලු හංගා ගෙන
නුඹේ මේ කවටකම් - බලා ඉඳලා හරි වෙහෙසයි

නුඹේ ඔය මුරන්ඩු කම - මඳකටවත් පසෙක තබා
හොරැහින් වත් එබී බලා - එළිය කරන් මගේ ලොවත්

දහම් සොඬ වූ- (එදා) සුරා සොඬ මිතුරාට




රතු ලේ සමග කිරිබත අනා කන
එකොන්ට ගල් ගසා පබා රජ ගෙට යවන
මධ්‍යම පන්තියෙ මධ්‍යම ප්‍රතිපදා මැද
පුදුමයි උඹත් ඉඳගෙන අරුමැසි අසපුවක

ළා රන් පාට අමා දිය
බිඳ බිඳ ගලන විට නහර
සිඳ බිඳ මේ සසර දුක
ලද නිවන තියේවිද ඔතැන

තණ්හාව හැරපියා, පසුම්බිය පතුල සූරා
තවත් බෝතලයක් දන් දුන් අයුරු මතකද
හිතේ අඳුරු අහුමුළු වල ලැග්ග
පාප සිතුවිලි අපි වැමෑරුවෙ නැද්ද?

යමක් පිළිගන්න පෙර නුවණින් විමසන්න
එහෙම කිව්වෙත් භගවත් ගෞතමයන් නොවෙද
පවුල පන්සල පාසල රාජ්‍යය
නැණ සැතින් විමසුවෙමු අපි එකල

මමය මගේය යන මෝහාන්ධකාරය
බොඳව දියව ගිය නිරාමිස ඇසිල්ලක
සිඳි සිඳී යන විට පිරී ගිය මධු බඳුන
පසක් කලා නේද සියලු දේ අනියත වග

සිදුහත් වුනත් ගියා ගොඩක් ගුරුවරු ලඟට
අහිතක් නෑ මිතුර ඔබත් තව දුර යන්න
නහුතයක් උතුරු සළු යට කුණු වූ හදවත් දැන ඇඳින
එන්න ආ පිට අපි ඉන්නවා නේරංජනාවෙන් මෙපිට
copyright by http://www.boondi.lkt by http://www.boondi.lkcopyrightcopyright by http://www.boondi.lk by http://www.boondi.lk

නිදහස් අරගලයේ ආදර්ශය, භගත් සිං'

නිදහස් අරගලයේ ආදර්ශය, භගත් සිං'


".... සැමකෙක්ම පවසනුයේ සත්‍ය ආගම තමන්ගේ විශ්වාසය පමණක් බවය. දුෂ්ඨත්වයේ මුල මෙයයි. අනාගත අරගල‍ය සඳහා මතවාදී ආයුධ අපට සපයන පුරාතන චින්තනයන්ගේ අදහස් සහ අත්හදා බැලීම් සංවර්ධනය කරනු වෙනුවට අපි ගතානුගතික ආගමක සිරවෙමු. මෙලෙස මිනිසාගේ පිබිදීම නිශ්චල ජලාශයක ගිල්වා දමයි."

"ප්‍රගතිශීලීත්වය වෙනුවෙන් පෙනී සිටින සෑම පුද්ගලයෙකුම පැරණි විශ්වාසයන්ගේ සියලු ඇදහිලි විවේචනය කිරීම අත්‍යවශ්‍යය. කරුණෙන් කරුණ පැරණි විශ්වාසයන්ගේ ගුණය අභියෝගයට ලක් කල යුතුය. සියලු විස්තර විශ්ලේෂණය කර වටහා ගත යුතුය. දැඩි තර්කනයකින් පසුව පවා ඕනෑම දර්ශනයක න්‍යායක් විශ්වාස කිරීමට යොමු වෙයි නම් ඔහුගේ විශ්වාසය පිළිගැනීමට ලක් වේ. ඔහුගේ තර්ක ක්‍රමයේ අඩුපාඩු පැවතිය හැකිය. නැතහොත් සාවද්‍ය විය හැකිය. ඔහුගේ ජීවිතයට මඟ පෙන්වන මූලධර්මය තර්කය බැවින් නිවැරදි වීමට ඔහුට අවස්ථාවක් තිබේ. එහෙත් අන්ධ විශ්වාසය විනාශකාරීය. එය මිනිසා සිය අවබෝධයේ ශක්තියෙන් ගලවා ප්‍රතිගාමියෙකු බවට පත් කරයි."

"තමා යථාර්ථවාදියෙකු යයි හඳුන්වා ගන්නා ඕනෑම පුද්ගලයෙකු පැරණි විශ්වාසයන්හී සත්‍යයට අභියෝග කළ යුතුය. විශ්වාසයට තර්කයේ නිර්දය ප්‍රහාරයට ඔරොත්තු දිය නොහැකි නම් එය බිඳ වැටේ. ඉන් පසු ඔහු‍ගේ කාර්්‍යය විය යුත්තේ නව දර්ශනයක් සඳහා මූලික කටයුතු වල නියැලීමය. නිශේධනාත්මක පක්ෂය මෙයයි. ධනාත්මක කටයුතුවලට එළැඹෙනුයේ ඉන් අනතුරුවය. එහිදි පැරණි කාලයේ ඇතැම් ද්‍රවශ නව දර්ශනයේ කුළුණු ඉදිකිරීමට භාවිතා කළ හැකිය. මෙම කේෂ්ත්‍රයේ ප්‍රමාණවත් අධ්‍යයන සිදුකර නොමැති බව මම පිළිගනිමි. පෙරදිග දර්ශනය හැදෑරීමේ දැඩි අභිලාෂයක් මා තුළ තිබුණ ද මට ඒ සඳහා තිබුණේ සීමිත අවස්ථාවක් සහ කාලයකි.එහෙත් මා ඉපැරීණ විශ්වාස ප්‍රතික්ශේප කල පමණින් එය විශ්වාසයක් තවත් විශ්වාසයයකට එරෙහිව යෙදවීමක් නොවේ. ඊට වඩා ඉපැරණි විශ්වාසවල ගුණයට ප්‍රබල තර්ක මඟින් අභියෝග කිරීමට මට පුලුවන. මානව ප්‍රගමනය රඳා පවතින්නේ සොබා දහම පාලනය කිරීමට මිනිසා දක්වන සමත්කම මත බව අපි විශ්වාස කරමු. එය පසුපස සවිඥානික බලවේගයක් නොමැත. අපගේ දර්ශනය එයයි."
copyright by http://www.boondi.lk

friendship

I Miss You So Much

ADARA THATHTAA

nice



what do you thik abut ?

අතීත සටහන්

Related Posts with Thumbnails